සිනමා සංගීතයේ නොමැකෙන සලකුණ

Avatar Nisanka Weheraduwa | October 20, 2017 84 Views 0 Likes 0 Ratings

84 Views 0 Ratings Rate it

ශ්‍රී ලාංකීය සිනමා සංගීතයේ නොමැකෙන සලකුණක් තැබූ ආචාර්ය කේමදාසයන් සැමරීම වෙනුවෙන් සිනමා උළෙලක් සංවිධාන කෙරෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී අද ආරම්භ වන සිනමා උළෙල දින පහක් පුරා පැවැත්වෙනවා. සිනමාපට හතක උළෙලේදී තිරගත කිරීමට නියමිතයි. මිලි මීටර් 35 සිනමාපට 06ක් සහ ප්‍රථම වරට හංස විලක් සිනමාපටය තාක්ෂනය යටතේ ප්‍රදර්ශනය වනවා. එලෙස තිරගත වන සිනමාපට පිළිබඳව පාඨක ඔබ දැනුවත් කරන්න අපි කටයුතු කළා. මේ තවත් එක සිනමාපටයක් පිලිබඳවයි.

සිරි මැදුර
ප්‍රවීණ නාට්‍යවේදියකු වන පරාක්‍රම නිරිඇල්ලගේ සිනමා නිර්මාණයක් ලෙස සිරි මැදුර තිරගත වුනා. පරාක්‍රම නිරිඇල්ල සමග සයිමන් නවගත්තේගම තිර රචනයට දායක වුනු සිරි මදුර සිනමාපටයට ලුෂන් බුලත්සිංහල ගීපද රචනා කළා . ආචාර්ය කේමදාසයන් අපුරු ගී තනු මෙන්ම පසුබිම් සංගීතයද සැපයු මේ සිනමාපටයත් ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් දිනා ගැනීමට සමත් වුවක්. මාලනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙනිය, ලකී ඩයස්, අනෝජා වීරසිංහ, සිරිල් වික්‍රමගේ, එච්. ඒ. පෙරේරා, සලනම් ෆොන්සේකා, ලීනා ද සිල්වා රංගනයෙන් දායක වුනා. මේ සිනමාපටයත් ආචාර්ය කෙමදාස අනුස්මරණ සිනමා උළෙලේදී නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වනවා.

 

Share

84 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.