හින්දි තරු පිරිවරාගෙන, IIFA ළඟ ළඟම

Avatar Kavinu Weerakkody | May 22, 2022 48 Views 0 Likes 0 Ratings

48 Views 0 Ratings Rate it

ලොව විශාලම චිත්‍රපට කර්මාන්ත ත්‍රිත්වයට ඇතුළත් වන ඉන්දීය සිනමාවෙන්, වසරකට සිය ගණනක් චිත්‍රපට සිනමාශාලා ප්‍රදර්ශනයට මුදා හරිනවා. එය වාණිජමය වශයෙන් වගේම ශානරීය විවිධත්වයෙනුත් බොහොම පොහොසත් කලාපීය සිනමාවක් බව හොලිවුඩ් සිනමාකරුවන් පවා පිළිගන්නා කරුණක්! වසරකට අතිශය ගුණාත්මක චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් ඉන්දීය සිනමාවෙන් දැකගන්න පුලුවන්. විශාලත්වය නිසාම හින්දි, දෙමළ, තෙළිඟු, මලයාලම්, කන්නඩ ආදී වශයෙන් භාෂාව පදනම්ව ප්‍රාන්තීය සිනමා ලෙසත් යළි ඉන්දීය සිනමාව බෙදා වෙන් කෙරෙනවා.

මෙයින් ඉන්දීය සිනමාවේ මුහුණත නැතිනම් පුරෝගාමීයා ලෙස වර්තමානයේදී හැඳින්වෙන්නේ එරට රාජ්‍ය භාෂාව වූ හින්දි භාෂාව පදනම්ව බිහිවූ උතුරු ඉන්දියාවේ බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයයි. පසුගිය වසර කිහිපය තුළදී බොලිවුඩයෙන් බිහිවූ බොහෝමයක් නිර්මාණ සිය ප්‍රේක්ෂකයින්ව සතුටු කරන්නට සමත් නොවුණු නමුත්, හින්දි සිනමාව තුළ දක්නට ලැබෙන විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකරුවන්, තාක්ෂණික ශිල්පීන් සහ නලු නිළියන්ව අපට මඟ හරින්නට බැහැ.

එවැනි විශිෂ්ටතමයින් උදෙසා සම්මාන පිරිනැමෙන සිනමා උළෙල ගණනාවක්ම වාර්ෂිකව ලෝ පුරා පැවැත්වෙනවා. ඉන්දියාව තුළ මෙන්ම ඉන්දියාවෙන් පිටතත් මේ අයුරින් වසරකට වරක් පැවැත්වෙන ජාත්‍යන්තර ඉන්දීය සිනමා උළෙල බොහෝ ප්‍රමාණයක් දැකගන්නට පුලුවන්. ඒ සිනමා රාත්‍රීන් අතුරින් ප්‍රධාන තැනක් ගන්නා ජාත්‍යන්තර ඉන්දියානු සිනමා උළෙලක් ලෙසයි IIFA AWARDS සැලකෙන්නේ…

මේ වනවිට නොකඩවා 21 වතාවක් පවත්වා තිබෙන IIFA Movie Awards පළමු වරට සංවිධානය වූයේ 2000 වසරේදීයි. 22 වතාවට පැවැත්වීමට නියමිත මෙවර IIFA Movie Awards සම්මාන උළෙල එළඹෙන ජූලි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබු ඩාබි හිදී උත්සවාකර්ෂයෙන් පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර අවසානයි. එය පැවැත්වීමට නියමිතව තිබුනේ පසුගිය මැයි මුල් සතියේ වුවත්, එක්සත් එමීර් රාජ්‍ය නායකයාගේ හදිසි මරණයත් සමඟ එහි කටයුතු ත් ඇණ හිටියා. උතුරු ඉන්දියාව මුල් කරගත් හින්දි සිනමාවේ විශිෂ්ටතම නිර්මාණ උදෙසා සම්මාන පිරිනැමෙන මෙහිදී කාණ්ඩ 12ක් ඔස්සේ ජයග්‍රාහකයින් නිවේදනය කිරීමට නියමිතයි.

පහත දක්වා ඇත්තේ මෙවර IIFA Movie Awards හි අවසන් නිර්දේශවීම් ලැයිස්තුවයි. මෙයින් ජයග්‍රහණය ලබනා චිත්‍රපට සහ සිනමාකරුවන් පිළිබඳව සම්පූර්ණ සහ ඉක්මන් විස්තරයක් ඔබ වෙත ගෙන එන්නටත් අපි සූදානම්..!!

Best Picture

Shershaah
83
Ludo
Tanhaji The Unsung Warrior
Thappad

Best Director

Kabir Khan (83)
Anurag Basu (Ludo)
Shoojit Sircar (Sardar Udham)
Vishnuvardhan (Shershaah)
Anubhav Sinha (Thappad)

Best Actor In A Leading Role (Female)

Vidya Balan (Sherni)
Kriti Sanon (Mimi)
Sanya Malhotra (Pagglait)
Kiara Advani (Shershaah)
Taapsee Pannu (Thappad)

Best Actor In A Leading Role (Male)

Ranveer Singh (83)
Vicky Kaushal (Sardar Udham)
Sidharth Malhotra (Shershaah)
Late Irrfan Khan (Angrezi Medium)
Manoj Bajpayee (Bhonsle)

Best Actor In A Supporting Role (Female)

Gauahar Khan (14 Phere)
Radhika Madan (Angrezi Medium)
Lara Dutta (Bell Bottom)
Shalini Vatsa (Ludo)
Sai Tamhankar (Mimi)

Best Actor In A Supporting Role (Male)

Jiiva (83)
Pankaj Tripathi (83)
Pankaj Tripathi (Ludo)
Saif Ali Khan (Tanhaji The Unsung Warrior)
Kumud Mishra (Thappad)

Best Music Direction

Pritam (83)
A.R.Rahman (99 Songs)
A.R.Rahman (Atrangi Re)
Pritam (Ludo)
Tanishk Bagchi, Jasleen Royal, Javed-Mohsin, Vikram Montrose, B Praak, Jaani (Shershaah)

Best Playback Singer (Female)

Shreya Ghoshal for ‘Chaka Chak’ (Atrangi Re)
Priya Saraiya for ‘Kalle Kalle’ (Chandigarh Kare Aashiqui)
Shreya Ghoshal for ‘Param Sundari’ (Mimi)
Jasleen Royal for ‘Ranjha’ (Shershaah)
Asees Kaur for ‘Raataan Lambiyan’ (Shershaah)

Best Playback Singer (Female)

Arijit Singh for ‘Lehra Do’ (83)
Arijit Singh for ‘Rait Zara Si’ (Atrangi Re)
Aijit Singh for ‘Aabaad Barbaad’ (Ludo)
Jubin Nautiyal for ‘Raataan Lambiyan’ (Shershaah)
B Praak for ‘Mann Bharya’ (Shershaah)

Best Story (Original)

Himanshu Sharma (Atrangi Re)
Shubham (Eeb Allay Ooo!)
Anurag Basu (Ludo)
Sandeep Shrivastava (Shershaah)

Best Story (Adapted)

Kabir Khan, Sanjay Puran Singh Chauhan (Based on ICC World CUp 1983) (83)
Abhishek Chaubey, Hussain Haidry (Ankahi Kahaniya)
Laxman Utekar, Rohan Shankar (Mimi)
Om Raut (Tanhaji The Unsung Warrior)
Vijayendra Prasad (Thalaivii)

Best Lyrics

Kausar Munir for ‘Lehra Do’ (83)
Irshad Kamil for ‘Rait Zara Si’ (Atrangi Re)
Irshad Kamil for ‘Shayad’ (Love Aaj Kal)
Tanishk Bagchi for the song ‘Raatan Lambiyan’ (Shershaah)
B Praak, Jaani for ‘Mann Bharya’ (Shershaah)

Share

48 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.