28වන වරටත් පැවැත්වූ SAG සම්මාන රාත්‍රිය

Avatar Kavinu Weerakkody | March 2, 2022 98 Views 0 Likes 0 Ratings

98 Views 0 Ratings Rate it

1995 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කෙරෙන Screen Actors Guild Awards හෙවත් SAG Awards චිත්‍රපට සම්මාන උළෙල, පසුගිය පෙබරවාරි 27 වනදා ඇමරිකාවේ කැල්ෆෝනියා හිදී පැවැත්වුනා. හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ දැකගන්නට ලැබෙන ප්‍රධානතම සම්මාන උළෙල කිහිපයටද ඇතුළත් වන එය නැරඹීමට ලෝ පුරා සිනමා රසිකයින් දහස් ගණනක් වාර්ෂිකව එකතු වනවා.

මෙවර 28 වන වතාවට පැවැත්වූ SAG Awards සම්මාන උළෙල වෙන් වී තිබුණේ 2021 වර්ෂයට අදාළව නිකුත් වූ සිනමාපට සහ රූපවාහිනී කතාමාලා වෙනුවෙනුයි.

පසුගිය ජනවාරි 12වනදා SAG Awards හි අවසාන නිර්දේශවීම් ලැයිස්තුව අන්තර්ජාලයට නිකුත් කළ අතර පෙබරවාරි 27 වනදා රාත්‍රී 08 ප්‍රධාන උළෙලේ වැඩ කටයුතු ආරම්භ වුනා. ඊට සමගාමීව එහි සජීවි විකාශයක් TNT සහ TBS රූපවාහිනි නාලිකා හරහා විකාශනය ද සිදු වුනා. Screen Actors Guild-American Federation of Television and Radio Artists (SAG-AFTRA) නැමැති ශිල්පී එකමුතුව හරහා සංවිධානය වන SAG සම්මාන උළෙල මෙවර සෙසු වර්ෂවලට වඩා වැඩි වෙනස්කම් සහිතව දැකගන්නට ලැබීමත් විශේෂත්වයක්!

පෙර උළෙල තුළ දැක ගත නොහැකි වූ සුවිශේෂී අවස්ථා ගණනාවක්ම මෙවර SAG සම්මාන රාත්‍රියෙන් ප්‍රේක්ෂකයින්ට දැකගන්නට ලැබුනා.

මෙවර උළෙලේදී කිසිදු සිනමාපටයකට සම්මාන විශාල ප්‍රමාණයක් දිනා ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ. වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් චිත්‍රපටය වූ CODA දිනා ගත්තේ ද සම්මාන 02ක් පමණයි. House of Gucci සහ The Powe of the Dog චිත්‍රපට ද්විත්වයම සම්මාන ත්‍රිත්වය බැගින් නිර්දේශ වුණත් ඊට සාපේක්ෂව ජයග්‍රහණ වැඩි ගණනක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. ලෝ පුරා සුප්‍රසිද්ධ වූ Squid Game කොරියානු වෙබ් කතාමාලාව සම්මාන 03ක් ජය ගනිමින් වැඩිම සම්මානලාභී කතාමාලාව බවට පත් වුනා.

28වන Screen Actors Guild Awards හි ජය ලැබූ සියලුම ජයග්‍රාහයින් ලැයිස්තුව පහතින් දක්වා තිබෙනවා.

MOVIES

Outstanding Performance by a Cast in a Motion Picture

WINNER: “CODA” (Apple Original Films)
“Belfast” (Focus Features)
“Don’t Look Up” (Netflix)
“House of Gucci” (MGM/United Artists Releasing)
“King Richard” (Warner Bros)

Outstanding Performance by a Female Actor in a Leading Role

WINNER: Jessica Chastain (“The Eyes of Tammy Faye”)
Olivia Colman (“The Lost Daughter”)
Lady Gaga (“House of Gucci”)
Jennifer Hudson (“Respect”)
Nicole Kidman (“Being the Ricardos”)

Outstanding Performance by a Male Actor in a Leading Role

WINNER: Will Smith (“King Richard”)
Javier Bardem (“Being the Ricardos”)
Benedict Cumberbatch (“The Power of the Dog”)
Andrew Garfield (“Tick, Tick … Boom!”)
Denzel Washington (“The Tragedy of Macbeth”)

Outstanding Performance by a Female Actor in a Supporting Role

WINNER: Ariana DeBose (“West Side Story”)
Caitríona Balfe (“Belfast”)
Cate Blanchett (“Nightmare Alley”)
Kirsten Dunst (“The Power of the Dog”)
Ruth Negga (“Passing)

Outstanding Performance by a Male Actor in a Supporting Role

WINNER: Troy Kotsur (“CODA”)
Ben Affleck (“The Tender Bar”)
Bradley Cooper (“Licorice Pizza”)
Jared Leto (“House of Gucci”)
Kodi Smit-McPhee (“The Power of the Dog”)

Outstanding Action Performance by a Stunt Ensemble in a Motion Picture

WINNER: “No Time to Die”
“Black Widow”
“Dune”
“The Matrix Resurrections”
“Shang-Chi and the Legend of the Ten Rings”

 

TV

Outstanding Performance by an Ensemble in a Drama Series

WINNER: “Succession” (HBO)
“The Handmaid’s Tale” (Hulu)
“The Morning Show” (Apple TV Plus)
“Squid Game” (Netflix)
“Yellowstone” (Paramount Network)

Outstanding Performance by an Ensemble in a Comedy Series

WINNER: “Ted Lasso” (Apple TV Plus)
“The Great” (Hulu)
“Hacks” (HBO Max)
“The Kominsky Method” (Netflix)
“Only Murders in the Building” (Hulu)

Outstanding Performance by a Female Actor in a Drama Series

WINNER: Jung Ho-yeon (“Squid Game”)
Jennifer Aniston (“The Morning Show”)
Elizabeth Moss (“The Handmaid’s Tale”)
Sarah Snook (“Succession”)
Reese Witherspoon (“The Morning Show”)

Outstanding Performance by a Male Actor in a Drama Series

WINNER: Lee Jung-Jae (“Squid Game”)
Brian Cox (“Succession”)
Billy Crudup (“The Morning Show”)
Kieran Culkin (“Succession”)
Jeremy Strong (“Succession”)

Outstanding Performance by a Female Actor in a Comedy Series

WINNER: Jean Smart (“Hacks”)
Elle Fanning (“The Great”)
Sandra Oh (“The Chair”)
Juno Temple (“Ted Lasso”)
Hannah Waddingham (“Ted Lasso”)

Outstanding Performance by a Male Actor in a Comedy Series

WINNER: Jason Sudeikis (“Ted Lasso”)
Michael Douglas (“The Kominsky Method”)
Brett Goldstein (“Ted Lasso”)
Steve Martin (“Only Murders in the Building”)
Martin Short (“Only Murders in the Building”)

Outstanding Performance by a Female Actor in a Television Movie or Limited Series

WINNER: Kate Winslet (“Mare of Easttown”)
Jennifer Coolidge (“The White Lotus”)
Cynthia Erivo (“Genius: Aretha”)
Margaret Qualley (“Maid”)
Jean Smart (“Mare of Easttown”)

Outstanding Performance by a Male Actor in a Television Movie or Limited Series

WINNER: Michael Keaton (“Dopesick”)
Murray Bartlett (“The White Lotus”)
Oscar Isaac (“Scenes From a Marriage”)
Ewan McGregor (“Halston”)
Evan Peters (“Mare of Easttown”)

Outstanding Action Performance by a Stunt Ensemble in a Television Series

WINNER: “Squid Game”
“Cobra Kai”
“The Falcon and the Winter Soldier”
“Loki”
“Mare of Easttown”

සම්මාන උළෙලේ මෙතෙක් ඉතිහාසය තුළ Outstanding Performance by a Cast in a Motion Picture කැටගරියට තේරී පත් වූ පළමු ශ්‍රව්‍යාබාධිත රංගන ශිල්පීන් පිරිස බවට පත් වූ CODA රංගන ශිල්පීන් කණ්ඩායම අවසානයේදී ඒ සම්මානයත් තමන් සතු කරගත්තේ කිසිවෙකුත් නොසිතූ පරිද්දෙන්…

ඊට අමතරව SAG සම්මානයක් දිනා ගත් පළමු ශ්‍රව්‍යාබාධිත රංගන ශිල්පිනිය වීමටත් CODA හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ Troy Kotsur සමත් වුනා. Lee-Jung Jae විසින් Squid Game වෙනුවෙන් හොඳම නලුවාට හිමි සම්මානය දිනාගත්තේ, ඒකල SAG සම්මානයක් ජයග්‍රහණය කළ පළමු කොරියානු ජාතිකයා සහ පළමු ආසියානු පුරවැසියා බවටත් පත් වෙමින්…

Share

98 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.