තිර පිටපත් රචනයට කැමති ඔබට අපූරු අවස්ථාවක්

Avatar Nisanka Weheraduwa | July 29, 2019 1480 Views 0 Likes 3 On 2 Ratings

1480 Views 3 On 2 Ratings Rate it

සිනමාව සඳහා තිර පිටපත් රචනය කෙරෙහි ඇල්මක් දක්වන ඒ සඳහා හැකියාවක් ඇති ඔබ වෙනුවෙන් අලුත් වැඩසටහනක් සංවිධාන කෙරෙනවා. ඒ විවෘත චිත්‍රපට තිර රචනා තරගයක් ලෙසින්. නව්‍යකරණය වූ සිනමාවක් වෙනුවෙන් දක්ෂ තිර රචකයන් සොයායන ගමනක එක පියවරක් ලෙසින් මේ වැඩසටහන සංවිධාන කෙරෙන බව සංවිධායකයින් පවසනවා.

තරගයට කොන්දේසි කිහිපයක් අදාළ වනවා.

01. Drama / Suspense / Thriller ශානරයන්ට අයත් රචනාවක් විය යුතුයි.

02. සිංහල භාෂාවෙන් ලියූ පිටපතක් විය යුතුයි.

03. අවම වශයෙන් A4 ප්‍රමාණයේ පිටු 120ක වත් ලියූවක් විය යුතුයි.

04. එක දර්ශනයක උපරිම කාලසීමාව තත්පර 90ක් විය යුතුයි.

05. 100% ස්වතන්ත්‍ර නිර්මාණයක් විය යුතුයි. තිරපිටපත දිවෙන story line එක රචකයාගේ අභිමතය පරිදි තෝරාගත හැකියි.

ජයග්‍රහණය ලබන පිටපත් තුනක් සඳහා මුදලින් රුපියල් ලක්ෂය බැගින් (100,000/=) තෑගී පිරිනැමීමට නියමිතයි. අනිකුත් පිටපත් සියල්ල ජාතික චිත්‍රපට සංස්ථාවේ තිර පිටපත් බැංකුවට යොමු කෙරෙනු ඇති.

තරගයට ඉදිරිපත් වීමට ඔබ අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා ලියාපදිංචි විය යුතුයි. ලියාපදිංචි විය හැකි අවසන් දිනය අගෝස්තු 03 වැනිදා බව සංවිධායකයින් පවසනවා. පහත දුරකථන අංක අමතා ඔබට තරගයට ලියාපදිංචි විය හැකියි.

0717470969 – මහේල

0719324973 – සුපුනි

0766824029 – ජනිඳු

0715971752 – තාරක

Share

1480 Views 3 On 2 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.