දෙරණ Cinema of Tomorrow සිනමා උළෙල ඇරඹෙයි

Avatar Nisanka Weheraduwa | October 2, 2017 97 Views 0 Likes 0 Ratings

97 Views 0 Ratings Rate it

 

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලට සමගාමීව පැවැත්වෙන “හෙට දවසේ සිනමාව” වැඩසටහන ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී ආරම්භ වුනා. පළමු දිනයේදී සිනමාපට තුනක් තිරගත වීම සිදුවුනා. සුරංග කටුගම්පළ අධ්‍යක්ෂණය කළ “පුතෙකුට” චිත්‍රපටයත් දුමින්ද සංජීව අධ්‍යක්ෂණය කළ දිසිඳි පත් චිත්‍රපටයත් මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ බහුචිතවාදියා චිත්‍රපටයත් මේ යටතේ තිරගත කෙරුණා.
සිනමාපට ප්‍රදර්ශනයෙන් පසුව සිනමා නිර්මාණයට දායක වුනු ශිල්පීන් සමග සිනමා සංවාදයක නිරත වීමටද ප්‍රේක්ෂකාගාරයට අවස්ථාව සළසා තිබීම මෙහි විශේෂත්වයක්. චිත්‍රපට උළෙල සමාරම්භක දිනයේම අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගිව තිබෙනු දක්නට ලැබුණා. විශේෂයෙන්ම සිනමාශාලා ඉදිරිපට දිගු පෝලිම් දැකගත හැකි වීමත්, ආසන ප්‍රමාණයට වඩා ප්‍රේක්ෂකාගාරය වැඩි වීම නිසා ප්‍රේක්ෂකයින්ට සිනමාහලේ බිම හිඳ සිනමාපටය නැරඹීමටත් සිදුවුනා. කෙසේ නමුත් දෙරණ “හෙට දවසේ සිනමාව”, හෙට දවසේ සිනමාවට මහඟු මෙහෙවරක් වන බව නිර්මාණකරුවන්ගේ මෙන්ම පොදු ප්‍රේක්ෂකායගේද මතය වුනා.

Share

97 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.