රිෂී කපූර්ගේ අවසන් සිනමාපටය – Sharmaji Namkeen

Avatar Nisanka Weheraduwa | September 17, 2021 33 Views 0 Likes 0 Ratings

33 Views 0 Ratings Rate it

පසුගිය අප්‍රේල් මාසයේදී දිවියෙන් සමුගත් ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී Rishi Kapoor රංගනයෙන් දායක වුණු අවසාන චිත්‍රපටය Sharmaji Namkeen. නමුත් චිත්‍රපටය අවසන් කරන්නට කලින් අවාසනාවන්ත ආකාරයට ඔහු මරණයට පත් වූ නිසා එහි නිෂ්පාදන කටයුතුත් මදක් අඩාල වුනා. කෙසේ නමුත් මේ වනවිට Sharmaji Namkeen හි වැඩ කටයුතු බොහෝමයක් නිමා වුණු පසුබිමක තිබෙන නිසා පසුගියදා එහි පළමු පූර්ව ප්‍රචාරක පෝස්ටර කිහිපය අන්තර්ජාලයට නිකුත් කරන්න නිෂ්පාදකයින් කටයුතු කළා.

පූර්ව ප්‍රචාරක පෝස්ටර එළි දැක්වීම සිදු කළේ Rishi Kapoorගේ දියණිය, Riddhima Kapoor විසින්. සැප්තැම්බර් 04 වනදාට යෙදී තිබුණු Paresh Rawal උපන් දින සැමරුව නිමිති කරගෙන මේ කටයුත්ත සිදුවුනා. නමුත් මේ first look posters දකිද්දී මේ නළුවන් දෙදෙනාම රඟ දක්වන්නේ එකම චරිතයක්ද කියන ගැටළුව ඇති වනවා.  රිෂීගේ මරණය සිදු වුණේ Sharmaji Namkeen රූපගත කිරීම් අතරෙදි. එතකොට ඔහුගේ දර්ශන බොහෝමයක් shoot කරලා තිබුණේ නැහැ. ඒ මොහොතේ  චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් දැඩි අසීරුවකට මුහුණ දුන්නා. එක්කෝ සිනමාපටය අතහැර දාන්න සිදු වෙනවා, නැත්නම් වෙනත් නළුවෙක් යොදා ගනිමින් චිත්‍රපටය නැවත රූගත කරන්නට සිදු වනවා.

Sharmaji Namkeen අධ්‍යක්ෂක Hitesh Batia තෝර ගත්තේ මින් දෙවෙනි ක්‍රමය. එහෙම Rishi Kapoor වෙනුවට ඔවුන් තෝරා ගනිපු රංගන ශිල්පියා තමයි අනෙක් පෝස්ටරයේ ඉන්නේ. Paresh Rawal… වර්තමාන ඉන්දීය සිනමාවේ සිටින දක්ෂතම චරිතාංග නලුවෙකු වන Paresh Rawal මින් පෙර අවස්ථා ගණනාවකදීම රිෂී කපූර් සමඟ සිනමා රංගනයේ යෙදී තිබෙනවා. හැබැයි අධ්‍යක්ෂක Hitesh Batia විසින් Paresh Rawalගේ රූපගත කිරීම් කළත්, Rishi Kapoorට කරන ගෞරවයක් වශයෙන් ඔහු සිටින දර්ශන ඉවත් කරන්නෙත් නැහැලු. චිත්‍රපටයේ මුල් භාගයේ Rishiත් අනෙක් භාගයේ Pareshත් දැකගන්න හැකි වෙන ආකාරයට සිනමාපටය නිර්මාණය කරන්න ඔවුන් කටයුතු කරන බවයි වාර්තා වන්නෙ. එනිසා චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයින්ටත් රිශිගේ මතකයට අවසන් වතාවට ගරු කරන්නට මෙය හොඳ අවස්ථාවක් වේවි.

“We are proud to present, the poster of a very special film- Sharmaji Namkeen, starring one of the most celebrated actors in the Hindi film industry whose inimitable work and sparkling career we will cherish forever, Mr. Rishi Kapoor. As a mark of love, respect, and remembrance of him and as a gift to his millions of fans, here is the first look of his final film.”

මේ අවස්ථාවට සහභාගී වෙමින් රිශිගේ දියණිය Riddhima Kapoor දැක් වූ අදහසයි ඒ… තමන්ගේ පියාගේ චරිතයේ ඉතිරි කොටස සම්පූර්ණ කළ Paresh Rawalට ස්තූති කරන්නටත් ඇය අමතක කළේ නැහැ.

“A big thank you to Mr. Paresh Rawal, who completed the film by agreeing to take the sensitive step of portraying the same character played by Rishi-ji. Produced by Excel Entertainment and Macguffin Pictures, directed by debutant Hitesh Bhatia, this film is a light-hearted coming-of-age story of a lovable 60-year-old-man.”

චිත්‍රපටය සිනමා ශාලා ප්‍රදර්ශනයට නිකුත් කරන බවටයි මුලින් නම් කියැවුණේ. නමුත් මෙම කෝවිඩ් තත්වය නිසා එහි වෙනසක් සිදු වේ දැයි තවමත් නිශ්චිතව දක්වලා නැහැ. Rishi Kapoor සහ Paresh Rawalට අමතරව Satish Kaushik, Parmeet Sethi, Juhi Chawla සහ Sheeba Chaddaද සෙසු රංගනයෙන් දැකබලා ගන්නට පුලුවන්. අන්තර්ජාලයේ සඳහන් වෙන ආකාරයට Rishi Kapoor මීට ගිවිසුම් අත්සන් කරලා තිබෙන්නේ 2017 වසරේදී. නමුත් 2018 වසරේදී ඔහු තමන්ගේ පිළිකා ප්‍රතිකාර සඳහා ඇමරිකාවට ගිහින් නැවතත් ඉන්දියාවට පැමිණියේ 2019 සැප්තැම්බර් මාසයේදීයි. ඉන්පසුව 2020 ජනවාරි මාසයේ මෙහි රූගත කිරීම් ඇරඹුණත් ඒ අතරතුරේදිත් බොහොම ගැටලුකාරී සිද්ධි රාශියක් ඇති වුණාලු. අධ්‍යක්ෂක Hitesh Batiaගේ පළමු නිර්මාණය වන්නෙත් මෙයයි. Sharmaji Namkeen සිනමාපටය Excel Entertainment නිෂ්පාදනයක්.

Share

33 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.