හොලිවුඩ් නිළියගේ සිර දඬුවම අවසන් කෙරෙයි

Avatar Nisanka Weheraduwa | October 29, 2019 61 Views 0 Likes 0 Ratings

61 Views 0 Ratings Rate it

ජනප්‍රිය හොලිවුඩ් නිළියක වන Felicity Huffman හට පනවා තිබූ දින 14ක සිර දඬුවම දින 7 කින් අවසන් කොට තිබෙනවා. ඒ අනුව පසුගිය ඔක්තෝබර් 25 වැනිදා ඇය නිදහස් කිරීමට ඩබ්ලින් අධිකරණය තීන්දු කොට තිබුනා. අල්ලස් චෝදනාවකට වරදකාරිය වීම හේතුවෙන් ඇයට දින 14ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණය තීන්දු කළා. ඇගේ ඉල්ලීම මත අදාළ දඬුවම ඔක්තෝබර් 18 වැනි දින ආරම්භ කිරීමට අධිකරණය අවසර ලබාදී තිබුනා. ඒ අනුව 18 වැනිදා ආරම්භ වුනු Huffmanගේ දඬුවම් කාලය මෙලෙස 25 වැනිදා අවසන් කොට තිබෙනවා.

සිය දියණියට ප්‍රභූ පැලැන්තියේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාදීම සඳහා ඇය දියණියගේ පාසැල් බලධාරීන්ට අල්ලස් ලබාදීමට උත්සාහ දරා තිබුනා. එම වරද පිළිගනිම හේතුවෙන් Huffman හට මෙම දඬුවම පැනවිමට තීරණය කෙරුනා. මෙලෙස සාමාන්‍ය ක්‍රමවේදය විකෘති කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් මිට පෙරද හොලිවුඩ් තරු වරදකරුවන තිබෙනවා.

56 වියැති Felicity Huffman වසර ගණනාවක් තිස්සේ හොලිවුඩ් සිනමාවේ විවිධ චරිත නිරුපණයෙන් සිය හැකියාවන් පෙන්වූ ශිල්පිනියක්. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන,  Primetime Emmy Awards, Screen Actors Guild Awards ඇතුළු විවිධ සම්මාන දිනාගෙන තිබෙන ඇය, ඇකඩමි සම්මාන සඳහාද නිර්දේශ වී තිබෙනවා. කෙසේ නමුත් මෙම වරද වෙනුවෙන් අදාළ සිර දඬුවමට අමතරව ඇය ඇමරිකානු ඩොලර් 30,000ක දඩ මුදලක් සහ පැය 250ක සමාජ සේවා කටයුතු සිදුකිරීම ආදී කොන්දේසි කිහිපයකටද යටත්ව තිබෙනවා.


US actress Felicity Huffman (R) and her husband actor William H Macy (L) exit the John Joseph Moakley Federal Courthouse following her sentencing in connection with the college admission scandal in Boston, Massachusetts, USA, 13 September 2019. Huffman was sentenced to 14 days in prison, she has to pay 30,000 US dollars fine and do 250 hours of community service for her involvement in college admission scandal.

 

Share

61 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.