සැප්තැම්බරය වර්ණවත් කරන Shahid සහ Shraddha Kapoor

Avatar Nisanka Weheraduwa | September 3, 2018 46 Views 0 Likes 0 Ratings

46 Views 0 Ratings Rate it

ඔබ, බොලිවුඩ් සිනමාවට ආදරය කරන අයෙක් නම්, මෑත කාලයේ නිර්මාණය කෙරෙන චිත්‍රපට ගැන ඔබට යම් අදහසක් තියෙනවා වන්නට පුළුවන්. සාම්ප්‍රදායික ආදර කතාවලින් එහාට ගිය විවිධ සමාජීය කාරණා විෂය කරගත් චිත්‍රපට බොහොමයක් පසුගිය කාලය තුළ නිර්මාණය වුනා. ආදර කතා පවා කසියම් වෙනස් හැඩයකින් නිර්මාණය කරන්න සිනමාකරුවන් උත්සාහ කරන බව පැහැදිලියි. සැප්තැම්බරය බොලිවුඩ් සිනමාවට අපූරු චිත්‍රපට කිහිපයක්ම එකතු වෙන වර්ණවත් මාසයක් කිවොත් නිවැරදියි. චිත්‍රපට කිහිපයක්ම බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් තිරගතු වනු ඇතැයි දැඩි බලාපොරොත්තු තබා තිබෙනවා. ඒ බලාපොරොත්තු සහගත චිත්‍රපට කිහිපයින් එකක්    පිලිබඳ තොරතුරුයි මේ.

චිත්‍රපටයේ නම Batti Gul Meter Chalu. Hindi drama චිත්‍රපටයක් වන මෙය Shree Narayan Singhගේ අධ්‍යක්ෂණයක්. ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශ වල දැනටත් සිදුවෙමින් පවතින බව පැවසෙන විදුලිබල මංකොල්ලය පිළිබඳව මේ චිත්‍රපටය හරහා කතාබහ කෙරෙන බවයි පැවසෙන්නේ. මේ සංවිධානාත්මක අපරාධයන්ට එරෙහිව සටන් කරන නීතිඥවරයෙක් ඇසුරින් චිත්‍රපටය ගොඩනැගෙනවා. Sidhartha Singh සමග Garima Wahal චිත්‍රපටයේ කතාව සහ තිරරචනය සිදුකොට තිබෙනවා. නීතිඥවරයා ලෙස ප්‍රධාන චරිතයට රංගනයේ යෙදෙන්නේ Shahid Kapoor. චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් වන Lalita Nautiyal හෙවත් a.k.a.nautiගේ චරිතය සඳහා Kathrina Kaif, Ileana D’cruz සහ Sonakshi Sinhaගේ නම් යෝජනා වී තිබුනත් අවසානයේ Shraddha Kapoor ඒ චරිතය සඳහා යොදාගෙන තිබෙනවා. Divyendu Sharma සහ Yami Gautam චිත්‍රපටයේ සෙසු ප්‍රධාන මට්ටමේ චරිත සඳහා රංගනයෙන් දායක වනවා.

2018 පෙබරවාරි මාසයේ වැඩ ආරම්භ කෙරුණු චිත්‍රපටය අතරමග නවතින්නේ නිෂ්පාදන සමාගම මුහුණදුන් මුල්‍ය අර්බුධය නිසා. නමුත් T-Series Films සමාගම නිෂ්පාදන කාර්යට සම්බන්ධ වීමෙන් 2018 මැයි මාසයේ සිට චිත්‍රපට යළි ආරම්භ කෙරුනා. අගෝස්තු 31 වැනිදා වනවිට තිරගත කිරීම ආරම්භ කිරීමට සැළසුම් කොට තිබුනත් Shraddha Kapoor රංගනයෙන් දායක වන Stree චිත්‍රපටය එදිනම තිරගත විමට නියමිතව තිබු මේ චිත්‍රපටය සැප්තැම්බර් මාසය දක්වා කල් ලබාගෙන තිබුනා. කෙසේ නමුත් අගෝස්තු මස 10 වැනිදා චිත්‍රපටයේ Trailer එක නිකුත් කිරීමෙන් පසුව මේ පිළිබඳව බොහෝ කතාබහ ඇතිවෙමින් පවතින බව පැවසෙනවා. Anu Malik සහ Rochak Kohli සංගීතය නිර්මාණය කළ චිත්‍රපටයට Anshuman Mahaley කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුනා. සැප්තැම්බර් 21 වැනිදා සිට lowapuraa පුරා මේ සිනමාපටය තිරගත වීමට නියමිතයි.

Share

46 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.