Sri Lanka's Best Cinema Portal

 


මොකද්ද මේ 35?

0
Posted May 21, 2013 by Cinema.lk A in News
nfc-theater

චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ප්‍රමාණවත් තරම් සිනමා ශාලා නොමැති වීම මෙරට සිනමා කර්මාන්තය තුළ දක්නට ලැබෙන ප්‍රධාන ප්‍රශ්ණයක්.මේ ප්‍රශ්ණය මුල්කර පසුගිය කාල වකවානුව තුළ කණ්ඩායම් කිහිපයක් අතර ඉතා දරුණු මත හේද හටගත්තා.ජාතික චිත්‍රපට සංස්ථාව විසින් පිටපත් සංඛ්‍යාව 35කට සීමා කීරිමත් සමග එකම ක්ෂේත්‍රයේ පිරිස් දෙපිලකට බෙදී ඒ පිළිබද මත පල කරන්න පටන් ගත්තා.ඇතමෙක් මේ 35 සීමාවට කැමත්ත පල කරද්දී ඇතමෙක් විරුද්ධ වුණා.පහතින් සඳහන් වන්නේ ඒ එකිනෙකා මාධ්‍ය වෙත පල කල අදහස් කිහිපයක්.

 

පිටපත් 35 කට සීමා කළොත් මම සිනමාවෙන් සමු ගන්නවා – සෝමරත්න දිසානායක

 පළමු වටයේ මුදා හරින චිත්‍රපට පිටපත් 35 කට සීමා කිරීමේ කොන්දේසිය නොවෙනස්ව දිගටම පැවතුනහොත් මට ගත හැකි තීරණ දෙකකි. එකක් නම්, මා දැනට පවත්වාගෙන යන ආරයේ සිනමාකරණය නවත්වා අඩු මුදලක් වැය කොට කසිකබල් ගණයේ චිත්‍රපට හැදීමයි. දෙවැන්න නම්, සිනමාකරණයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමයි. පළමු තීරණයට මා කිසි දිනක නොයනු ඇත. එහෙයින් මට ඇත්තේ දෙවැන්න තේරා ගැනීම පමණි. මා තනි පුද්ගලයකු නිසාත් ආකර්ෂණීය චිත්‍රපට නිපදවන තවත් සිනමාකරුවන් සිටින නිසාත් මගේ වෙනස දේශීය සිනමාවට එතරම් නොදැනෙන්නට ඉඩ ඇත. නමුත් මට බලපාන සාධක අනිකුත් ආකර්ෂණීය නිර්මාණ කරන අයටත් එසේම බලපාන හෙයින්, ඔවුනද එම තීරණ දෙකෙන් කුමක් හෝ ගත්ත ද හිස එසවීමට හදන අපේ දේශීය සිනමාවට නම් දෙවියන්ගේම පිහිටය.

සරසවිය

 

චිත්‍රපට ප්‍රදර්ශණය සහ බෙදාහැරීම පිටපත් 35 කට සීමාකරමින් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් 2013 ජනවාරි 01 දින නිකුත් කරන ලද නියෝගයට, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ලෙස අපගේ ද එකඟතාව පළවුයේ, ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය තුළ වර්තමානයේ පවතින උග්‍ර සිනමා ශාලා හිඟය සැලකිල්ලට ගනිමිනි.

දැනට ශ්‍රී ලංකාව තුළ පවතින සම්පුර්ණ සිනමා ශාලා සංඛ්‍යාව 160 ක් වන අතර, ඉන් සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා වඩාත් යෝග්‍ය සිනමා ශාලා පවතින්නේ – 80 ක් පමණි.

තතු එසේ තිබියදී යම් චිත්‍රපට නිෂ්පාදකයකු තම චිත්‍රපටය සඳහා පිටපත් 55 කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරීම, දැනට ප්‍රදර්ශනය සඳහා පෝලිම් වී ඇති අනෙකුත් චිත්‍රපට වල ප්‍රදර්ශන අවකාශය ඉතාම අයුක්ති සහගත අන්දමට අවහිර කර දමන්නකි.

ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය

 

“අපි පිටපත් 55ක් මේ වනවිට මුද්‍රණය කර අවසන්. අපිට මේ පනවා ඇති නීතිය අදාලවෙන්නෙ නැහැ .මොකද මේ නීතිය පැනවීමට වසර දෙකකට පමණ පෙරයි අපි සිරි පැරකුම් චිත‍්‍රපටයෙ නිෂ්පාදන සැළසුම් යටතේ ඊ.ඒ.පී සමාගම සමග සාකච්ජාකරගත්තෙ ප‍්‍රදර්ශණය සඳහා මුද්‍රණය කරණ පිටපත් සංඛ්‍යාව සම්බන්ධව. ඉතින් නව නීතිය අලූතෙන් චිත‍්‍රපට නිෂ්පාදනය කරණ අයට අදාලවෙයි

රේණුකා බාලසුරිය

 

චිත්‍රපටියක පිටපත් 35 පැන්නුවොත් සිනමාව කම්බස්’

ඩොනල්ඩ් ජයන්ත

පිටපත් ප‍්‍රමාණය තීරණය කිරීමේ අයිතිය පවතින්නේ නිෂ්පාදකයා සතුවයි

සුනිල් ටී ප්‍රනාන්දු

 

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2