සෝලෝ ටවුන් (Solo Town) – ජීවිතේ කියන්නෙම නන්ස්ටොප් මෙඩ්ලියක්
එකිනෙකට වෙනස්, නැවුම් කතා තේමා ඔස්සේ දිවෙන චිත්‍රපට රැසක් දිනෙන් දින එකතු වන ලාංකීය සිනමාවෙන් දැකගත හැකි අලුත්ම සිනමා නිර්මාණය තමයි, සෝලෝ ටවුන්…
සෝලෝ ටවුන් චිත්‍රපටයෙන් දැකගත හැකි තවත් විශේෂත්වයක් වන්නේ මේ ශානරයෙන් ලාංකීය සිනමාවට එකතුවන පළමු චිත්‍රපටයත් මෙය වීමයි. සෝලෝ ටවුන් චිත්‍රපටය ගෙතෙන්නේ ගායනයට හැකියාව තිබෙන තරුණයින් කිහිප දෙනෙකු එකතු වී සාදාගන්නා Boy Band සංගීත කණ්ඩායමක් වටායි.
පසුගිය දෙසැම්බර් 05 වනදා සිට සෝලෝ ටවුන් චිත්‍රපටයේ ප්‍රදර්ශනය ඇරඹුනු අතර මේ වනවිට දිවයින පුරා සිනමා ශාලා රැසකදී මෙය සාර්ථකව තිරගත වනවා. තාරුණ්‍යයට ගැළපෙන අන්දමේ කතා තේමාවක් ඔස්සේ දිවෙන නිසාම, තරුණ තරුණියන්ගේ විශාල ආකර්ෂණයකුත් චිත්‍රපටයට ලැබී තිබෙනවා.
රවීන් කනිෂ්ක, ශෙනායා වැන්හොෆ්, මිචෙල් දිල්හාරා, සේමිණි ඉද්දමල්ගොඩ, සුජීව ප්‍රියලාල්, දුලීකා මාරපන, යුලාන් ඩ්‍රීව්, හේෂාන් ප්‍රනාන්දු, නොනිමි හසන්ත ඇතුළු පිරිසක් සෝලෝ ටවුන් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා.
පහත සබැඳිය ඔස්සේ ඔබට මෙහි පූර්ව ප්‍රචාරක පටය නැරඹිය හැකියි.
සෝලෝ ටවුන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ චතුරංගන ද සිල්වා සමඟින් සහන් වික්‍රමාරච්චි යි. ඔවුන් දෙදෙනා ම කාලයක් තිස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රෙය් නිර්මාණ කටයුතු සිදු කළ අතර ඔවුන් දෙදෙනාගේම කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වන්නේ මෙයයි.
චතුරංගන ද සිල්වා, අයේශා ජයරත්න, ප්‍රසාදි අබේගුණරත්න එකතුවෙන් මෙහි තිර පිටපත රචනා කර තිබෙන අතර කැමරා අධ්‍යක්ෂණය සහන් වික්‍රමාරච්චි විසිනි. සංස්කරණය ළහිරු මධුසංඛයි. යශෝධ දනුපම විසින් වර්ණ සංයෝජනය සහ හර්ෂ මංජුල විසින් අංග රචනය සිදු කොට තිබෙනවා. මධුරංග මාරසිංහ මෙහි කලා අධ්‍යක්ෂකවරයායි.
සෝලෝ ටවුන් නිෂ්පාදනය කරන්නේ උදිත කුරේ සහ සෙව්වන්දි වීරසිංහ එකතුවෙනි.
Lite Cinemas, Regal, Savoy ඇතුළු දිවයින පුරා සිනමාහල් වලදී ඔබට දැන් මෙම සිනමා නිර්මාණය නැරඹිය හැකියි.
Written by Kavinu Weerakkody