Sri Lanka's Best Cinema Portal

 

සිරගත කළ ගැහැණිය කෙරෙහි වන පුරුෂ කේන්ද්‍රීය මතය – තරමණි

0
Posted November 26, 2018 by Nisanka Weheraduwa in Cinema Reviews
tharamani

අනුෂා සිවලිංගම්ගේ සටහනක්

*********************************************************************

උපුටා ගැනීමකි.

“තරමණි” ඉන්දියාවේ චෙන්නායි වලට එහාපැත්තෙන් තිබෙන සිටි එකක්. අතිශය නාගරිකත්වයක් සේම අතිශය දුප්පත්කමත් දෙඅතින් රඳා ජීවත් වෙන “තරමණි” නගරය තුළ ජීවත්වන මිනිසුන්ගේ අභ්‍යන්තරීක මෙන්ම බාහිර මිනිස් සංකීර්ණතා “තරමණි” නමින් ම චිත්‍රපටයකින් චිත්‍රනය කරන්නේ “තරමණි” චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක රාම්.

දකුණු ඉන්දීය දෙමළ සිනමාවට කියා යම් න්‍යායපත්‍ර තිබෙනවා. හොඳ නළුවෙක්, නරක හතුරෙක්, ලස්සන පවුලක්, ටිකක් පමණ හාස්‍ය, සෑමවිටම කල්ලියක් ලෙස නළුවා සමඟම සිටින යාළුවො රැලක්, ආදරය කියන ක්‍රමයන් ලෙස එම න්‍යායපත්‍රය කටයුතු කරයි. එයින් ද වාණිජමය ප්‍රධාන දාරාව ස්පර්ෂ කරනු ලබන චිත්‍රපටයක් නම් ඒවා තුළ මේ මේ අන්තර්ගතයන් අඩංගු වීම දැකගත හැකිය. මෙම න්‍යායපත්‍රය ඉතා සුළු චිත්‍රපට හැරෙන්නට, නොපිළිගත් චිත්‍රපටයක් නැති තරම් ය. මේ න්‍යායපත්‍රය විසි කර දමා නිදහසේ සැරිසරන සිනමා කෘතියක් ලෙස “තරමණි”හැඳින්විය හැකිය.
ජීවිතයේ ගමනක් යන අතරතුර ඇස දකින දේවල් face book එකට දමන විට අපූරු status සමඟ එය upload කිරීම දකින්න පුළුවන්. රාම්, ඔහු සිදු කරන්නේද සාමාන්‍ය ජීවිත වල සිදු වන ඇත්ත අමුවෙන්ම රූපයට ගෙන ඔහුගේ අදහස් සමඟ status දැමීමය.

ඇන්රියා ඇය. තනිව ජීවත් වන ගැහැණියක්. ඈට දරුවෙක් ඉන්නවා. සිය පුතා සහ මව සමඟ ඈ ජීවත් වෙනවා. අයි.ඩී නම් කොම්පැණියක HR ලෙස කටයුතු කරන ඈ ශක්තිමත් හදවතක් තිබෙන ගැහැණියක්. හැමෝම ඇගෙන් අහන්නේ කෝ ඔයාගේ හස්බන්ඩ් ?. ඇය කෙනෙකුට කියනවා එයා ඕස්ට්‍රේලියාවේ කියා. තවත් කෙනෙකුට කියනවා ඩුබායි කියා. තවත් කෙනෙකුට මිය ගියා යැයි කියනවා. තවත් කෙනෙකුට ඇමෙරිකා යැයි කියනවා. විවිධ අයට විවිධ උත්තර. සිය දරුවාට ද තවත් එවැනිම එක් උතතරක්. සමාජය ඇය හොඳ නැති (සාමජයේ ගෝත්‍රික සීමාවලින් පැනපු) ගැහැණියක් ලෙස ඈව හඳුන්වනවා. ඈ කොටට ඇඳීමත්, ආකර්ශනීය ලෙස ඇඳීමත් සැවොමටම ප්‍රශ්නයක්. බොහෝ දෙනා උත්සාහ දරන්නේ ඇය සමඟ එක් රාත්‍රියක් ගත කිරීමට පමණයි. ඇය අසන්නේ එවැන්නවුන්ගෙන් ඇයි මගෙන් මෙහෙම අසන්නේ කියා. එයට ලැබෙන පිළිතුර තමයි “you are sexy”.

sexy” බව මහලොකු දෙයක් ලෙස දැනෙනා සමාජයකට ඒ sexy පෙනුමට ඇතුලාන්තයෙන් ඉන්න ගැහැණියව පෙනෙන්නේ නැහැ. එහෙත් ඇන්රියා, ඇය ශක්තිමත් හදවතක් තිබෙන ගැහැණියක්. ඇය මෙවැන් ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ ඒ ශක්තිමත් හදවතින්.
මේ අතර රාම් මුණගැහෙනවා. ඔහු ද අතිශය සාම්ප්‍රධායික, සරලව කිව්වොත් සාරි අඳින කාන්තාවකට කැමති මානසිකත්වයකින් හෙබි පිරිමියෙක්. ඔහු යම් කාලයක එවැන් සාම්ප්‍රධායික ගැහැණියක් නාගරික ලෝකයට පිවිසීම දරාගැනීමට නොහැකිව පසුතැවුණු පිරිමියෙක්. එහෙත් ඒ ආදරය මොහුට අහිමි වෙන්නේ එම පසුතැවීමට නොව, සාමාන්‍ය මිනිස් හැසීරීමක් නිසාය. එනම් සෑම විටම මිනිස් මනස යොමු වන්නේ කෙනෙක් ව තවත් කෙනෙකු සමඟ සංසන්දනය කර තීරණ ගැනීමට පෙළඹීමයි. කෙනෙකුට වඩා කෙනෙක් හොඳයි නරක යැයි සිතීම නම් සාමාන්‍ය මිනිස් මනසේ ක්‍රියාකාරීත්වයට මොහුට ද මුහුණ දීමට සිදු විය. එහෙත් එලෙස සාමාන්‍ය ලෙස වෙනස් වුයේ ඔහු ආදරය කළ කාන්තාවයි. ඉතින්… එය සිතා තම ජීවිතයේ විඳීම සේම සුන්දරත්වය ද වැවුණු කොණ්ඩයකින් වසා ගන්නා මොහුට දිනක් ඇන්රියා හමු වෙයි. දැඩි වැස්සක් සමඟ. සාමාන්‍ය ලෙස ඇන්රියා මෙවැන් පෙනුමක් තිබෙන මොහු ස්ත්‍රී දූෂකයෙකු ලෙස සිතීමත්, ඇය මොහු දෙස බැලූ පෙනුමෙන්ම ඇය එලෙස සිතුවා යැයි දැනගත් මොහුගේ පිළිතුරත් මොවුන් තුළ යම් සම්නධයක් ගොඩනගන්න උත්සාහ දරනවා. ඒත් වැස්සත් සමඟම. ඔහු ඔහුගේ අතීතය ඇයට කියනවා. පෙම්වතී වෙනුවෙන් කෙනෙකුගේ ලක්ෂ 3 ක් සොරකම් කළ බවත් එම නිසා ඔහු හර්දයාබාධයකින් මිය ගිය බවත්, එම මරණයට හේතුව ඔහු බවත් කියනවා. ඇන්රියා එය සාමන්‍ය දෙයක් බවත් වැරදි නොකරන කිසිවෙකු නැති බවත් කියනවා. ආදරයක් අහිමි වූ ඊට රැවුල වවාගෙන සිගරට් බීම පරණ පැෂන් එකක් බවත් අදකාලේ ආදරය අහිමි වූ විට ලස්සන ෆොටෝ ගෙන එය facebook එකේ upload කිරීම නිව් ෆැෂන් එක බව කියනවා.

වැස්ස ඔවුන් දෙදෙනාව නැවත මුනගස්සනවා. ඔවුන් නැවත හමුවෙනවා. රාම් සහ අන්රියාගේ පුතු අතර මිතුරුකමක් ඇති වෙනවා. … සහ ඇන්රියා ද ඇයගේ පුතු ද ඒකට ගමන් යනවා. ජීවිතය ටිකෙන් ටික විඳින්න ඇන්රියා සහ ඇයගේ පුතු මිහුට කියා දෙනවා. දවසක් මොහු ඇන්රියාට ආදරය කරන බව කියනවා. ඇය සමඟ ජීවත් විය යුතු බව කියනවා. මුලින් එය අසා ඈ කෝප වුවත් පසුව “හැමෝම මගෙත් එක්ක නිදාගන්න ආස කරද්දී ඔයා විතරයි මාත් එක්ක ජීවත් වෙන්න ඕන කියලා හිතුවේ” කියා කියනවා. ඔහු සමඟ කතා බැහැ කිරීම නිසා ඇගේ මව ඇයට bich යැයි කියන්න කියා ඇගේ පුතාටම කියා දෙනවා. ඔහු අන්රියාගෙන් එය කුමක්දැයි අසා ආච්චි ඔයාට එලෙස පැවසුවා යැයි කීමෙන් පසු ඇන්රියා පුතු සමඟ ගෙදරින් එළියට බහිනවා. රාම්ගෙන් උදව් ඉල්ලන්නේ පාන්දර වනතුරු පමණයි. ඔහු මොවුන් දෙදෙනාව එක්කරගෙන යන්නේ දුම්රියපොළට. තිදෙනාම වාඩි වී සිටිනවා පාන්දර වනතුරු. මේ අතර ඇය අසනවා රාම්ගෙන් ඔයා ඇයි අහන්නේ නැත්තේ මගේ හස්බන්ඩ් කොහෙද කියලා? ඔහු කියනවා ඔයා කිව්වෙත් නැහැ මම ඇහුවෙත් නෑ කියලා. ඇන්රියා, ඇය කියනවා හැමෝටම එක එක කතා කියනවා මේ ප්‍රශ්නය මගෙන් අසන විට, ඒත් මමත් කාට හරි ඇත්ත කියන්න ඕන නේද කියල. ඇය කියනවා ඒ කතාව. ඈ කසාද බැඳ මාස කිහිපයකට ම පසුව ඈට දැනගන්න ලැබෙනවා සිය ස්වාමියා “ගේ” (සමරිසි පුද්ගලයෙකු) කෙනෙකු බව. ඒ කළුවරක ඔහු තවත්පුද්ගලයෙකු සමඟ සිටින විට. ඇය කෑ ගසා මුළු ගමටම කියන්නෙ නැහැ. ඇය තම මවටවත් පවසන්නේ නැහැ. ඔහු සමඟ කතා බහ කරනවා. ඇයි කසාද බඳින්න කළින් නොකිව්වේ කියා අසනවා. ඔහු කියන්නේ “කොහොමද මං මේ වගේ කියලා කියන්නෙ. ගෙදර අය සියදිවි නසා ගනීවි”. ඇය අසනවා ඔහුගෙන් ඈට කැමති ද කියා. “ගොඩක් කැමති බව කියනවා ඔහු. “නැහැ මාව ගැහැණියක් විදිහට කැමති ද?” ඔහු හිස වනා කියන්නේ නැත බව. ඇය කියනවා ඔහුට ඇගෙන් වෙන් ව යන්න කියා. හේතුව ලෙස ඇය හොඳ නැති ගැහැණියක් බව හෝ, ඈට වෙනයම් සම්බන්ධතාවයක් තිබෙන බව නිසා වෙන් වූවා යැයි නිවැසියන්ට පවසන්න යැයි කියා ඈ මොහුගෙන් වෙන් වෙනවා. ඇන්රියා කියනවා එම දුම්රියපොළේ දී මං එහෙම කිව්වේ මට සමාජයේ කතා දරාගන්න පුළුවන්. ඒත් ඔහුට එලෙස කරන්න තරම් මනසක් නැති බව. ඇය පවසන්නේ එලෙස වීම කාගේවත් වරදක් නොවන බවත්, එය සාමාන්‍ය දෙයක් ලෙස සිතීමට ඇයට හැකි බවත්. ඒ සමඟම ඈ පවසන්නේ දරුවෙක් බඩට ඇවිත් තිබෙන බව ඇය දැනගත්තේ ඔහුගෙන් වෙන්ව පැමිණි පසු ය කියා. ඔහු මෑ සමඟ යහන ගත වී ඇත්තේද වෙන කෙනෙකු සිතින් සිතා බවයි. එහෙත් ඇයට ඔහුව තේරුම් ගත හැකි බව ඇය අදටත් පවසනවා.
මේ කතන්දර සියල්ලේම අවසානයේ රාම්ට ඇය ආදරය කරනවා. මුල් කාළයේ දී ඇන්රියා පිලිබඳ කිසිඳු ගැටළුවක් නොවූ ඔහුට පසුව ඇය ඇඳ පළදින ආකාරය පවා ගැටළුවක් වෙනවා. ඇන්රියාට facebook මිතුරන් 2000 කට වඩා සිටීම ඔහුට පුදුමවන්නේ ඔහුට යහළුවන් 15 දෙනෙකු පමණ පමණක් සිටින නිසා බව ඔහුම වරක් ඈට කියනවා. ඇය අසන්නේ ඉතින් ඒකට මම මොනවා කරන්නද කියා. එතැනින් පටන්ගන්නා ඔහු සෑමවිටම ඉතාම අවමන්සහගත ලෙස ඈට බැන වදිනවා. ඒත් ආදරයත් කරනවා. වෙන පිරිමියෙකු හග් කරගත්තද ඔහු සිතන්නේ ඇය ඔහු සමඟ නිදන්ගත වූ බව. චිත්‍රපටයේ මැදකදී ආරම්භ වන මෙම සිදුවීම් පෙළ අවසානය දක්වාම දිගහැරෙනවා. අතිශය ලෙස ස්වාභාවික, එදිනෙදා ජීවිතයේ සැමටම මුණගැහෙන අතිශය මිනිස් අභ්‍යන්තරීක සංකීර්ණතාවයක් භාරිරෙන් ඉතිරී වැටීම මෙම කැමරා කෝණයේ ස්ථාන ගත වීම ඉතාම විශිෂ්ටයි.

ඇන්රියා මත්ද්‍රව්‍ය භාවිත කරයි. සිගරට් භාවිත කරයි. ඒ පිලිබඳ හොඳ හෝ නරක ලෙසද නාගරිකත්වය ද සාම්ප්‍රධාය ද ලෙස කිසිවක් නොසිතෙන ලෙස හෝ කළු සුදු ජීවිත ලෙස නොපෙන්වා එය හුදෙක් සාමාන්‍ය දෙයක් බව චිත්‍රපටය නරඹන විට ෆීල් වෙනවා. කාල ගණනාවක සිට කන්‍යා පටලය මත (“කර්පු” – පතිවත) හිරකරනා ගැහැණිය කෙරෙහි වන පුරුෂ කේන්ද්‍රීය මානය මෙම චිත්‍රපටය තුළ තීව්‍ර ලෙස කතා බහට ලක් කරනවා. “තරමණි” ශක්තිමත් කාන්තාවක් හා බැඳුණු කන්‍යා පටලය මත සිහින දකින සමාජයක කතා පුවතක්.

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2