කොළඹ අන්තර්ජාතික කාන්තා සිනමා උළෙල ඇරඹෙයි

Avatar Nisanka Weheraduwa | March 1, 2019 48 Views 0 Likes 0 Ratings

48 Views 0 Ratings Rate it

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

1968 වර්ෂයේදී දියත්වූ “කොළඹ අන්තර්ජාතික සිනමා සමාලෝචනය”( International Film Review Colombo) නම් උළෙලෙන් ඇරඹුනු ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සිනමා උළෙල නාමාවලියට තවත් නව සිනමා උළෙලක නාමය එක් කරමින් “කොළඹ අන්තර්ජාතික කාන්තා සිනමා උළෙල”( Colombo International Women’s Film Festival) අද සවස 6.30 ට, කොළඹ 07 ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී සිනමා ශාලාවේදී ඇරඹේ.
ඇජෙන්ඩා 14, ගොතේ ආයතනය, ජාතික චිත්‍රපට සංස්ථාව ආදි ආයතන ගණනාවක සහයෝගයෙන් සංවිධානය වන “කොළඹ අන්තර්ජාතික කාන්තා සිනමා උළෙල” අද සිට මාර්තු 07 වෙනි දා දක්වා , තරංගනී සිනමා ශාලාව, ජර්මානු සංස්කෘතිය මධ්‍යස්ථානය (Goethe Institut), කොළඹ ඇමෙරිකානු සෙන්ටර් (American Center Colombo) හා ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානය (Alliance Francaise de Kotte) යන ස්ථාන හතර ආශ්‍රිතව ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව ඇතුලුව රටවල් 13 ක් නියෝජනය කරන සිනමාපට 38ක් මෙවර උළෙලේ තිරගත කරන අතර , ඒ අතුරින් කෙටි සිනමාපට 15ක් , වාර්තා සිනමාපට 3ක් සහ දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 3ක් ශ්‍රී ලාංකේය නිර්මාණ වේ.
කාන්තාවන් විසින් අධ්‍යක්ෂණය කල සිනමාපට හෝ කාන්තාව තේමාකොටගත් සිනමාපට වලින් පමණක් යුක්තවන මෙම උලෙළේදී , සිනමාව වෙනුවෙන් කල සේවය වෙනුවෙන් සිනමා අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් උපහාර සම්මානයකින් පිදුම් ලැබීමට නියමිත අතර, එයට අමතර ඇගේ අවසන් සිනමා අධ්‍යක්ෂණය වන “වෛෂ්ණාවී” සිනමාපටය උළෙලේ අවසන් සිනමාපටය ලෙසින් තිරගත කෙරේ.

උළෙලේ තිරගතවන ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට-03

##මාර්තු 06- තරංගනී සිනමා ශාලාව- සවස 6.15….
“පුත්තු සහ පියවරු” (Sons and Fathers)- සුමති සිවමෝහන්ගේ අධ්‍යක්ෂණයක්

##මාර්තු 06- ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය- රාත්‍රී 9.00
“රතු සපත්තු” (Red Shoes) – නදීකා බණ්ඩාරගේ අධ්‍යක්ෂණයක්

##මාර්තු 07- තරංගනී සිනමා ශාලාව- සවස 6.30
“වෛෂ්ණාවී” (The Goddess) – සුමිත්‍රා පීරිස්ගේ අධ්‍යක්ෂණයක්
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

Share

48 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.