සුපුරුදු මලයාලම වෙනුවට Kumari ළඟදීම

Avatar Kavinu Weerakkody | February 18, 2022 62 Views 0 Likes 0 Ratings

62 Views 0 Ratings Rate it

දකුණු ඉන්දීය රංගන ශිල්පිනී Aishwarya Lekshmiගේ නවතම නිර්මාණය වූ “Kumari” මලයාලම් චිත්‍රපටයේ සියලුම රූපගත කිරීම් මේ වනවිට අවසන් වී තිබෙනවා. ඒ කේරළය තුළ සිදු කළ රූගත කිරීම් සියල්ලම පෙබරවාරි 06 වනදා අවසන් වීමෙන් පසුවයි. Kumari චිත්‍රපටයේ කතා තේමාව අනුව එහි දර්ශන තල එකම ප්‍රදේශයකට සීමා වුණත්, මාසයකට අධික කාලයක් එහි රූපගත කිරීම් කරන්නට සිදු වී තිබෙනවා.

Aishwarya Lekshmi ප්‍රධාන චරිතය රඟන Kumari මලයාලම් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ Nirmal Sahadevයි. ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කළ Prithviraj Sukumaran රඟපෑ Ranam සිනමාපටයත් කේරළය පුරා ජනප්‍රිය වූ නිසා, ප්‍රාන්තයේ සිනමා රසිකයින් බොහෝ දෙනෙක් මෙම නිර්මාණය ගැනත් උනන්දුවෙන් පසුවන බවක් පෙනේනට තිබුණා. නමුත් නිෂ්පාදක කණ්ඩායම විසින් මෙහි සැලකිය යුතු updates ප්‍රමාණයක් මාධ්‍යයට නිකුත් නොකළ නිසාම ඒ උනන්දුව කෙමෙන් අඩු වී ගිය බවකුයි පෙනෙන්නට තිබුණේ. කෙසේ වෙතත්, තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් බවට Nirmal Sahadev විසින් යළි දැනුම් දීමත් සමඟම Kumari ගැන කතාබහ නැවතත් මතුව තිබෙනවා.

“PACK UP! KUMARI wrapped up last night. Thanks to everyone who made this a smooth and memorable shoot.

Special thanks to Aishwarya Lekshmi and Giju John for picking me up and making sure we keep cruising. Thank you to my ADs for being by my side through the whole journey.

Thank you Shine Tom Chacko Swasika Surabhi Lakshmi Tanvi Ram Shivajith and Shruthy Menon for giving me such amazing characters. Thank you @abrahamjoseph001 for making the film look like a dream. And thank you @therealprithvi and Supriya Menon for believing in me from the beginning.
Now onto edit with Sreejith Sarang and Jakes Bejoy and Sachin Sudhakaran,”

විශාල genres ප්‍රමාණයක් නියෝජනය කරන චිත්‍රපට ගණනාවක් ම මලයාලම් සිනමාවෙන් වසරකට නිකුත් වුණත් mythological horror ශානරයේ නිර්මාණ දැකගන්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්. විශේෂයෙන්ම, කේරළයේ ප්‍රධාන ධාරාවේ රංගන ශිල්පීන් සම්බන්ධ වන mythological horrors සංඛ්‍යාව බොහොම සීමිතයි. වෙනත් චිත්‍රපට ශානරයන්ට සාපේක්ෂව මෙවැනි නිර්මාණවලට තිබෙන ප්‍රේක්ෂකාගාරය අවම නිසාම ප්‍රධාන ධාරාවේ නලු නිළියන් mythological horrors සඳහා සම්බන්ධ වන්නේම නැහැ.

කෙසේ වෙතත්, සැලකිය යුතු කාලයකට පසුව කේරළයෙන් නිකුත් වන ප්‍රධාන ධාරාවේ පළමු mythological horror චිත්‍රපටය තමයි මේ Kumari” යනුවෙන් හැඳින්වෙන්නේ.

අධ්‍යක්ෂක Nirmal Sahadev විසින් තමන්ගේ චිත්‍රපටය ගැන කේරළයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ මෙය ඔහුගේ ළමා කාලයට සෘජුවම සම්බන්ධ වන බවයි. කුඩා කාලයේදී තමන්ගේ මිත්තණිය ඔහුට කියා දුන් මිත්‍යා – අභිරහස් කතා පාදක කර ගනිමින් Kumari නිර්මාණයට පෙළඹුණු බවත් ඔහු එහිදී පවසා සිටියා.

Kumari සිනමාපටය තුළ Aishwarya Lekshmi නිරූපණය කරන චරිතය ගැන වැඩිදුර තොරතුරක් තවමත් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඇය නිරූපණය කරන්නේ යම් මිත්‍යා චරිතයක්ද; නැතිනම් මනුෂ්‍ය චරිතයක්ද යන්න නිෂ්පාදක කණ්ඩායමෙන් තහවුරු වෙලත් නැහැ. නමුත් පළමු motion පෝස්ටරයේ සිටම Kumari තුළ පෙණුනු ආකර්ෂණීය ගතිය නිසාම Aishwarya Lekshmiගේ රසිකයින් බොහෝමයක් මෙය ඇගේ සිනමා ජීවිතයේ සුවිශේෂී කඩඉමක් වෙතැ යි ඉඟි පළ කරනවා.

Aishwaryaට අමතරව Shine Tom Chacko, Swasika, Surabhi Lakshmi, Tanvi Ram සහ Shruthy Menon වැනි කේරළයේ ජනප්‍රිය රංගන ශිල්පීන් ගණනාවක්ම මේ නිර්මාණයට රංගනයෙන් දායක වී තිබෙනවා. අධ්‍යක්ෂක Nirmal Sahadev විසින්ම කතාව, දෙබස් සහ තිරපිටපත රචනා කර තිබෙන අතර සංගීතය Jakes Bejoy විසිනි. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Giju Johnගේ The Fresh Lime Sodas සිනමා සමාගම හරහායි.

අධ්‍යක්ෂ Nirmal Sahadev තමන්ගේ පළමු චිත්‍රපටයෙන් ගොඩ නඟා ගත් සාර්ථකත්වය නිසා ඔහු පිළිබඳ විශ්වාසයෙන් සිටින රසිකයින් ප්‍රමාණයත් සුලුපටු නැහැ. කාර්මික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව ආචාර්ය උපාධියක් පවා ලබාගෙන තිබෙන Nirmal Sahadev සිනමාවට පිවිසියේ තම උසස් අධ්‍යාපන කටයුතුවලින් පසුවයි.  කනිෂ්ඨ සහය අධ්‍යක්ෂකවරයෙකුගේ සිට විවිධ සිනමාපට ගණනාවක විවිධ අත්දැකීම් සහිතව නිර්මාණකරණයේ යෙදෙන ඔහු රංගන ශිල්පියෙකු වශයෙනුත් නිර්මාණ දෙකකට දායක වී තිබෙනවා.

Raj Babu අධ්‍යක්ෂණය කළ Colours (2009) සහ Abi Varghese අධ්‍යක්ෂණය කළ Monsoon Mangoes (2015) චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂක භූමිකාවෙන් සිනමාවට පිවිසි Nirmal, Ivide මලයාලම් සිනමාපටයේ ප්‍රධාන සහාය අධ්‍යක්ෂකවරයා වශයෙනුත් කටයුතු කළා.
අදටත් බොහෝ මලයාලම් රසිකයින් ආදරය කරන නිවින් පෝලිගේ Hey Jude (2018) හි තිර පිටපත රචනා කළේද ඔහුයි. ප්‍රසිද්ධ දමිළ නිළි ත්‍රිෂාගේ පළමු මලයාලම් රංගනය ඉදිරිපත් කළේ Hey Jude හරහායි.

Kumari හි ප්‍රධාන චරිතය නිරූපණය කරන Aishwarya Lekshmi මේ දිනවල ඇගේ පළමු තෙළිඟු චිත්‍රපටය වන Godse නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධව සිටින අතර Ponniyin Selvan, Captain, Bismi Special වැනි upcoming චිත්‍රපට කිහිපයකටම ඇගේ රංගන දායකත්වය ලබා දී තිබෙනවා. Aishwaryaගේ නවතම චිත්‍රපටය Archana 31 Not Out ද මේ දිනවල කේරළය පුරා සාර්ථකව තිරගත වෙමින් පවතිනවා.

Crew:

Written and Directed by Nirmal Sahadev

Produced by Giju John, Nirmal Sahadev, Jakes Bejoy, Sreejith Sarang
Banner : The Fresh Lime Sodas
Music : Jakes Bejoy
DOP : @jigmetenzing
Chief Associate : @nambiarjayan
Editing / DI : @sreejithsarang
Executive Producer : @harrisdesom
Production Design : Gokul Das
Costume Designer : @stephy_zaviour
Sound Design : Sync Cinema
VFX : Sanath TG
Story : Nirmal Sahadev, @sachinramdas
Still : @shaheenthaha
Design : @oldmonksdesign
Promotion Consultant : @vvipink

Share

62 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.