Indiana Jones රූගත කරද්දී Harrison Ford අනතුරකට ලක්වෙයි.

Avatar Nisanka Weheraduwa | June 29, 2021 17 Views 0 Likes 0 Ratings

17 Views 0 Ratings Rate it

Indiana Jones 05වන සිනමාපටයේ වැඩ කටයුතු අතරතුරේදී රංගන ශිල්පී Harrison Fordගේ උරහිස ආබාධයට ලක් වී තිබෙනවා. ඒ ඔහු විසින් සිනමාපටයට අදාළ සටන් ජවනිකාවක පෙර පුහුණුවීම් සිදු කරන විටදීයි. හදිසි අනතුරත් සමඟ මේ වන විට රූගත කිරීම් මදක් ප්‍රමාද වී ඇති බව නිෂ්පාදක කණ්ඩායමෙන් දැනුම් දී තිබුනා. නමුත් Harrison Fordගේ ආබාධය සුව වෙන තෙක් නොසිට, ඔහුට අයත් නොවන සෙසු දර්ශන සියල්ලම ඉක්මනින්ම රූගත කර අවසන් කරන බව ඔවුන් කියා තිබෙනවා. Harrison Fordගේ අනතුර අසාධ්‍ය නොවන බවටයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. වෛද්‍ය උපදෙස් අනුව මේ වනවිට විවේක ගන්නා ඔහුට නුදුරු දිනකදී නැවතත් රූගත කිරීම්වලට එකතු විය හැකි බවත් ඔවුන් දැනුම් දුන්නා.

Harrison Ford ලෝක සිනමාවෙන් බිහිවුණු දැවැන්තම Action Hero කෙනෙක්. එහෙමත් නැත්නම් ක්‍රියාදාම නලුවෙක්. හැබැයි මේ වෙද්දි Harrisonගේ වයස අවුරුදු 80කට ළගයි. එතරම් වයසකදි පවා තමන්ගේ සිනමාපටවල සටන් දර්ශන සඳහා Stunt පුහුණුවීම් කරන්න තරම් ඔහු ශක්තිමත්. Indiana Jones මුලු සිනමාපටයම ගෙතෙන්නේ ක්‍රියාදාම වටායි. එවැනි චිත්‍රපටියක වයස අවුරුදු 78ක පුද්ගලයෙක් ප්‍රධාන චරිතයට රඟපෑම කියන්නෙම බොහොම වගකීම්සහගත කාර්යයක්.

මේ අභියෝගයට ඔහු මුහුණ දුන් ආකාරය බලාගන්න නම් අපිට 2022 වසර තෙක්ම බලා සිටින්නට වෙනවා. Indiana Jones සිනමාපට මාලාවේ පස්වන සහ අවසානම චිත්‍රපටය වන්නේ ද මෙයයි. මේ දිනවල එංගලන්තය ආශ්‍රිතව රූගත කිරීම් සිදු කරන මෙම Indiana Jones සිනමාපටයට Mads Mikkelsen,  Phoebe Waller,  Toby Jones වැනි මේන් ස්ට්‍රීම් නලු නිළි පිරිසක්ම එකතු වී සිටිනවා. Logan, Ford v Ferrari, The Wolverine වැනි සිනමාපට නිර්මාණය කළ James Mangold විසින් අධ්‍යක්ෂණය කළ මෙහි තිර පිටපත රචනා කරන්නේ Philip Kaufman සහ George Lucasද විසිනුයි.

Share

17 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.