30 වසරක යුද්ධය අවසන්වී 10 වසරකට පසු – සේයාරූ එකතුව
අප රටේ දශක ගනනාවක සිටි බලලෝභී නිර්ලජ්ජිත දේශපලකයින්ගේ කෙරුවාවේ ප්‍රතිඵලය හේතුවෙන් උතුරේ සහ දකුණේ අප වසර 30 ක් එකිනෙකා හා කාකොටා ගනිමින් යුද්ධ කලෙමු. ඒ වසර 30 කුරිරු යුද්ධය අප රටේ මිනිසුන්ට ජාති , ආගම් , කුල මළ බේදයක් නොතකා අහිමිකලදෑ බොහෝය. 30 වසරක යුද්ධය හේතුවෙන් දේශපලකයින්ට සහ ඔවුන්ගේ හිතයිශීන්ට නම් හිමිවූ දෑ බොහෝය . ඔවුන් යුද්ධයට මුවාවී තම තමුන්ගේ බඩ වඩාගෙන මඩිය තරකරගත් අතර බහුතරයක් වන රටේ මහජනතාවට විදින්න්ට වූ පීඩා අපමනය. එයිනුන්ත් උතුරේ සහෝදර ජනතාවට සිදුවූ වියසනය , දුක්ඛ දෝමනස්සය මෙතෙකැයි කියා කිව නොහැක.
90 දී උතුර යුධපිටියක් වන් විට උතුරේ වැසියන් තම ගේ දොර ඉඩකඩම් හැරපියා ජීවිත බේරගන්න්ට පිටව ගියා මිස කිසිවක් රැගෙන ගියේ නැත. ඔවුනට තම දූදරුවන් , දෙමපියන් නෑ හිතවතුන් ගෙදොර ඉඩකඩම් සියල්ල අහිමිව ගිය අතර අවසන සරණාගත කදවුරුවල ගතකරන්නටත් නොයෙක් අඩම්තේට්ටම් වලට ලක්වන්න්නටත් සිදුවිය. ඉන්න හිටින්නට ගොවිතැනක් කරගන්නට ඉතිරිවූ ගේදොර ඉඩකඩම් බහුතරයක්ම රජයේ හමුදාව බාරයට පත්විය. වසර 30 ක යුද්ධයෙන් පසු රජය බාරයේ ඇති ඔවුන්ගේම ඉඩම් ඉල්ලා අරගල කරන්නට ඔවුනට සිදුවිය. ඉඩම්වලින් කොටසක් තවමත් නිදහස්කර නැත.
යාපනය තෙල්ලිපලේහි නිදහස් කරන ලද හා නොකරන ලද සියගනනක් නිවාස බොහොමයක් ම වල්බිහිවී ඇති අතර මේවනවිට බොහොමයක් නිවසවල ඉතිරිව ඇත්තේ සැකිල්ල පමණය. ඒවයේ තුබූ වටිනා කියන බඩුභාණ්ඩ පමනක් නොව උලුවහු ජනෙල් පවා අතුරුරන්වී ඇත. ඔවුන්ගේ ජීවිත කොල්ලකා ඇත. 83කලු ජූලියේ සිට ඔවුන්ගේ ජීවිත කොල්ලකෑම ආරම්භ වූයේ නිසි බලධාරීන් දැක්කත් නොදැක්කා සේ මුනිවත රකිද්දීය. යුද්ධ කාලයේදීත් ඊට පසුවත් එය ජයට සිදුවිය.
සටහන සහ සේයාරූ : වරුණි අනුරුද් ධිකා චන්ද්‍රසේන
Written by Nisanka Weheraduwa