පුත්තු හා පියවරු ජගත් සම්මාන දිනයි

Avatar Nisanka Weheraduwa | March 23, 2018 80 Views 0 Likes 0 Ratings

80 Views 0 Ratings Rate it

සුමති සිවමොහන් අධ්‍යක්ෂණය කළ පුත්තු සහ පියවරු “Sons & Fathers” චිත්‍රපටය සඳහා ජාත්‍යන්තර සම්මානයක් හමිව තිබෙනවා. ඉන්දියානු ජගත් සිනමා සම්මාන උළෙලේදී හොඳම වෘතාන්ත චිත්‍රපටය ලෙස ජුරි සම්මානය (jury award for best film – feature) සුමතිට හිමි වුනා. සම්මාන උළෙල සඳහා චිත්‍රපට සහ Music videos 110ක ප්‍රමාණයක් ඉදිරිපත් කොට තිබුනා. වෘතාන්ත චිත්‍රපට අංශයට චිත්‍රපට 16ක් ඇතුලත්ව තිබු බව සඳහන්. එම සම්මාන උළෙලේදී හොඳම වෘතාන්ත චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුනේ Lokesh Kumar අධ්‍යක්ෂණය කළ My son is gay නම් චිත්‍රපටයයි.

පුත්තු සහ පියවරු සිනමාපටයට පාදක වන්නේ මෙරට ජිවත් වූ ද්‍රවිඩ පවුල් දෙකක පුද්ගලයන් පිරිසක් මුහුණ දුන් අත්දැකීම් බව සඳහන්. සුමති සිවමොහන් නිර්මාණය කළ දෙවැනි චිත්‍රපටය මෙය වනවා. මිට පෙර වර්ෂ 2013දී ඉංගීරුත්තු නමින් ද්‍රවිඩ සිනමාපටයක් ඇය විසින් නිර්මාණය කළා. ඒ අනුව දමිළ සිනමාපටයක් නිර්මාණය කළ පළමු ශ්‍රී ලාංකීය කාන්තා අධ්‍යක්ෂවරිය වන්නේද ඇයයි. එමෙන්ම සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ ප්‍රථම ශ්‍රී ලාංකික ද්‍රවිඩ අධ්‍යක්ෂවරිය වන්නේද ඇයයි.

Share

80 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.