“සුනාමි” ජාත්‍යන්තර මට්ටමේ නිර්දේශ 07කට හිමිකම් කියයි.
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි.
“සුනාමි”, නිර්දේශ නාමයන් 07 ක් සමග 2020- බයෙල්සා අන්තර්ජාතික සිනමා උළෙලට සුදුසුකම් ලබයි….
එළඹෙන ඔක්තොම්බර් 21 සිට 24 දක්වා නයිජීරියාවේ යොනගෝවා නුවර පැවැත්වෙන බයෙල්සා අන්තර්ජාතික සිනමා උළෙලේ (Bayelsa International Film Festival) තරගකාරී අංශය නියෝජනය කිරීමට සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ “සුනාමි” සිනමාපටය සුදුසුකම් ලබා ඇත. පළමු වරට පැවැත්වෙන මෙම උළෙල නියෝජනය කිරීමට ඇමෙරිකාව, ඉතාලිය, ඉන්දියාව, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය, නයිජීරීයාව, ග්‍රීසිය, ඉරානය, කෙන්යාව, ශ්‍රී ලංකාව ආදි රටවල් 26කට අයත් සිනමාපට 70 ක් නිළ වශයෙන් (Official Selection) සුදුසුකම් ලබා ඇති අතර, ඉන් සිනමාපට 30 ක් ජූරි තීරණ මත උළෙලේ පිරිනමන සම්මාන 14 ක් උදෙසා නිර්දේශ නාමයන් හිමි කොටගෙන ඇත. ඒ අතුරින් ශ්‍රී ලංකාව නියෝජනය කරන “සුනාමි” චිත්‍රපටය ජූරි කාණ්ඩය යටතේ සම්මාන 07 කට නිර්දේශ වීමටද, ජනප්‍රිය කාණ්ඩය යටතේ එක් සම්මානයක් වෙනුවෙන් තරග වැදීමටද සුදුසුකම් සපුරා ඇත.
සුනාමි ලද ජූරි නිර්දේශ (Nominations):-
1). හොඳම වෘත්තාන්ත සිනමාපටය (රේනුකා බාලසූරිය නිෂ්පාදනයක්)
2). හොඳම අධ්යක්ෂක- සෝමරත්න දිසානයක
3). හොඳම නළුවා- දර්ශන් ධර්මරාජ්
4). හොඳම නිළිය- නිරංජනී ශංමුගරාජා
5). හොඳම සහාය නළුවා- බිමල් ජයකොඩි
6). හොඳම ළමා රංගනය- මෙනාරා වීරතුංග
7).හොඳම සිනමා කැමරාකරණය- විශ්වා බාලසූරිය
## ජනප්රිය කාණ්ඩයේ තරගවැදීම්-
1). ජනතාවගේ හොඳම නිළිය- හිමාලි සයුරංගි
“සුනාමි” චිත්‍රපටය අන්තර්ජාතික සිනමා උළෙලක් (an International Film Festival) නියෝජනය කරන දෙවන අවස්ථාව මෙය වේ. මීට පෙර බංගලාදේශයේ ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය යටතේ එය තිරගත විය. එයට අමතරව භූතානයේ පැවැත්වූ Druk International Film Festival ( අන්තර්ජාතික සිනමා තරග උළෙලකි- a Festival of International Film Competitions) නියොජනය කරමින් සම්මාන 04 කින් පිදුම් ලැබීමට “සුනාමි” සමත් විය.
සටහන- උදිත ලක්මාල් කහඳවාඅරච්චි
Written by Nisanka Weheraduwa