සුබ මොහොතින් “සුනාමි” ඇරඹෙයි

Avatar Nisanka Weheraduwa | January 16, 2020 211 Views 0 Likes 0 Ratings

211 Views 0 Ratings Rate it

ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසුරිය නිෂ්පාදනය කළ අලුත්ම චිත්‍රපටය “සුනාමි” ගැන සිනමා ප්‍රේක්ෂක ඔබ, මේ වෙනකොටත් හොඳින්ම දැනුවත්. චිත්‍රපටය අද (ජනවාරි 16) සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත කෙරෙනවා.

සුනාමි චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායම බොහෝ වෙනස්, අලුත් දේවල් කරමින් තමන්ගෙ චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු කරනවා. කෙසේහෝ යළිත් ප්‍රේක්ෂකයින් සිනමාහලට කැඳවාගැනීම තමන්ගේ අරමුණ බවයි නිෂ්පාදිකා රේණුකා බාලසූරිය පැවසුවේ. චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කෙරෙන අද දවසේ උදේ 10.30 දර්ශනය දිවයින පුරා “සුනාමි” තිරගත කෙරෙන සෑම සිනමාහලකම නොමිලේ නරඹන්න අවස්ථාව ලබාදීමට ඔවුන් කටයුතු කළා.

ඒ වගේම චිත්‍රපටයේ පළමු ප්‍රවේශපත්‍රය සුබ මොහොතින් අළෙවි කිරීමත් අද උදෑසන සිදුකෙරුණා. වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමාහලේදී මේ පළමු ප්‍රවේශපත්‍රය අළෙවි කිරීම සිදුකෙරෙන අවස්ථාවට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය සහ රංගන ශිල්පිනී නිරංජනී ශාම්මුගරාජාත් අරුණි මෙන්ඩිසුත් එක්ව සිටියා.

අද තිරගත වීම් ආරම්භ වන “සුනාමි” චිත්‍රපටයට, මෙතෙක් පැවති ආදායම් වාර්තා බිඳහෙලන සාර්ථක ගමනක් වෙනුවෙන් cinema.lk වෙතින් සුබපැතුම්.

Share

211 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.