සිනමාහල් සියල්ලම යළිත් වසාදැමෙයි
රටතුළ ඇති සිනමාශාලා සියල්ල තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කරයි. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇතැයි පැවසේ.
ඒ අනුව ඔක්තෝබර් 31 වැනිදා තෙක් සියළුම සිනමාශාලා වසා තැබෙනු ඇති. කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශ නිර්දේශ අනුව කටයුතු කරීම අත්‍යවශ්‍ය බවත් එහෙයින් එම උපදෙස් අනුකුලව මේ පියවර ගෙන ඇති බවත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස පවසා තිබේ.
Written by Nisanka Weheraduwa