ආදරය, පවුල, සචිත්‍ර සහ දිනිති – දැකල පුරුදු කෙනෙක්

Avatar Nisanka Weheraduwa | March 12, 2019 219 Views 0 Likes 0 Ratings

219 Views 0 Ratings Rate it

සචිත්‍රත් දිනිතිත් කියන්නේ විවාහක යුවලක්. සචිත්‍ර වෘතියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක්. දිනිති, ඒ කියන්නේ සචිත්‍රගේ බිරිඳ ගේදොර කටයුතු කරගෙන පුංචි දියණිය පාසල් ගෙනියන වැඩ කරගෙන ඉන්න ගෘහණියක් විදිහටයි බැලු බැල්මට පේන්නේ. ඒත් ඒ කතාව ඒ තරම්ම සරළ සුන්දර විදිහට පවතින එකක් නොවෙයි. දිනිතිගේත් සචිත්‍රගේ විවාහ ජීවිතය පිටතට පේන සාමාන්‍ය එකක් විතරයි. ඒක ඇතුලේ තියෙන්නේ දරුණු අර්බුධයක්. ඛේදවාචකයක්. ප්‍රේක්ෂකයෙක් විදිහට ඒ දිහා බලන් ඉන්න ඔබට, වරකදී දිනිති ගැන අනුකම්පාවක් ඇතිවෙන්න පුළුවන්. සචිත්‍ර ගැන කේන්තියක් හටගන්න පුළුවන්. ඒත් ඊළඟ මොහොතේම සචිත්‍ර නිවැරදියි කියන මතයට ඇවිත් දිනිතිට වෛර කරන්නත් ඔබ පෙළඹෙන්න බැරි නැහැ. මේ මොහොතින් මොහොත වෙනස් වන හැඟීම් එක්ක තිරය දිහා බලාගෙන ඔබට ඔබවම ප්‍රශ්න කරගන්න දැන් අවස්ථාවක් උදාවෙලා තියෙනවා. ඒ මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයෙන්.

කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙක් විදිහට සිනමා විෂයට පිවිසෙන් මලිත්, නිර්මාණාත්මක ප්‍රචාරක සැළසුම්කරන ශිල්පියෙක් විදිහට කාලයක් කටයුතු කළා. ඔහුගේ පළවෙනි වෘතාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය විදිහටයි මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ. වසර ගණනාවක් තිස්සේ සිනමා සහ කලා විචාරකයකු ලෙසත් චායාරුප ශිල්පියෙක් ලෙසත් කටයුතු කළ භූපති නලින් වික්‍රමගේ මේ චිත්‍රපටයේ තිර රචනය සිදුකොට තිබෙනවා. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂවරයකු වන එම. ඩි. මහින්දපාලයන්ගෙන්. සමාධි ලක්සිරි සහ බිමල් ජයකොඩි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට රංගනයෙන් දායක වනවා. ජගත් මනුවර්ණ, කෞශල්‍යා ප්‍රනාන්දු, චමිලා පීරිස්, දයාදේව එදිරිසිංහ, ලක්ෂ්මන් මෙන්ඩිස්, ප්‍රසන්න මහගමගේ, අතුල පතිරණ, නදී කම්මැල්ලවීර මෙහි සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වනවා.

චිරන්ති මල්ලිකාරච්චි ඇඳුම් නිර්මාණයෙන්, ප්‍රියන්ත දිසානායක වේශ නිරූපණයෙන්, සශික රුවන් ශබ්ද පරිපාලනයෙන්, චාමර චින්තක සහය අධ්‍යක්ෂණයෙන් මේ චිත්‍රපටයට දායකවී තිබෙනවා. දැන් දිවයින පුරා තිරගත වීම් අරඹා ඇති “දැකල පුරුදු කෙනෙක්” සිනමා අත්දැකීම විඳගන්නට ලාංකික ප්‍රේක්ෂක ඔබ සැමට දැන් අවස්ථාව තිබෙනවා.

53259871_2557518034277615_4939886017365671936_n 53400581_2557525707610181_6172571846412599296_n 53425531_2557525757610176_8422994633453207552_n 53580512_2557517864277632_769364741637275648_n 53799355_2557517740944311_788350163532906496_n 53799395_2557525730943512_2864325079955668992_n 54390928_2557517704277648_557221218667724800_n 54436980_2557518127610939_2644753067450302464_n

 

Share

219 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.