සුපර් ස්ටාර් රජිනිකාන්ත් කවුදැයි ඔබ දන්නවාද…?
ජෙගන් ගනේෂන් ලියයි
**************************************************************
සිවාජී රාවෝ කියන්නේ කවුද කියලා බොහෝ අය දන්නේ නැතිව ඇති. නමුත් සුපර් ස්ටාර් රජිනිකාන්ත්ව හැමෝම දන්නවා. නමුත් මා මෙන්ම අනෙකුත් බොහෝ අය ඔහුට ආමන්ත්‍රණය කරන්නේ (තලයිවර් – නායකයා ) යන නමින්. 1950 දෙසැම්බර් 12 වසරේ උපත ලබන රජිනි, බැංගලෝර් ට්‍රාන්ස්පෝර්ට් එකක කොන්දොස්තර කෙනෙක් ලෙසින් සේවය ආරම්භ කරන ඔහු 1973 වර්ෂය වන විට සිනමා ක්ෂේත්‍රයට එක්වන්නේ ඔහු කළ පෙර පිනකට ද අප කළ පිනකට ද කියා නොදනිමි. ඔහුව හඳුනාගෙන කේ. බාලචන්ද්‍රන් නම් අත්වීතිය අධ්‍යක්ෂකවරයා විසින් රජිනිකාන්ත් යැයි නමකුත් තබා අපට හඳුන්වා දෙන්නේ 1975 වර්ෂයේ අබූර්ව රාගංගල් චිත්‍රපටියෙන්. එහි දී ඔහු භාවිතා කළේ එක් දෙබසක් පමණයි. ඉන්පසුව එකල කළුසුදු සිනමාවට වෙනසක් එක් කළ පුද්ගලයෙකු ලෙස රජිනිකාන්තව හැඳින්විය හැක. හරියට ප්‍රේම් ජයන්ත් වැනි අය ආක්‍රමණය කරගෙන සිටි සිංහල සිනමාවට මිටි කළු ගාමිණි ෆොන්සේකා පැමිණියා සේ. සුදු අය පමණයි නළුවන් කියා සිතා සිටි ඉන්දියානු දමිළ සිනමාවට නාසය දිග, කළු උස මිනිසෙක් ලෙස රජිනි පැමිණියා. ඉන් පසුව ටිකෙන් ටික ඔහු වටා රසිකයන් එක්රොක් වන්නට වුයේ අනෙකුත් නළුවන් සතුව නොතිබුණ අමුතු ආකාරයක ඇක්ෂන් ඔහු සතුවීමත්ය. ඔහු එකල චිත්‍රපටිවල භාවිතා කළ සමහර වචන අදත් තරුණයන්ගේ ශබ්ද කෝෂයේ අඩංගු වී තිබීමෙන් ඔහුගේ සාර්ථකත්වය මැනිය හැක. ප්‍රථමයෙන් කුඩා චරිත පමණක් නිරූපණය කරමින් සිටි ඔහුට කමලහාසන්ගේ චිත්‍රපටි කිහිපයකට දුෂ්ඨයාගේ චරිතය නිරූපණය කරන්නට විය. එහි සමහර දුෂ්ඨ චරිත මිනිසුන්ට අමතක නොකළ හැකිය. පදිනාරු වයදිනිලේ, මුන්ඩෘ මුඩිච්චි වැනි චිත්‍රපටි ජනතාවගේ මතකයේ තවමත් රැඳි ඇත. රජිනි කමල් යනු 80 දශකයේ දමිළ සිනමාවේ පතාක යෝධයන් ය. අද සමකාලීන නළුවන් එකතු වී චිත්‍රපටියක් රගපාන්නේ ඉතා කලාතුරකින් ය. නමුත් රජිනි කමල් සුසංයෝගයෙන් චිත්‍රපටි 50කට අධික සංඛ්‍යාවක් ඇති බව මට මතකය. ඉන් සමහර චිත්‍රපටිවල රජිනි දුෂ්ඨයා ලෙස ද ඇතැම් ඒවායේ කමල් ද රංගනයෙන් දායක වී තිබේ. ඩුවල් හීරෝ ලෙස රංගනයෙන් දායක වූ වාරයන්ද විය.
රජිනිකාන්ත් දිනක් වේදිකාවක දී කමල් ගැන අපුරු කතාවක් කියන්නට විය. එක්තරා කමල්ගේ චිත්‍රපටියක දුෂ්ඨයා ලෙස රජිනිකාන්ත රංගනයට එක්විය. එකල සිනමාවේ ක්ෂේත්‍රයේ වීරයා නොහොත් ප්‍රධාන නළුවාට කෲ එක ඉහළ ගෞරවයක් දැක්වූවත් දුෂ්ඨයාට ඒ තරම් පිළිගැනීමක් දක්වන්නේ නැතිලු, වැඩියෙන් මේකප් කරන්නෙත් නළුවාට දුෂ්ඨයාට ඒ තරම් මේකප් කරන්නේ නැතිලු. දවසක් මේක දැක්ක කමල් මේකප් කරන කෙනාගෙන් අහලා තියෙනවා රජිනිට මේකප් කළාද කියලා, එයට ඔහු ලබා දී තිබෙන දුෂ්ඨයාට ඒ තරම් මේකප් එකක් අවශ්‍ය නෑ. අන්තීමට වෙලාව තිබුණොත් කරමු කියලා. එයට කේන්ති ගිය කමල් ඉතා සරලව මේකප් කරන කෙනාට පැහැදිලි කරලා දීලා තියෙනවා. එයාත් නළුවෙක් මුලින් එයාට මේකප් කරලා ඇවිත් මට මේකප් කරන්න නැතිනම් මම මේ චිත්‍රපටියෙන් ඉවත් වෙනවා කියලා. ඒ කාලයේ තමන්ට සිදු වූ හැම සිදුවීමක් තවමත් එලෙස මතක තබාගෙන සිටින රජිනි මට අනුව නම් තවමත් සුපර් ස්ටාර් කෙනෙක් ය. නිතර ඔහු මතක් කරන දෙයක් තමා සුපර් ස්ටාර් කියන නම පවා ලැබෙන්නට හේතුව කමල් යන්නයි. දිනක් රජිනිව හමු වූ විට කමල් මෙසේ පැවසු බව සඳහන් අපි දෙන්නා එකතු වෙලා දැනට ගොඩාක් චිත්‍රපටි කරලා තියෙනවා. දැන් ඔයාට කියලා තනි මාර්ගයක් තෝරාගන්න නැතිනම් ඔයාගේ සිනමා ජීවිතය නැතිවෙන්නත් ඉඩ තියෙනවා. එදා ඔවුන් දෙදෙනා එතරම් සහයෝගයෙන් ක්‍රියා කර තිබෙන අතර අදට දෙදෙනාම විශේෂ අවස්ථාවල දී එකට පැමිණිම රසිකයෙක් හැටියට සතුටු විය හැකි කාරණයක්.
1978 සිනමා ගමන ආරම්භ කරන රජිනි මේ වනවිට කළුසුදු, ඉස්ට්මන්ට් (මදක් රතු පැහැය වැඩි), වර්ණ, ඇනිමේෂන් හා 3ඩී යන ඛාණ්ඩ යටතේ චිත්‍රපටි රගපා ඇති එකම දමිළ සිනමා නළුවෙක් ලෙස වැජඹෙනවා. එකපිට චිත්‍රපටි 09ක් බ්ලොක්බස්ටර් හිට් දුන් එකම නළුවා ද ඔහුය. තෙළිගු, හින්දි, මලයාලම් පමණක් නොව හොලිවුඞ් චිත්‍රපටියකට ඔහු රංගනයෙන් එක්වී තිබෙනවා. තවද ඉන්දිය සිනමාවේ පළමු යථාර්තවාදී සිනමා කෘතියට රංගනයෙන් දායක වී ඇත්තේ ද රජිනිකාන්ත්ය. බොහෝ ප්‍රධාව නළුවන් තම චිත්‍රපටියේ දී කොමඩි කරන්න පටන් ගත්තේ රජිනිකාන්ත්ව අනුකරණය කරමින් බව ප්‍රසිද්ධ රහසකි. බොහෝ නළුවන් එය ප්‍රසිද්ධියේම පවසා තිබෙනවා. විජෙයි පවා ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක මේ බව කියා සිටියා.
රජිනිකාන්ත් රංගනයෙන් පමණක් නොව ගීතයෙන් ද දායක වූ චිත්‍රපටි කිහිපයක් තිබෙනවා. රජිනිකාන්තට නර්තනයේ යෙදෙන්න බෑ කියන එක ප්‍රසිද්ධ රහසකි නමුත් ඔහු සමහර ගීත පුරාවට ඔහු කරන්නේ ඇවිදින එක පමණයි. නමුත් එහි ද ඉහළ මට්ටමේ ආකර්ෂණයක් දිනා තිබීම විශේෂයි. ඔහුගේ චිත්‍රපටි විවිධ ප්‍රභේදවලට අයත් වෙනවා. නමුත් ඒවා පුළුල් නොවන පටු ඒවා වීම යම් කණගාටුවක් එකතු කරනවා. වැඩියෙන්ම ඔහුගේ චිත්‍රපටිවල කතා කෙරුණේ සමාජ අසාධාරණය පමණයි. ඒ තුළ සහෝදර සෙනෙහ, කම්කරුවන්ට සිදු වන අසාධාරණ වැනි දේවල් ඔහුගේ මාතෘකාවට ඇතුළත් වුණා.
මේ දක්වා රජිනි තමිල්නාඩු ප්‍රාන්ත සම්මාන 06ක් දිනා ඇති අතර ඉන් ෆිල්ම් ෆෙයාර් සම්මානයක් ඇතුළත්. රජිනි යන එන්ටර්ටේන්මට් නළුවෙක් බව සඳහන් කළ යුතුයි.
සටහන : ජෙගන් ගනේෂන්
Written by Nisanka Weheraduwa