සිනමාවෙන් කියවෙන මනුසත්කම – “සුනාමි”

Avatar Nisanka Weheraduwa | February 19, 2020 76 Views 0 Likes 0 Ratings

76 Views 0 Ratings Rate it

සටහන : ලක්ෂාන් නිලංක

සරෝජා, පුංචි සුරංගනාවි, සිරි රජ සිරි, සූරිය අරණ, සිරි පැරකුම් වැනි අති විශිෂ්ඨ සිනමාපට නිර්මාණයකල සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා නිර්මාණයවන “සුනාමි” මේ දිනවල අති සාර්ථකව තිරගත වේ.
2004 වර්ෂයේ සුනාමි කේදවාචකයට මුහුණ දුන් උතුරේ දමිළ පවුලක් සහ දකුණේ සිංහල පවුලක් ආශ්‍රිතව සිදුවුන සංවේදී සත්‍ය කතාවක් සෝමරත්නයන් විසින් මේ ආකරයට සිනමාපයකට නගා තිබේ. එක් දියණියක් දෙමව්පිය යුවලවල් දෙන්නෙක්යන සංකල්පය මූලික කරගෙන සෝමරත්නයන් විසින් සුනාමි නිර්මාණයකර තිබේ.

සෝමරත්නයන් සුනමි හරහා ලාංකීය ප්‍රේක්ෂකාගාරයේ හොදම නාඩිය ඇල්ලුවා කිවහොත් නිවැරැදිය.එනම් දාරක සෙනෙහස වෙනුවෙන් ආත්මාර්ථකාමීවීම, ජාතිබේද සැලකීම, පටු අාකල්පමය වශයෙන් සිතීම සිනමාපටයේ මුලින් දැක්වෙන අතර සිනමාපටය අවසානයේදී ඒ දාරක සෙනෙහස වෙනුවෙන්ම ආත්මාර්ථකාමීකම, පටු ආකල්ප, ජාතිබේද යනාදිය අතහැර අප සැවොම උත්සාහ කරන්නේ අපේ ළමයින්ට ආදරණීය යහපත් ලොවක් තනාදීමට බව ඉතාම සංවේදීව හා විචිත්‍රවත් ලෙස සුනමි සිනමාපටයෙන් ජනිත කරයි.

ලාංකීය ප්‍රේක්ෂකාගාරයට මෙවැනි ආකරයට සිතන්නට පෙළෙඹවීමක් අවශ්‍යම මොහොත මෙය යැයි කිවහොත් නිවැරැදිය. තමාගේ වාසිය ගැන පමණක් සිතන ආත්මාර්ථකාමී ආකල්ප මුල්බැසගෙන තිබෙන, ජාතිබේද ඉස්මතු කරගෙන වෛරක්කාරයො වී තිබෙන පටු ආකල්ප හේතුවෙන් මමත්වය පිළිබිඹු කෙරෙන කර්කෂ සමාජයකට සෝමරත්නයන් විසින් වස්සවනු ලැබුවේ දෙනෙත් කදුලින් තෙත් කරන ඉතාම සංවේදී නිර්මාණශීලි සෞන්දර්යාත්මක වැස්සකි.

සෝමරත්නයන්ගේ මෙහෙයවීමෙන් නිර්මාණයකරපු එම සෞන්දර්යාත්මක වැස්ස විශ්වා බාලසූරිය විසින් කැමරාකාචයට හසු⁣කරගෙන තිබෙන්නෙ ඉතාමත් අනර්ඝ ආකාරයට බවද කිව යුතුය. පසුගිය දිනෙක එම හැකියාව අගයා ජාත්‍යන්තරයෙන්ද ඔහුව සම්මානයට පාත්‍ර කලේය. හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි, නිරංජනී ෂංමුගරාජා, දර්ෂන් ධර්මරාජ්, ගිරිරාජ් කෞෂල්‍යය, කුමාර තිරිමාදුර යනාදී රංගන ශිල්පීන් විසින් ඉතාමත් අනර්ග රංගනයක් මෙහි නිරෑපනය කරයි. එමෙන්ම ප්‍රභාගේ චරිතයට පණපෙවූ මෙනාරි වීරතුංග ළමා නිලිය ගැනද විශේෂයෙන් කිව යුතුය. මෙය ඇය රංගනයෙන් දායකවූ පලමු සිනමා නිර්මාණය වූවත් කිසිදු ආදුනික බවක් නො⁣පෙන්වා ඉතාමත් තාත්විකව හා චරිතයට අදාල භාව හැසිරීම් නිසිලෙස ඉදිරිපත් කරමින් අති විශිෂ්ඨ රංගනයක නියැලුනු බව කිව යුතුය.

සුනාමි තවමත් නැරඹුවේ නැතිනම් දිවයින පුරා මේ දිනවල තිරගත වන මෙම අනර්ග සෞන්දර්යාත්මක අත්දැකීම ලබා ගැනීම සදහා තවම ඔබට අවස්ථාව තිබේ. සිනමාව ප්‍රියකරනඅය නැරඹිය යුතුම සිනමාපටයක් ලෙසද සුනාමි නිර්⁣දේශ කල හැක. ඒ ප්‍රේක්ෂකයන් සිත්සතන් ගහගෙන යාමට තරම්ම සෝමරත්නයන්ගේ සුනාමිය ප්‍රබල නිසාය.

සටහන : ලක්ෂාන් නිලංක

Share

76 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.