2022 වසරේ HOUSEFULL වූ දෙවැනි චිත්‍රපටය – ආශාවරී

Avatar Nisanka Weheraduwa | March 30, 2022 765 Views 0 Likes 1 On 1 Rating

765 Views 1 On 1 Rating Rate it

සටහන : උදිත ලක්මාල් කහඳවාරච්චි.
විදුලි කප්පාදුව හේතුවෙන් විදුලි ජනක යන්ත්ර නොමැති සිනමාශාලාවල දර්ශන වාර බොහෝමයක් අවලංගු වෙද්දි සහ තෙල්, ගෑස්, ආහාර පාන ආදී විවිධ ආර්ථික හා සමාජීය අර්බුද මැද සිනමාපටයක් නැරඹීමට අවැසි මානසිකත්වය මෙරට ජනයාගෙන් වියැකී යද්දී, 2020/1- 2022/3 කාල පරාසය තුළ කොවිඩ් රෙගුලාසීවලට යටත්ව “හවුස්ෆුල්” පුවරුව අත්පත් කර ගත් දෙවෙනි ශ්රී ලාංකේය සිනමාපටය බවට පත්වීමට තේජා ඉද්දමල්ගොඩ අධ්යක්ෂණය කළ හා EAP මණ්ඩලය බෙදාහරින “අශාවරී” චිත්රපටය පසුගියදා සමත්විය. ඒ අනුව ශ්රී ලංකාවේ වැඩිම ආසන සංඛ්යාවකින් යුක්ත සිනමාශාලා කිහිපය අතර රැඳෙන වැල්ලවත්තේ සැවෝයි ප්රීමියර් හා මහරගම සැවෝයි මෙට්රෝ යන ශාලා ද්විත්වය ඇතුළුව සිනමාශාලා 05 ක දර්ශන වාර 09 ක් “ආශාවරී” හරහා පළමු දින 15 තුළ “හවුස්ෆුල්” පුවරුව අත්පත්කර ගෙන තිබුණි.
“බැට් මෑන්”, “ස්පයිඩර් මෑන්”, “වලිමයි”, ගංගුබායි කාඨියාවාඩී ආදී දැවැන්ත හොලිවුඩ්, කොලිවුඩ්, බොලිවුඩ් ඇතුළුව විදෙස් චිත්රපට 15 කට ආසන්න සංඛ්යාවක් මෙරට සිනමාශාලාවල තිරගතවන වාතාවරණයක් තුළ, “අශාවරී” චිත්රපටය පසුගිය මාර්තු 12 සහ 13 දෙදින තුළ වැල්ලවත්ත සැවෝයි ප්රීමියර් ශාලාවේ සවස 1.30 දර්ශන වාරයත්, මහරගම සැවෝයි මෙට්රෝ ශාලාවේ උදෑසන 10.30 දර්ශන වාරයත්, ගෝල්ෆේස් PVR ශාලාවේ සවස 2.30 දර්ශන වාරයත්, මාර්තු 06 සහ 13 දෙදින තුළ කුරුණෑගල සිනෙප්ස්කෝ ශාලාවේ උදෑසන 10.30 දර්ශන වාරයත්, මාර්තු 13 දින මාතර S.K ශාලාවේ උදෑසන 10.30 දර්ශන වාරයත් ලෙසින් දර්ශන වාර 09 ක් පළමු දින 15 තුළ කොවිඩ් රෙගුලාසිවලට යටත්ව “හවුස්ෆුල්” පුවරුව අත්පත්කර ගැනීම කැපී පෙනේ. මෙහිදී, මේවන විට “ආශාවරී” වෙනුවෙන් ඉහළම ආදායමක් රැස් කිරීමට සමත්වූ සිනමාශාලා ත්රිත්වය අතර ස්ථානගත වීමටද, “හවුස්ෆුල්” පුවරුව අත්පත්කර ගත් වැල්ලවත්ත සැවෝයි ප්රීමියර් (මිලියන 2.3), මහරගම සැවෝයි මෙට්රෝ (මිලියන 1.6) හා කුරුණෑගල සිනෙප්ස්කෝ (මිලියන 1.4) යන ශාලා සමත්ව ඇත. එයට අමතරව ජාඇල- සිනෙමැක්ස්, රත්නපුර- ජෝති, කොළඹ- රීගල්, මාතර- S.K, ගම්පහ- රීගල්, ගෝල්ෆේස් – PVR, නුවර- KCC, ජාඇල- විස්ටාලයිට්, මොරටුව මැක්ස්ලයිට්, මහරගම- ඇමිටිලියිට් හා කෑගල්ල- මිලානෝ යන සිනමාශාලා 11 පිළිවෙළින්, පළමු දින 15 තුළ “අශාවරී” මුදාහළ සිනමාශාලා 61 අතුරින් ඉහළම ආදායම් ඉපයූ සෙසු සිනමාශාලා ලෙස ස්ථානගතව ඇත.
2022.03.03 දින EAP මණ්ඩලය හරහා මුදාහළ “අශාවරී”, පළමු දින 15 තුළ නරඹා ඇති මුළු ප්රේක්ෂක සංඛ්යාව 50,886 ක් වන අතර, එකී කාල සීමාව තුළ චිත්රපටය ඉපයූ මුළු අදායම (විනෝද බද්ද අඩු කළ පසු) රුපියල් එක් කෝටි අනූ හය ලක්ෂයක් විය. මේ අනුව 2020 වසරේ සිට මේ දක්වා කොවිඩ් වාතාවරණය යටතේ සිනමාශාලා වෙත මුදාහළ ශ්රී ලාංකේය චිත්රපට 25 අතුරින්, පළමු දින 15 තුළ වැඩිම ආදායමක් ඉපයූ සහ වැඩිම ප්රේක්ෂක පිරිසක් නැරඹූ චිත්රපට අතර දෙවැනි තැන්හී ස්ථානගත වීමට “අශාවරී” සමත්ව ඇත. (පළමු දින 15 තුළ ජංගි හොරා: අදායම දෙකෝටි පන් ලක්ෂයයි/ නැරඹූ ප්රේක්ෂක සංඛ්යාව 52,208 යි).
සිනමාශාලා ආශ්රයෙන් ශ්රී ලාංකේය චිත්රපට නරඹන ප්රේක්ෂක සංඛ්යාව ක්රමක් ක්රමයෙන් අඩුවීම හේතුවෙන්, විදෙස් චිත්රපට සඳහා වැඩි තිර කාලයක් ලබාදීමට මෙරට සිනමාශාලා හිමියන් වර්තමානයේදී උත්සුක වීම සුලබ සිද්ධියකි. එවන් තත්වයක් තුළ 2022 වසරේ මුල් මාසවල “ජංගි හොරා” ද (මේ වන විට රුපියල් කෝටි 05 අදායම ඉක්මවා ඇත), වර්තමානයේදී “අශාවරී” ද ඉහළ ප්රේක්ෂක හා අදායම් සීමාවක ස්ථානගත වීම, දේශීය චිත්රපට උදෙසා වූ සිනමා තිර කාලය ස්ථාවරව පවත්වාගෙන යාමට රුකුල් දීමකි. එහිදී “එකී චිත්රපටවල අන්තර්ගතය” විවිධ වූ ප්රේක්ෂක- විචාරක මත තුළ දෝලනය වුවද, පෙරකී රුකුල් දීම සැබැවින්ම පැසසිය යුක්තකි.
සටහන: උදිත ලක්මාල් කහඳවආරච්චි
Share

765 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.