හොලිවුඩ් මට්ටමේ බොලිවුඩ් අත්දැකීමකට සැරසෙන්න

Avatar Nisanka Weheraduwa | January 11, 2019 3 Views 0 Likes 0 Ratings

3 Views 0 Ratings Rate it

Krish චිත්‍රපට මාලාව බොලිවුඩ් රසිකයින්ට අමතක වෙන්න නම් හේතුවක් නැහැ. ඒ තරම්ම මේ චිත්‍රපට මාලාව ජනප්‍රිය වුනා. 2003 වසරේ තිරගත වුනු මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුනේ Hrithik Roshan, Rekha සහ Priety Zinta. වසරේ දැවැන්තම නිෂ්පාදනයක් වූ මෙය ආදායම් වාර්තා තබමින් තිරගත වුනු චිත්‍රපටයක්ද වුනා. එවකට පැවති සිනමා ආකෘතියට වඩා යම් වෙනසක්සහිතව චිත්‍රපටයේ කතාව ගොඩනංවා තිබුනා. කොහොම නමුත් මේ චිත්‍රපටය කෙතරම් ජනප්‍රිය වුනාද කියනවා නම්, එහි අධ්‍යක්ෂ Rakesh Roshan චිත්‍රපටයේ දෙවැනි අදියරත් නිර්මාණය කරන්න ආරම්භ කළා.

2006 වසරේ Krish චිත්‍රපටය නිර්මාණය වන්නේ ඒ විදිහට. Hrithik Roshan, Rekha සමගින් මේ නිර්මාණයට අලුතින් එකතු වුනේ Priyanka Chopra. ඒ ප්‍රියා විදිහට. මේ චිත්‍රපටය පළමු චිත්‍රපටයේම දිගුවක් විදිහට නිර්මාණය වුනා. පෙර වතාවටත් වඩා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුනු මේ චිත්‍රපටය අතිශය ජනප්‍රිය වුනා.

වසර ගණනාවක නිහැඬියාවකින් පස්සේ Krish 3 නිර්මාණය වන්නේ 2013 වසරේ. එකම කතාවේ දිගුවක් විදිහට නිර්මාණය වන මේ චිත්‍රපටයට Vivek Oberoi සහ Kangana Ranaut අලුතින් එකතු වුනා. මේ චිත්‍රපටයත් කලින් වගේම අතිශය ජනප්‍රිය වුනා. වසර 10ක් තම ජනප්‍රියත්වය එකම විදිහකට පවත්වා ගන්න Krish චිත්‍රපටයට හැකි වුනා.

බොලිවුඩ් සිනමා රසිකයින්ට වගේම Krish චිත්‍රපට මාලාවේ රසිකයින්ටත් තවත් අලුත්ම ආරංචියක් මේ. Krish 4 චිත්‍රපටය නිර්මාණය කිරීමට තමන් සුදානම් බව අධ්‍යක්ෂ Rakesh Roshan පසුගියදා නිවේදනය කොට තිබුනා. සුපුරුදු ලෙස මේ චිත්‍රපටයෙත් Hrithik Roshan සහ Priyanka Chopra රංගනයෙන් දායක වන බවත් නිළ වශයෙන් නිවේදනය කොට තිබුනා. පෙර නිමැවූ ක්‍රියාදාම චිත්‍රපට වලටත් වඩා අධි තාක්ෂණයකින් සහ නිර්මාණශිලිත්වයකින් යුතුව මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට ඔවුන් සුදානම් වනවා. 2019 වසරේ චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කෙරෙන බවටත් ඉඟි පලවනවා. කොහොම නමුත් 2020 නත්තල් සමයේ ප්‍රේක්ෂකයින්ට Krish 4 තිලින කිරීමට තමන් සුදානම් බව නිෂ්පාදක කණ්ඩායම පවසා තිබුනා.

 

Share

3 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.