විවාහ මංගල්‍යට පෙර ගැබ්ගත් සුරූපිනිය ඉන්දීය මාධ්‍ය කළඹයි

Avatar Nisanka Weheraduwa | April 3, 2019 187 Views 0 Likes 0 Ratings

187 Views 0 Ratings Rate it

දකුණු ඉන්දීය සිනමාවට ආදරය කරන අයට, Amy Jackson කියන්නේ ඉතාම සුපුරුදු මුහුණක්. දකුණු ඉන්දියානු සිනමාවේ ඇතුලේ ඇය එතරම්ම ජනප්‍රියයි. එංගලන්තයේ ජිවත් වන බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වූ ඇමි, දමිළ චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වුනා. ඇය දකුණු ඉන්දීය සිනමා රසිකයින් අතරේ ලොකු ජනප්‍රියත්වයක් ලබා ගත්තා.

පසුගියදා ඇය, ඇගේ Instagram ගිණුමට එකතු කළ පින්තූරයක් හේතුවෙන් ඉන්දීය මාධ්‍ය වගේම අන්තර්ජාතික මාධ්‍ය පවා ඇය ගැන කතා වෙන්න පටන් අරන්. ඇය සිය පෙම්වතා වුනු George Panayiotou සමග සිටින චායාරුපයක්. එහි විශේෂ කතාව වන්නේ ඒක නොවෙයි. තමා ගැබ්ගෙන සිටින බවත්, ලබන ඔක්තෝබර් මාසයේදී දරුවා ප්‍රසුත කිරීමට සුදානම් බවත් ඇය ඒ පින්තූරය සමගින් සටහන් කොට තිබෙනවා. ඇය පසුගිය ජනවාරි මාසයේ විවාහ ගිවිසගත් අතර, එළඹෙන මැයි මාසයේ විවාහ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව සිටියා. නමුත් මේ අතරතුර තමා ගැබ්ගත් බවත් එය එංගලන්තයේ ඉතාම සාමාන්‍ය දෙයක් බවත් ඇය පවසා තිබුනේ රසිකයන්ගේ ගැටළු වලට පිළිතුරු දෙමින්. කෙසේ නමුත් මේ හේතුව නිසා ඇය වැඩ බාරගත් චිත්‍රපට වලට ඇයට දායක වීමට නොහැකි වනු ඇතැයි පැවසෙනවා.

මේ පුවත දැනගත් ඇමිගේ රසිකයන් වගේම, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා ඇයට සුබපතා ඇති බවත් පැවසෙනවා. ඇගේ පෙම්වතාගේ පියා වුනු Andreass Panayiotou එංගලන්තයේ ප්‍රබල ව්‍යාපාරිකයෙක් වනවා.

1545889810_amy-jackson-locking-lips-her-boyfriend-george-panayiotou Amy-jackson-bikini-6 Amy-Jackson-New-Boy-friend-w

Share

187 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.