සුශාන්ත් කියන්නෙ නළුවෙක් විතරක්ම නොවෙයි
සටහන : දිලිනි මදුසංකා
Sushant Singh Rajput ජීවිතයෙන් සමුගෙන අදට මාස 03ක් සපිරෙනවා.
නැවත නැවත සිහිපත් කිරීමට තරම් ඔහු විශේෂ කෙනෙක් වෙන්නෙ ඇයි?
ලෝකය පුරා කෝටි ගණනක රසිකයින්ගේ ආදරය දිනූ බොලිවුඩ් තරුවක් නිසාද?
කොහෙත්ම නැහැ……. ඔහු දක්ෂතා ගොන්නක කදිම එකතුවක් නිසා.








එමෙන්ම අත් දෙකම එකවර භාවිත කරමින් යම් භාෂාවක් ස්වාභාවික ක්රමයටත් එහි ප්රතිලෝම දිශාවටත් එකවර ලිවීමේ (Mirror Writing) හැකියාවත් ඔහුට තිබුණා. මිනිසුන් අතර ඉතා දුර්ලභ හා වර්ධනය කිරීමට ඉතා අසීරු කුසලතාවයක් වන එය ඇත්තේ ලෝක ජනගහනයෙන් 01% ක ප්රමාණයකට පමණයි.
මේ ඔහු සතුව තිබුණ දක්ෂතාවයන්ගෙන් ඉතාම සුලු ප්රමාණයක් පමණයි.හැබැයි මේ තරම් හැකියාවන්ගෙන් පිරුණු “Intelligent” ගණයට වැටෙන කෙනෙක් වෙලත් මිනිසුන් හදුනා ගැනීම අතින් නම් සුෂාන්ත් ඉන්න ඇත්තේ හරිම දුර්වල තැනක..
ඔහු වටේ සිටි සැබෑ ආදරණීයයන් හදුනා ගන්නට ඔහු අපොහොසත් වෙන්න ඇත්තේ ඒකයි.
නීතියේ හැම හිඩැසකින්ම රිංගා ගියත් සුෂාන්ත්ගේ මරණයට වග කිව යුතු සෑම දෙනාටම ස්වභාවධර්මයෙන් නිසි දඩුවම් ලැබේවි.
සටහන : දිලිනි මදුසංකා





Written by Nisanka Weheraduwa