හොලිවුඩ් සිනමාව, දෙසැම්බරයට ඉතිහාසයෙන් පිටුවක් ගෙනෙයි
හොලිවුඩ් චිත්‍රපට බලන රසිකයින් බොහෝ දෙනෙක් අලුතින් නිකුත් වන චිත්‍රපට ගැන උනන්දුවෙන් ඉන්න බව දන්නා නිසාම හොලිවුඩ් සිනමාවට අලුතින් එකතුවන චිත්‍රපටයක් ගැන තොරතුරු කියන්නයි මේ සුදානම. ඉතිහාස කතා සිනමාවට නැගීම හොලිවුඩ් වලදීත් සිදු වනවා. මේ චිත්‍රපටයත් ඒ වර්ගයේ එකක්. චිත්‍රපටයේ නම Queen of scots.
2017 වසරේ මැද භාගයේදී වැඩකටයුතු ආරම්භ කළ මේ චිත්‍රපටය පළමු දර්ශනය (Premier) පැවැත්වුවේ පසුගිය නොවැම්බර් මාසයේදී. AFI සිනමා උළෙලේ අවසාන දින රාත්‍රියේ (Crossing night) චිත්‍රපටය තිරගත කොට තිබුනා. යහපත් ප්‍රතිචාර බොහොමයක් චිත්‍රපටයට ලැබුනු බව සඳහන්. විශේෂයෙන් ප්‍රධාන චරිත දෙකේ රංගනය සහ ඇඳුම් නිර්මාණ බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට ලක්වුනු බව පැවසෙනවා. කොහොම නමුත් චිත්‍රපටයේ පිටපත ගැන නම් යම් ගැටළු මතුවුණා බව සඳහන්. විශේෂයෙන් තිර රචනය තරමක් දුර්වල මට්ටමක තිබෙන බවත් සමහර ඉතිහාස කරුණු නිවැරදි නොවන බවටත් චෝදනා එල්ලවී තිබෙනවා.
ඉතිහාස කතාවක් සහිත නාට්‍යමය (Historical drama film) විදිහට නිර්මාණය වුනු මේ චිත්‍රපටයට පදනම වන්නේ John Guy රචනා කළ Queen of scots : The true life of Mary Stuart කියන පොත. මේ පොත චරිතාපදානයක් ලෙස ලියවුනු කෘතියක්. චිත්‍රපටය වෙනුවෙන් පොත ඇසුරින් තිරරචනය සකස් කලේ Beau Willimon විසින්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ Josie Rourke. චිත්‍රපටයේ රංගනයෙන් දායක වන්නේ Saoirse Ronan, Margot Robbie, Jack Lowden, Joe Alwyn, David Tennant, GUy Pearce ඇතුළු පිරිසක්.
ඇමරිකානු ඩොලර් මිලියන 25ක පමණ පිරිවැයක් මේ චිත්‍රපටය උදෙසා වැයකොට තිබෙන බව සඳහන්. චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 125ක්. දෙසැම්බර් මස ඇමරිකාවේදී තිරගත වීම් ආරම්භ වන මේ චිත්‍රපටය ජනවාරි මස ආරම්භයේ බ්‍රිතාන්‍යයේ තිරගත වීමට සැළසුම් කොට ඇති බවත් පැවසෙනවා.
Written by Nisanka Weheraduwa