Sri Lanka's Best Cinema Portal

 

(3D Films) ත්‍රිමාණ චිත්‍රපට හැදෙන්නේ මෙහෙමයි

0
Posted January 1, 2013 by Cinema.lk in Articles

වර්තමානයේ අපට සිනමා ක්ෂේත්‍රයේ නිතර ඇසෙන වචනයක් තමයි මේ කියන 3D Films එහෙමත් නැත්නම් ත්‍රිමාණ චිත්‍රපට එක. සැබැවින්ම මේ ත්‍රමාණ තාක්ෂණය යනු කුමක්ද?

මුලින්ම අපි බලමු පියවි ලෝකයේදී අප දෑස් වස්තූන් හදුනාගන්නා ආකාරය.අප දෑස් යම් වස්තුවක් දකින්නේ දිගක් හා පලලක් ඇති ද්වීමාන ආකාරයකටයි. මෙහිදි අප දෑස් වලට ගැඹුර පිලිබද අවබෝධයක් නැත .එහිදි අප දකින්නේ ජයාරූපයකදි දක්නා මෙන් ද්විමාන රූපයකි .නමුත් එකිනෙකට පරතරයක් සහිතව පිහිටි අප දෑස් මගින් දක්නා ලද එම රූපය අපගේ මොලය වෙත සන්නිවේදනය කිරීමෙන් අනතුරුව මොලය විසින් වම් සහ දකුණු ඇසින් දක්නාලද වු එම රූපසටහන් එකලස් කොට එහි ගැඹුර පිලිබද යම් නිශ්චයක් ලබාදෙයි. එවිට අප හට එම වස්තුවේ ගැඹුර පිලිබද අවබෝධයක් ලැබේ.

සාමාන්‍යයෙන් පියවි ලෝකයේ දී අපට ඇසකින් යමක් දර්ශණය වන්නේ ද්විමානවයි. එනම් අපට එක් ඇසකින් දිස්වන්නේ දිග හා පළල පමණක් දර්ශණය වන ද්විමාන දර්ශණ පමණයි. ඒත් අපගේ දෘෂ්ඨියේ දී අනෙක් ඇසත් භාවිත වන බැවින් හා ඇස් 2 අතර යම් දුර ප්‍රමාණයක් ඇති බැවින් අපට ගැඹුර (උස) දැකගත හැක.

නමුත් ත්‍රිමාණ සිනමා පටයක් නැරඹීමේ දී අපට විශේෂ උපැස් යුවලක් පැළඳමට සිදුවේ. මෙවැනි උපැස් යුවලක දක්නට ලැබෙන්නේ නිල් සහ රතු වශයෙන් යුතු වීදුරු 2කි.  සිනමා ප්‍රො‍ජේක්ටර  මඟින් තිරය මතට රූප පතිත කිරීමේදි එම රූප මතට නිල් සහ රතු වශයෙන් සෙවනැලි 2ක් තිරය මතට ප්‍රක්ෂේපණය කරනු ලබයි.  එමෙන්ම මෙම සෙවනැලි 2 මෙය පියවි ඇසට පෙනෙන්නේ බොද වූ සෙවනැල්ලක් ලෙසිනි. නමුත් තිරයේ පවතින රතු සෙවනැල්ල රතු පැහැති වීදුරුවෙන් නොපෙ‍නේ. ඒ කාචය සහ සෙවනැල්ල එකම වර්ණය බැවිනි. එම නිසා රතු සෙවනැල්ල සහිත රූපය හදුනාගන්නේ නිල් පැහැ කාචය මගිනි. නිල් පැහැ සෙවනැල්ල සහිත කාචය හදුනාගන්නේ රතු පැහැ කාචය සහිත ඇසයි. දැන් අපගේ ඇස් දෙක විසින් එකිනෙකට මදක් වෙනස් පිහිටීමෙන් යුතූ රූප 2ක් දුටු බවට මොලය කරා සංඥාවක් යවනු ලැබේ. ඉන්පසු මොලයේ බාහිකය මගින් එම රූපයන් සංසන්දනය කර ඒ සදහා නිශ්චිත ගැඹුරක් ලබාදීම සිදුකෙරේ. ඉන්පසුවයි අපහට ත්‍රිමාණ රූපයක් දිස්වනුයේ. ත්‍රිමාණ චිත්‍රපට වලදී එකිනෙකට සුළු වෙනස්කමක් ඇති ඇතිව තැබූ කැමරා දෙකකින් නිර්මාණය කෙරෙන දර්ශණ දෙකක් එක මත එක තබා චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබනවා. එබැවින් එක් ප්‍රොජෙක්ටරයක් පමණක් භාවිත කර දර්ශණය තිරය මත ප්‍රක්ෂේපණය කිරීමට දැන් හැකියාව ලැබී ඇත. නමුත් මීට පෙර මේ කාර්යය සඳහා ප්‍රොජෙක්ටර දෙකක් අවශ්‍ය ව්ය. මෙලෙස තිරය මත දිස්වන දර්ශණය දෙස පෙර කී ආකාරයේ උපැස් යුවලකින් නැරඹී‌ෙම්දී ත්‍රිමාණ ආකාරයේ දර්ශණ නැරඹිය හැක.

මීට අමතරව තවත් ක්‍රම කිහිපයක්ම ඇතත් වඩාත් බහුලව භාවිත වන්නේ මේ ක්‍රමය යි.

දැනට සැවොයි සිනමා ශාලාවේ තිරගත වන, බොක්ස් ඔෆිස් වාර්තා අතර මුල් තැනේ සිටින හොබිට් චිත්‍රපටයේ ත්‍රිමාණ දර්ශණ ලබාගන්නා ආකාරය හා දෘශ්‍ය ප්‍රයෝග භාවිත කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ඉහතින් දැක්වේ.

Share

About the Author

Cinema.lk


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2