Sri Lanka's Best Cinema Portal

 

සිනමා සංස්කෘතිය පෝෂණයට සංස්ථාවෙන් නව වැඩපිළිවෙලක්

0
Posted February 27, 2019 by Nisanka Weheraduwa in Articles
NFC

සිනමා සංස්කෘතිය පෝෂණය කිරීම උදෙසා නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු යොදා තිබෙනවා. “මාසික සිනමා කතිකාව” නමින් නව වැඩසටහනක් මේ යටතේ සැලසුම් කොට ඇති බව චිත්‍රපට සංස්ථාව පවසනවා. මාසිකව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා විවිධ මාතෘකා යටතේ සංවාද ඇතුළත් කොට තිබෙනවා. එහි පළමු අදියරේ වැඩසටහන පෙබරවාරි 27 වැනිදා පැවැත්වෙනවා. කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේදී පැවැත්වෙනවා. සවස 3.00ට ආරම්භ වන මෙම වැඩසටහන සවස 6.00 දක්වා පැවැත්වෙන බව සංවිධායකයින් පවසනවා. සිනමාලෝලි සැමට මෙම වැඩසටහන සමග සම්බන්ධ වන ලෙස චිත්‍රපට සංස්ථාව ඇරියුම් කර සිටිනවා.

පෙබරවාරි මස ආරම්භ වන මෙම වැඩසටහන වසර අවසානය දක්වා ම්මාසිකව පැවැත්වෙන බවත් සෑම මසකම අවසන් බදාදා සවස වැඩසටහන පැවැත්වීමට සැළසුම් කරන බවත් චිත්‍රපට සංස්ථාව ප්‍රකාශ කරනවා. ඒ යටතේ පැවැත්වෙන ඉදිරි වැඩසටහන් මෙසේයි.

මාර්තු 27 වැනිදා – මහවැලි කේන්ද්‍රය, ආචාර්ය සුනිල් රණසිංහ සමග 21 වැනි සියවසේ සිනමාව මාතෘකාව යටතේ සංවාදයක්

අප්‍රේල් 24 වැනිදා – මහවැලි කේන්ද්‍රයේදී සංඛ්‍යාංක දෘෂ්‍ය සංස්කෘතික අවදියේ සිනමා රසවින්දනයේ විශේෂතා යන මාතෘකාව යටතේ ආචාර්ය ටියුඩර් වීරසිංහ සමග සංවාද මණ්ඩපයක්

මැයි 29 වැනිදා – ජීවිතය දර්ශනය සහ සිනමාව මැයෙන් සිනමාවේදී විමුක්ති ජයසුන්දර සමග වැඩසටහනක් තරංගනී ශාලාවේදී

ජුනි මස 26 වැනිදා – ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක සමග සිනමා රූපය මාතෘකාවෙන් සංවාදය

ජූලි 31 වැනිදා තරංගනී සිනමා ශාලාව – සිනමාව විපරාත කලාවක්ද මාතෘකාව යටතේ සමන් වික්‍රමාරච්චි සමග කතාබහක්

අගෝස්තු 28 වැනිදා – තරංගනී සිනමා ශාලාව – ශ්‍රී ලාංකීය සිනමාවේ සාධනීය ප්‍රවණතා හඳුනා ගැනීම – මහාචාර්ය පැට්‍රික් රත්නායක සමග

සැප්තැම්බර් 25 වැනිදා – ජ්‍යෙෂ්ට කථිකාචාර්ය අරුණ ලොකුලියන සමග දේශීය සිනමාව කලාවක් සහ කර්මාන්තයක් ලෙස මන් සංවාදය

ඔක්තෝබර් 30 වැනිදා සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනයට කර්මාන්තයේ බලපෑම මාතෘකාව යටතේ මහාචාර්ය පැට්‍රික් රත්නායක සමග සංවාදය තරංගනී සිනමාහලේදී

නොවැම්බර් 27 වැනිදා – සිනමාවේ නිර්මානාත්මක ප්‍රවේශය ප්‍රස්තුත ගවේෂණය – මහාචාර්ය ආරියරත්න ඇතුගල සමග තරංගනී සිනමාහලේදී

දෙසැම්බර් 26 වැනිදා (බ්‍රහස්පතින්දා) – තර්කොව්ස්කිගේ දර්පණය අභිමුව සිට ජීවිතය දැකීම මැයෙන් සිනමාවේදී අසෝක හඳගම සමග සංවාදය තරංගනී ශාලාවේදී

 

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2