පෝරිසාදයා පෙබරවාරි 16 වැනිදා සිට දිවයින පුරා
සිරිතුංග පෙරේරා සිනමා නිර්මාණ “පෝරිසාදයා” සිනමාපටය පෙබරවාරි 16 වැනිදා සිට තිරගත කිරීමට සැරසේ. අයුක්තියට අසාධාරණයට එරෙහිව කාන්තා ජවය යන තේමාව යටතේ සිනමාපටය නිර්මාණය වී ඇත. කතාව දෙබස් තිර රචනය සහ අධ්‍යක්ෂණය සිරිතුංග පෙරේරා ගෙනි. චිත්‍රපටයට රංගනයෙන් උදාරි වර්ණකුලසුරිය, ශ්‍රියන්ත මෙන්ඩිස්, දර්ශන් ධරමරාජ්, කුමාර තිරිමාදුර, උදාර රත්නායක, කමල් දේශප්‍රිය, අමිල කරුණානායක ඇතුළු පිරිසක් දායක වී තිබේ. සටන්කාමී චරිත සහ සටන් ජවනිකා සහිත සිනමාපට අවම කාලයක පෝරිසාදයා වෙනස්ම හැඩයක් මෙරට සිනමාවට එක කරන බව පැහැදිලිය. සටන්කාමි ජවසම්පන්න එමෙන්ම හැඩකාර කාන්තා චරිතයක් උදාරි මගින් නිරුපිතය. පෝරිසාදයා චිත්‍රපටයට කුෂාණි සඳරේඛා, ප්‍රභාත් කැලුම්, නිෂි තෙන්නකෝන් ගීත ගායනයෙන් දායකව තිබේ. ඉන්දික විජේරත්න සහ චන්ද්‍රසේන පළිහෙන සිනමාපටය නිෂ්පාදනය කොට තිබේ.
Written by Nisanka Weheraduwa