“සුනාමි” අධ්‍යක්ෂණය උදෙසා ජාත්‍යන්තර සම්මාන දිනාගනියි

Avatar Nisanka Weheraduwa | November 11, 2020 149 Views 0 Likes 0 Ratings

149 Views 0 Ratings Rate it

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

සෝමරත්න දිසානායක මූන්වයිට් ෆිල්ම්ස් අන්තර්ජාතික සිනමා උළෙලේදී “හොඳම අධ්‍යක්ෂක” සම්මානයෙන් පිදුම් ලබයි….

ඉන්දියාවේ මුම්බායි නගරයේදී පසුගිය 08 වෙනිදා නිමාව දුටු 03 වෙනි මූන්වයිට් ෆිල්ම්ස් අන්තර්ජාතික සිනමා උළෙලේදී (Moonwhite Films International Film Fest) ‘අන්තර්ජාතික වෘත්තාන්ත සිනමාපට අංශය’ (Feature Film International) යටතේ “හොදම අධ්‍යක්ෂක”ට පිරිනැමූ සම්මානයෙන් පිදුම් ලැබීමට “සුනාමි” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සෝමරත්න දිසානායක සමත් විය. එයට අමතරව අන්තර්ජාතික අංශය යටතේ වූ “හොඳම චිත්‍රපටය” උදෙසා වූ නිර්දේශ නාමයන් අතරට එක්වීමටද “සුනාමි” චිත්‍රපටය  සමත්වීම විශේෂත්වයක් විය.
2018 වසරේදී සමාරම්භය සනිටුහන් කළ මූන්වයිට් උළෙලට ශ්‍රී ලාංකේය සිනමාපටයක් සුදුසුකම් ලද පළමු වර්ෂය මෙම වසර විය. කොවිඩ්- 19 වසංගතය හේතුවෙන් ඔන්ලයින් සිනමා උළෙලක් ලෙසින් මෙවර උළෙල පැවැත්වුනි. මෙහිදී “සුනාමි” සිනමාපටය ලද “හොඳම අධ්‍යක්ෂක” සම්මානය එම චිත්‍රපටය ජාත්‍යන්තර වශයෙන් ලද 07 වෙනි සම්මානය වන අතර, සෝමරත්න දිසානායක සිය සිනමා නිර්මාණයන් වෙනුවෙන් ලද 36 වෙනි අන්තර්ජාතික සම්මානය වේ.
Share

149 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.