සිංහල සිනමාවට ආදරණීය ප්‍රාර්ථනාවක්…

Avatar Kavinu Weerakkody | January 26, 2022 748 Views 1 Like 3.67 On 3 Ratings

748 Views 3.67 On 3 Ratings Rate it

නුදුරු දිනකදීම ලාංකීය සිනමාවට එකතු වන්නට තිබෙන නවතම සිනමා නිර්මාණයක් තමයි “ආදරණීය ප්‍රාර්ථනා” නමින් හඳුන්වන්නේ. චිත්‍රපටයේ නමෙන් හැඟෙන විදිහටම ආදරණීය ප්‍රාර්ථනා romantic කැටගරියට අයත් වෙන upcoming නිර්මාණයක්. තුන්කොන් ආදර කතාවක් වටා ගෙතෙන මේ සිනමාපටයේ ප්‍රධාන චරිත සඳහා එක්ව තිබෙන්නේ ශනුද්‍රි ප්‍රියසාද්, නෙත්මි රොශෙල් සමඟින් රාහුල් වරාවිටගේ යි.

මෙරට ජනප්‍රිය වූ ගීත රූප-රචනා විශාල ප්‍රමාණයක් නිර්මාණය කළ වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කෙරුණු පළමු වෘතාන්ත සිනමාපටය වන්නේ ද මෙයයි. රාහුල්, මේනකා සහ පාරමී අතරේ දෝලනය වන තුන්කොන් ආදර කතාවක් ඇසුරෙන් ගලා යන ආදරණීය ප්‍රාර්ථනා සිනමාපටයේ පළමු ටීසර් පටය ද මේ වනවිට You Tube අවකාශයට නිකුත් කොට තිබෙනවා.

ප්‍රධාන ශානරයේ Bollywood Romantic සිනමාපටවල දක්නට ලැබෙන colorful visual අභාෂයත් රැගෙන නිර්මාණය වී තිබෙන මේ චිත්‍රපටය, බොහෝ කලකට පසු ලාංකීය සිනමාවට එක්වන වර්ණවත් සිනමාපටයක් ලෙසත් හඳුන්වන්නට පුලුවන්. නමුත් මෑතකාලීන මෙරට romantic moviesවලට වඩා යම් වෙනසක් ආදරණීය ප්‍රාර්ථනා සිනමාපටයෙන් දක්නට ලැබෙන බවත් නිෂ්පාදකවරුන් විසින් පවසා තිබෙනවා. ඒ මෙම නිර්මාණය ගීත බොහෝමයක් පිරුණු සංගීතමය චිත්‍රපටයක් වන නිසාවෙනුයි.

වාසව බදුගේ සහ යසස් මැදගෙදර සුසංයෝගයෙන් නිර්මාණය වූ මෙම සිනමාපටයේ සම්පූර්ණ ධාවන කාලයෙන් විනාඩි 40ක පමණ කාලයක් ගීත සඳහා වෙන් කර තිබෙන අතර මෙහි ඇල්බමය ගීත 08කින් සමන්විත වනවා.

ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ තිර පිටපත රචනා කර තිබෙන්නේ මලිඳු ගජධීර හා රංගනාත් වීරසිංහ විසිනුයි. කැමරාකරණය සහ සංස්කරණය ද වාසව බදුගේ විසින්ම සිදු කොට තිබෙනවා. යසස් මැදගෙදරගේ සංගීතයෙන් හැඩ වන මෙහි ගී පද සියල්ලම රචනා කර තිබෙන්නේ ශෙහාන් ගලහිටියාවයි. භාතිය-සන්තුෂ්, යසස් මැදගෙදර, යශෝදරා මැදගෙදර, රිද්ම වීරවර්ධන, සුපුන් පෙරේරා ඇතුළු පිරිසක් ගීත ගායනයෙන් සම්බන්ධ වනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟන ශනුද්‍රි ප්‍රියසාද්, නෙත්මි රොශෙල් සහ රාහුල් වරාවිටගේට අමතරව නිමේශ් වීරංග, මිහිරංගි හෙට්ටිආරච්චි, පවිත්‍රා වික්‍රමසිංහ, ප්‍රියංකා ප්‍රියදර්ශනී, ඩොනවන් අරුණාසලම් වැනි රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්ද උප ප්‍රධාන චරිත සඳහා එක්ව තිබෙනවා.

යසස් මැදගෙදර, රාහුල් වරාවිටගේ හා ශෙහාන් ගලහිටියාව සමඟින් 2019 පමණ කාලයේදී නිෂ්පාදන කටයුතු ඇරඹි ආදරණීය ප්‍රාර්ථනා සිනමාපටයේ රූපගත කිරීම් සියල්ලම මේ වනවිට අවසන් කොට තිබෙනවා. මෙරට තරුණ ප්‍රේක්ෂකාගාරය මුල් කර ගනිමින් නිර්මාණය වූ මෙහි දර්ශන කිහිපයක් ඕස්ට්‍රේලියාවේ ද රූපගත කරන්නට සැලසුම් කර තිබූ නමුත් කොවිඩ් බලපෑමත් සමඟ එය නතර වී තිබෙනවා. චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු සියල්ලම පාහේ ද අවසන් බවයි අන්තර්ජාලයේ දැක්වෙන්නේ.

ශනුද්‍රි ප්‍රියසාද් හා පවිත්‍රා වික්‍රමසිංහ හැරුණු කොට අනෙක් රංගන ශිල්පීන් සියලු දෙනාම පාහේ රංගනයෙන් සම්බන්ධ වූ පළමු චිත්‍රපටය මෙය වීමත් විශේෂත්වයක්!

ධනුෂ්ක පෙරේරා විසින් සහාය අධ්‍යක්ෂණය සිදු කළ මෙහි නිෂ්පාදන කළමනාකරු වන්නේ නිරෝශන් වෙලගෙදරයි. යෂී සිල්වා කලා අධ්‍යක්ෂණය හසුරුවා තිබෙනවා. සංස්කරණය සඳරුවන් පෙරේරා විසින් සිදු කොට තිබෙනවා. ආදරණීය ප්‍රාර්ථනා අංග රචනය හර්ෂ මාධව විසිනි. හරින්දි මැදගෙදරගේ නිෂ්පාදන සැලසුම්කරණය යටතේ රූපගත වූ මෙහි නිෂ්චල ඡායාරූප ශිල්පියා වශයෙන් කටයුතු කර තිබෙන්නේ විරාජ් ප්‍රනාන්දුයි.

සිනමාපටය වාසව බදුගේ සහ යසස් මැදගෙදරගේ සම නිෂ්පාදනයක්…
මෙහි විධායක නිෂ්පාදකවරයා වන්නේ ඉශාන්ත විතානගේ යි.

විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් කෝවිඩ් වසංගතය අතරේදී රූපගත කිරීම් අවසන් කළ ආදරණීය ප්‍රාර්ථනා සිනමාපටයේ ගීත කිහිපයක්ම ඔබට දැන් රස විඳින්නට පුලුවන්. තිරගත වන දිනයක් ගැන තවමත් දැනුම් දී නැතත් හැකි ඉක්මනින්ම සිනමාශාලා ප්‍රදර්ශනය වෙනුවෙන් චිත්‍රපටය මුදා හරින බවටයි නිෂ්පාදක කණ්ඩායම පවසන්නේ. ශ්‍රී ලංකාවට අමතරව Mega Live Events ආයතනය හරහා විදේශ රටවල් කිහිපයකත් ආදරණීය ප්‍රාර්ථනා තිරගත කරන්නට සියලුම කටයුතු සූදානම්…

පහතින් දක්වා තිබෙන්නේ චිත්‍රපටයට සම්බන්ධ වූ නලු නිළි පිරිස සහ ප්‍රධාන කාර්මික ශිල්පීන්ගේ ලැයිස්තුවයි.

Movie : Adaraneeya Prarthana AKA ආදරණීය ප්‍රාර්ථනා
Directed by : Wasawa Baduge
Executive Produced by : Ishantha Withanage

Cast : Shanudrie Priyasad, Nethmi Roshel, Rahul Rishika, Nimesh Weeranga, Mihirangi Hettiarachchi, Ayush Perera, Pavithra Wickramasinghe, Anoma Wickramarachchi, Milton Sebastian,  Donovan Arunasalam, Thilini Liyanarachchi, Gayathri Rasingolla, Yashodha Medagedara, Yurandi De Soyza, Priyanka Priyadarshani, Chandana Rajaratne, Krishantha Mendis

Screenplay : Ranganath Weerasinghe, Malindu Gajadheera
Cinematography : Wasawa Baduge
Editing : Wasawa Baduge, Sandaruwan Perera
Music : Yasas Medagedara
Lyrics : Shehan Galahitiyawa,  Ayodhya Fernando

Assistant Director : Dhanushka N Perera
Production Manager : Niroshan Welagedara
Art Director : Yashi Silva
Production Designer : Harindi De Soysa
Makeup : Harsha Madhawa
Costume Design : Sammani Pathiranagama

Promo Stills : Viraj Fernando
VFX : Marigold
Designs : Marigold, Lahiru Gayashan, Sachith Gunasekara

International Distribution Partner : Mega Live Events

Share

748 Views 3.67 On 3 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.