තාල – Music ඇරෙන්න ඔක්කොම Fail – ගයාන් ගාල්ලගේ

Avatar Nisanka Weheraduwa | February 20, 2019 8 Views 0 Likes 0 Ratings

8 Views 0 Ratings Rate it

සටහන : ගයාන් ගාල්ලගේ

*************************************************

ඊයේ ගියා තාල ෆිල්ම් එක බලන්න.කියන්න කණගාටුයි ෆිල්ම් එකකට ඕනම දේ වෙච්චි ‘කතාව’ මේකේ බිංදුවයි.මේ කතාව වෛරස් සිනමාවක තවත් ප්‍රතිඵලයක්.
මතකනේ ‘අබා’ හැදුවයින් පස්සේ රටට ආපු රාජ උෂ්ණ සිනමාව.තවම ඉවරයක් නෑ.රජකතා,බෞද්ධ කතා සංහාරයක් සිනමාව ඇතුළේ සිද්ධ වුණා.ඒකෙන් වුණේ බල්ලන්ට ගහන්න තරම් රජ කතා රීල් රටේ ගොඩ ගැහිච්ච එක විතරයි.ඒ වෙලත් නැවතිල්ලක් නෑ.
දැන් ඒක යටකරගෙන එන්න හදනවා මෝටිවේට් ළමා සිනමාවක්.මේක පටන් ගන්නේ “හෝ ගාණා පොකුණෙන්”.දැන් හැමෝම ගමේ දුප්පත් ඉස්කෝලයක් අල්ලන්,උන්ට මොකාක් හරි ගේම් එකක් කියලා දීලා,උන් පුදුම සහගත ලෙස දිනන එක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක.දැන් මේක අමුතුම ලෙඩක් වෙලා.තාල ෆිල්ම් එකත් ඒ ෆිල්ම් ගොඩේ එක ප්‍රතිපලයක්.කරුමේ කියන්නේ තාල ෆිල්ම් එකට ඒක හරියට කරගන්න බැරිවෙලා තියෙනවා.ෆිල්ම් එක බලලා එළියට එන්න වෙන්නේ “අනේ සාන්ත මේ මොකක්ද ඕයි මේ”කියාගෙන.ඒ තරම් ලොස්ට්.
අසේල සර්(හේමාල් ) කොළඹ ඉඳලා හද්ද පිටිසර පාසලකට මුල් පත්වීම අරන් එන්නේ වෙනස්ම කන්සෙප්ට් එකක් අරන්.පාසල වහනව කියලා රටේ නැති කතාවලට ගුරුවරු යනකොට අසේල සර් මල්ටි ටැලන්ටර් කෙනෙක් වෙලා එක එක වැඩ කරනවා.ළමයින්ට සංගීත කියා දෙනවා,ගණන් කියා දෙනවා,රටේ නැති මගුල් කියා දෙනවා.හැබැයි එහෙව් අසේල සර්ගේ කතාව අස්සේ පාසල ඉවත් කරලා නිධානයක් ගන්න ඇමතිගේ නෝනා ලෑස්ති වෙන කතාවකුත් යනවා.ඉතින් හැමෝම බලන් ඉන්නේ අසේල ස්රුයි,මේ නිදන් කතාවයි එක තැනක එකතුවෙයි කියලා.ඒත් අන්තිමට අසේල සර් කොහෙවත් නිධන් කතාව කොහෙවත්.
නිධානය ගන්න එක නවතිනවා මේ කොල්ලෝ කුරුට්ටෝ ටිකක් එක එක සද්ධ දාලා.අන්තිමට ඉස්කෝලේ වහන්න හදපු නිධන් ගන්න ගේම් ගහපු උන් ෆිල්ම් එක ඉවර වෙන්නත් කලින් ළමයින්ට සුබ පතනවා අත වන වන.ඒ විතරක් නෙමෙයි ගමේ අය එක්ක ඇඟිරි පැඟිරි දානවා නිදන් හොරු.අන්තිමට නිධන් කතාවක් නෑ.ඉස්කෝලෙටත් අවුලක් නෑ.හොරුත් හොඳින්.
ඔහොම ඉන්නකොට අසේල සර් වෙනුවට ටීචර් එනවා.එයා එන්නේ අසේලගේ ඇරියස් කවර් කරන්න.අසේල එයාට කොළඹ ඉඳන් උපදෙස් දීලා ළමයි බෑන්ඩ් ෂෝ එකකින් දිනනවා.හරි ලස්සයි.පස්සේ කට්ටිය එකතුවෙලා නටලා සිංදු කිය කිය වැස්සේ තෙමෙනවා.ඒ තමයි සම්පූර්ණ ෆිල්ම් එක.
යල් පැනගිය කන්සෙප්ට් එකක් තෝරගෙන අධ්‍යක්ෂවරයා ලොවක් අල්ලන්න යන්න හැදුවට අල්ලපු තැනින්ම කෙළවෙල ගිහින්.මොකද බොහෝ සිද්ධි අභව්‍යයි.ඒ නිසා මේ ෆිල්ම් එක තවත් රැල්ලේ කතාවක්.
හැබැයි ෆිල්ම් එකම එක දෙයකින් ජාමේ බේරගෙන තියෙනවා.ඒ චින්තකගේ මියුසික් වලින්.ඇත්තටම කිව්වොත් ෆිල්ම් එක කටත් බලියන් බලන් ඉන්න පුළුවන් තැනකට ගෙනත් තියෙන්නෙ චින්තකගේ එක්ස්පෙරිමන්ට්.ඒ මියුසික් හරි නැවුම්,හරිම සජීවී.ඒ නිසා ඔලුවට වදින ප්‍රමාණය වැඩියි.හැම කොටසකම චින්තක ඒ සලකුණ තබාගෙන තියෙන්නේ.එක පැත්තකින් චන්තකගේ සංගීතයට ෆිල්ම් එක මරන්න පුළුවන් වෙලා තියෙනවා,තව පැත්තකින් ෆිල්ම් එක ජාමේ බේරගෙන තියෙනවා.ඒ නිසා මේ ෆිල්ම් එක ගැහි ගැහී ජීවත් වෙන්නේ චින්තකට පිං සිද්ධ වෙන්න.එහෙම නැතුව රෝහණ වීරසිංහ හරි එඩ්වඩ් ජයකොඩි හරි ෆිල්ම් එකට මියුසික් කරානම් පෙට්ටියකට දාලා ඇණයක් ගහන්න වෙන්නේ.ඒ නිසා අධ්‍යක්ෂවරයා නොමැරී බේරුණේ චින්තක නිසා කියලා පිළිගන්නම වෙනව.චින්තක නැති වුණා නම මේ ෆිල්ම් එක ඉවරටෙම ඉවරයි.
කොහොම වුණත් අනාගත සිනමාව ගැන යම් විස්වාසයක් සංගීතමය පැත්තෙන් චින්තකලා වගේ පිරිස් ඉන්නකොට ඔලුවේ තියා ගන්න පුළුවන්.ඒ නිස මේ ෆිල්ම් එක බලලා “අම්මෝ ඇති යන්තම්” කියලා හිතන්න පුළුවන් චින්තක ගැන විතරයි.ඒදේ විතරයි නැවුම්.අනෙක් හැමදේම,සාම්ප්‍රදායික රැල්ලේ සිනමා ලක්ෂණ.ඒ නිසා අපිට මේ තාල බලලා ආවට කතාව නැවත,නැවත ඔලුවේ වැඩ කරන්නේ නෑ.මැකිලා යනවා සිංදු ටික විතරක් ඉතුරු කරලා.
කොහොම වුණත් දැන් මේ කෙලිය නවත්තන්න ඕනේ.තව තවත් මේ වගේ දුප්පත් කමයි,ඒනිසා ජීවිතය මැරීගෙන ජය ගන්න පාසල් ළමයි ටිකකුයි අල්ලගෙන කරන සිනමාවට තිතත් තියලා අලුතින් හිතලා අලුත් කන්සෙප්ට් ගේන්න ඕනේ කාලය ඇවිත්.දැන්වත් හිතමු.හිතන්න බැරිනම් නොකර ඉමු.

සටහන : ගයාන් ගාල්ලගේ

Share

8 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.