සේදුපති රඟන පළමු වෙබ් කතාමාලාවේ රූගත කිරීම් ඇරඹෙයි

Avatar Nisanka Weheraduwa | August 6, 2021 44 Views 0 Likes 0 Ratings

44 Views 0 Ratings Rate it

Vijay Sethupathi සිනමා නළුවෙක් විදිහට මොන තරම් සාර්ථක වුණත්, මෙතරම් කාලෙකට ඔහු Web Series පැත්තට එකතු වෙලා හිටියේ නැහැ. ඉතින් Vijay Sethupathi මේ පාර අලුත් පිම්මක් පැනලා තමන්ගේ පළවෙනි වෙබ් කතාමාලාවට සූදානම් වෙන බවක් ආරංචි වෙනවා. සිනමා නළුවෙක් විදිහට දැවැන්ත සාර්ථකත්වයක් ලබාගෙන ඉන්න සේදුපතිට මේ නිර්මාණය තුළිනුත් වෙනස්ම රංගනයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙන බව නම් සහතිකයි.

Raj Nidimoru සහ Krishna D.K. අධ්‍යක්ෂණය කරන නවතම වෙබ් කතා මාලාවට තමයි Vijay Sethupathi මේ අයුරින් ගිවිසුම්ගත වෙලා ඉන්නේ. Raj Nidimoru, Krishna D.K. කියනවට වඩා Raj & DK කිව්වොත් ඔබ මේ අධ්‍යක්ෂකවරු දෙපළව අඳුරගන්න තියෙන සම්භාවිතාව වැඩියි. මෑතකාලයේ බොහෝ කතාබහට ලක් වුණු The Family Man ඉන්දීය වෙබ් කතාමාලාවේ අධ්‍යක්ෂක, නිෂ්පාදක හා තිරපිටපත් රචකයින් වුණෙත් Raj & DKයි. දැනට දැන ගන්නට ලැබෙන ආරංචිවල විදිහට මේ Web Series එක නම් කරලා තියෙන්නේ Sunny කියලයි. හැබැයි තවමත් ඒ ගැන නිල තොරතුරක් දැනුම් දීලා නැහැ. ඇතමුන් පවසන විදිහට විජේ මේ නිර්මාණයේ රඟ දක්වන්නේ නීතිඥවරයෙකුගේ චරිතයක්ලු. ප්‍රධාන චරිත ද්විත්වය එක්ක ලොකු සම්බන්ධකමක් තියෙන රෝල් එකක්ලු.

කොහොම නමුත්, Sethupathiට අමතරව මෙහි අනෙත් ප්‍රධාන චරිත ද්විත්වයට එකතු වෙලා ඉන්නේ Shahid Kapoor සහ Raashi Khanna. සේතුපතිගේ රූගත කිරීම් මේ වනවිටත් ඇරඹිලා ඉවරයි. Sangatamizhan, Tughlaq Durbar සිනමාපටයන්ට පස්සේ සේදුපති සහ රාශි ඛන්නා එකට වැඩ කරන තුන්වෙනි අවස්ථාව තමයි මේ. Sethupathi සමඟින් ගත් සෙල්ෆි ඡායාරූපයක් එක්ක Raashi Khanna, තමන්ගේ Twitter ගිණුමට මෙහෙම සටහනක් එකතු කරලා තියෙනවා.

“Collaborating with my favorite human/actor for the third time, this time in Hindi! Welcome to our set @VijaySethuOffl sir (sic),”

Family Man වෙබ් කාතාමාලාවේ සාර්ථකත්වය නිසාම Raj DKගේ ඊළඟ නිර්මාණය එනකන් රසිකයින් බලන් ඉන්නේ බොහොම නොඉවසිල්ලෙන්. මේ hype එකට හේතුව වෙන්නෙත් එම රසිකත්වයමයි. Family Manට අමතරව ඔවුන් අධ්‍යක්ෂණය කරපු A Gentleman, Go Goa Gone, 99 වගේ චිත්‍රපටිත් ප්‍රේක්ෂකාගාරයට හොඳින් සමීප වුණා. 2018 වසරේ නිකුත් වුණු Stree හින්දි චිත්‍රපටය produce කළෙත් Raj සහ DK විසින්. Jersey චිත්‍රපටිය වෙනුවෙන් බලාගෙන හිටපු Shahid Kapoorගේ රසිකයිනුත් දැන් Sunny වෙබ් සීරීස් එක ගැන උනන්දු වෙන්න පටන් අරගෙන. අධ්‍යක්ෂකවරු දෙපල මේ හැම දෙයක්ම හොඳින් තේරුම් අරගෙන Family Man වගේ Massive Hit එකක් out කළොත්, එය උතුරු ඉන්දියාවයි දකුණු ඉන්දියාවයි පෝළිමේ නරඹන ජනප්‍රියම නිර්මාණයක් වේවි.

Share

44 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.