රංගනශිල්පී සරත් නාමල්ගම සමුගනියි
රංගන ශිල්පියකු සහ නිෂ්පාදක වරයකු ලෙස දිගු කලක් සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළ සරත් නාමල්ගම මහතා අභාවප්‍රාප්ත වෙයි. පසුගිය 13 වැනිදා හෘදයභාදයක් හේතුවෙන් හෙතෙම රෝහල්ගත කොට ඇතැයි සඳහන්. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු හෘදයාභාදය හේතුවෙන් මියගොස් ඇති බව කළුබෝවිල රෝහල් ආරංචිමාර්ග පවසයි.
වසර ගණනාවක් නළුවකු මෙන්ම නිෂ්පාදක වරයකු ලෙසද කටයුතු කළ ඒ මහතා මියයන විට 59 වැනි වියේ පසුවිය. අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ලැබේ.
Written by Nisanka Weheraduwa