Sri Lanka's Best Cinema Portal

 

හසුන් සමීරගේ, Screwjack ජාත්‍යන්තරයට යයි

0
Posted February 6, 2019 by Nisanka Weheraduwa in Articles
hasun

විකාශනය නිමවූ මීදුම් අම්මා, යාල් දේවි , පැරීසියට යන පාර සහ දැනට විකාශනය වන අහස් මාලිගා යන ටෙලි නිර්මාණයන්හී අධ්‍යක්ෂකවරයා ලෙසත්, වර්තමානයේ අසීමිත ජනතා ප්‍රතිචාර මත තිරගත වන “ගින්නෙන් උපන් සීතල” සිනමාපටයේ සහාය අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කල යොවුන් නිර්මාණ ශිල්පී හසුන් සමීරගේ කුළුදුල් කෙටි සිනමාපටය වන “Screwjack” මේ මස 07 වෙනිදා සිට 10 වෙනිදා දක්වා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර  පැවැත්වෙන 03 වෙනි 21 අයිලන්ඩ්ස් අන්තර්ජාතික කෙටි සිනමාපට උළෙල (21 Islands International Short Film Fest) නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. ඒ අනුව එළඹෙන 09 වෙනි සෙනසුරාදා සවස 5.00ට එම සිනමාපටය උලෙළේදී මහජනතාව උදෙසා ප්‍රදර්ශනය කෙරේ. මෙවර අයදුම්පත් ලෙසින් උළෙලට ඉදිරිපත් වූ  1500කට ආසන්න කෙටි සිනමාපට අතුරින් , රටවල් 21 නියෝජනය කරන කෙටි සිනමාපට 38ක් උළෙල නියෝජනය කිරීමට නිළ වශයෙන් සුදුසුකම් ලබා ඇත. මෙය “Screwjack” සිනමාපටයේ පළමු අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය වේ.
# නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, තිර රචනය: සමීර හසුන්
# රංගනය: හේමසිරි ලියනගේ, සංජීව උපේන්ද්‍ර , දිලිනි ලක්මාලි තිරිමාන්න
# කැමරාකරණය: චින්තක සෝමකීර්ති
# සංස්කරණය: චන්දන ලියනගේ
# සංගීතය: පාලිත අබේරත්න
# කලා අධ්‍යක්ෂණය: සංජීව කරුණාරත්න
# අංග රචනය: මලික් ජයසිංහ
# ශබ්ද සංකලනය: පුබුදු ධනංජය
# වර්ණ සංයෝජනය: තිස්ස සුරේන්ද්‍ර
# නිෂ්පාදන කළමනාකරු: රංජිත් සුරංග
# සහාය අධ්‍යක්ෂණය: බුද්ධික අබේරත්න
# ව්ධායක නිෂ්පාදනය: සහන් වික්‍රමසිංහ

 

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2