Sri Lanka's Best Cinema Portal

 


Dawala paura – ධවල පවුර

0
Posted June 13, 2012 by in
sa-25-4

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

2.5/ 5

Quick Stats

 
Director:
 
Actors: , ,
 
Producer: ,
 
 
Release Date: 2011-01-21
 
Story Line: සෙනරත් බණ්‌ඩාර දුනුවිලගේත් සිල්වියා දුනුවිලගේත් එකම දියණිය මධුවන්ති දුනුවිල යෙහෙළියන් අතර විනෝදකාමී සමාජශීලි යෞවනියක්‌. දෙමවුපියන්ගේ අසීමිත ආදරය ලබමින් නිදහසේ පියාසරන කිරිල්ලියක්.තම පවුලේ බඩපිස්‌සා වන උදාර වික්ර මසිංහ ස්‌වශක්‌තිය පිළිබඳ විශ්වාසයකින් යුක්‌තව මල් වගා ව්යාදපාරයක යෙදෙන තරුණයෙක්‌. බලවතුනගේ ධන නිල කුල බලයට වඩා මිනිස්‌කම අගය කරන මානව හිතවාදියෙක්‌ මිතුරන් අතර නායකයෙක්‌. අයුක්‌තියට එරෙහිව යුක්‌තියත් අසාධාරණයට එරෙහිව සාධාරණයත් දෝතින් ගත් සටන්කාමියෙක්‌,කෞතුක භාණ්‌ඩ අලෙවිසල් හිමියකු වන විල්ප්රධඩ් රණබාහුගේ එකම පුත් මාලන් රණබාහු ඉතාලියේ මෝසතර නිර්මාණ ශිල්පියෙක්‌ සොඳුරු පරිසරවේදියෙක්‌,සංවාදශීලී තරුණයෙක්‌. තමාට පෙර අනෙකා ගැන සිතන පරිත්යාදගශීලියෙක්‌.මධුවන්ති,උදාර සහ මාලන්......... "ධවල පවුර" මොවුන්ගේ ආදර කථාවයි
 

Positive:

රංගනය සාර්ථක මට්ටමක පවති.
 

Nagetive:

සම්පුර්ණ චිත්‍රපටය තුළ කුතුහලය රඳවා ගැනීමට නොහැකිව තිබේ.සම්ප්‍රදායික කතා පෙළක් පවතින බැවින් ප්‍රේක්ෂකයාට අවසානය කලින් තිරණය කිරිමට හැකිව තිබිම.
 
Small Description

ඉතාලියේ වෙසෙන ලාංකික මෝස්තර නිරූපණ ශිල්පියෙක් හා විසිතුරු මල් විකුණමින් ජීවත්වූ ගැමි තරුණයෙක් එකම යුවතියකට පෙම් බඳින අපුර්ව ආදර අන්දරය… “ධවල පවුර”

by Cinema.lk A
Full Article

මෙරට මෙන්ම ඉතාලියේ දීත් එහි රූගත කිරීම් සිදු කර ඇති ධවල පවුර චිත්‍රපටය ජනප්‍රිය නළුවකු වන ලක්ෂ්මන් ආරච්චිගේ ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.ලක්ෂ්මන් ආරච්චිගේ සහ සුනිල් සාලිය රණවීර මෙහි එන ප්‍රධාන චරිත ද්විත්වය මවන අතරම සම නිෂ්පාදනයෙන් ද දායක වේ.

සම්මානනීය ප්‍රවීණ සිනමා නිළි ක්ලැරිස් ද සිල්වා මෙහි ප්‍රබල චරිතයකට පණ පොවයි.ප්‍රවීණ නළු සඳුන් විජේසිරිටත් මෙහි බාරදූර චරිතයක වගකීම පැවරී ඇත.චමිලා නිශාන්ති ධවල පවුර චිත්‍රපටයේ කැපී පෙනෙන චරිතයකට පණ පොවන නවක නිළියකි.

ෂෙල්ටන් පයාගල,හයිසින්ත් විජේරත්න, කුමාර රණපුර, සිසිර කුමාරතුංග, අචලා ලක්මාලි, තිලකරත්න ලියනගේ, විජේරත්න හෙට්ටිආරච්චි, පී. ටී. ලක්ෂ්මන්, රෝහිත මාන්නගේ, සුනිල් ලියනආරච්චි, පාලිත නානායක්කාර, නෙළුම් පෙරේරා, සිම්ක්ලෙයාර්වයිට් සහ අමරපාල රණවීර මෙහි රඟයි.

සහාය අධ්‍යක්ෂණයෙන් සහ අංග රචනයෙන් සින්ක් ලෙයාර් වයිට් ද, කතාව, දෙබස් තිර රචනයෙන් එස්. ඒ. ෆ‍්‍රැන්සිස් සූරියආරච්චි ද. කැමරා අධ්‍යක්ෂණය එම්. දිනේෂ් කුමාරගෙනි. එම්. එස්. අලිමාන් ගේ සංස්කරණයකි.

නිෂ්පාදන විධායකත්වයෙන් විජය හෙට්ටිආරච්චි ද, කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් සමරකෝන් ද, ශබ්ද පරිපාලනයෙන් ජෝර්ජ් මනතුංග ද, ගී පද රචනයෙන් එස්. ඒ. ෆ‍්‍රැන්සින් සහ ඉනෝකා මාහනෙල් අහංගම ද, ගැයුමින් නුවන් ගුණවර්ධන, උරේෂා රවිහාරි, ස්ටැන්ලි ලියනගේ, ජනනාත් වරකාගොඩ සහ ගයාන් බුද්ධික අහංගම ද මෙයට එක් වෙති.ගීතනු – ස්‌ටැන්ලි ලියනගේ, අශෝක පීරිස්‌ සහ ගයාන් චින්තකගෙනි.

Top Critic Reviews

Cast and Crew

රංගනය-ලක්ෂ්මන් ආරච්චිගේ,සුනිල් සාලිය,චමිලා නිශාන්ති,ක්ලැරිස් ද සිල්වා,සඳුන් විජේසිරි,ෂෙල්ටන් පයාගල,හයිසින්ත් විජේරත්න, කුමාර රණපුර, සිසිර කුමාරතුංග, අචලා ලක්මාලි, තිලකරත්න ලියනගේ, විජේරත්න හෙට්ටිආරච්චි, පී. ටී. ලක්ෂ්මන්, රෝහිත මාන්නගේ, සුනිල් ලියනආරච්චි, පාලිත නානායක්කාර, නෙළුම් පෙරේරා, සිම්ක්ලෙයාර්වයිට් සහ අමරපාල රණවීර

අධ්‍යක්ෂණය -ලක්ෂ්මන් ආරච්චිගේ

නිෂ්පාදනය   -ලක්ෂ්මන් ආරච්චිගේ සහ සුනිල් සාලිය රණවීර

කතාව, දෙබස් තිර රචනය-එස්. ඒ. ෆ‍්‍රැන්සිස් සූරියආරච්චි

සහාය අධ්‍යක්ෂණයසහ අංග රචනය-සින්ක් ලෙයාර් වයිට්

කැමරා අධ්‍යක්ෂණය-එම්. දිනේෂ් කුමාර

සංස්කරණය -එම්. එස්. අලිමාන්

ගීතනු – ස්‌ටැන්ලි ලියනගේ, අශෝක පීරිස්‌, ගයාන් චින්තක

කලා අධ්‍යක්ෂණය-සුනිල් සමරකෝන්

නිෂ්පාදන කළමනාකරණය -විජය හෙට්ටිආරච්චි

ශබ්ද පරිපාලනය-ජෝර්ජ් මනතුංග

පද රචනා – එස්. ඒ. ෆ‍්‍රැන්සින් සහ ඉනෝකා මාහනෙල් අහංගම

ගායනය -නුවන් ගුණවර්ධන, උරේෂා රවිහාරි, ස්ටැන්ලි ලියනගේ, ජනනාත් වරකාගොඩ සහ ගයාන් බුද්ධික අහංගම

Buy Tickets Online

Tab 3 content goes here. You can add as many tabs as you want using this technique.

 

Share

About the Author

Cinema.lk A