Sri Lanka's Best Cinema Portal

 


Ethumai methumai – එතුමයි මෙතුමයි

0
Posted June 28, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

2.5/ 5

Quick Stats

 
Director:
 
Actors: ,
 
Producer:
 
Composer:
 
Release Date: 2011-11-15
 
Story Line: අමාත්‍ය ලේකම්වරයකු වූ ටයිටස් සිටියේ බෝතල් සිරා සොයා යන ගමන්ය. මග දෙපස සිටි කිසිවෙකුගෙන් පාර ඇසූ හෙතෙම බෝතල් සිරාගේ යැයි අනුමාන කළ හැකි වූ නිවස අසල මඳකට නතර විය. ටයිසන් මේ හදිසියේම නම පතළ චණ්ඩියෙකු වූ බෝතල් සිරාව හමුවීමට ආවේ සිය හාම්පුතාගේ උපදෙස් මත වැදගත් කොන්ත්‍රාත්තුවක් බාරදීමටය. ලබා දුන් වැඩක් අකුරටම ඉටු කරන චණ්ඩියකු වූ බෝතල් සිරා පිළිබඳ ටයිසන් බොහෝ දේ අසා තිබිණ. ‘අපේ ලොක්කට අපේම පැත්තේ ඇමතියෙකුගෙන් හරියට කරදරයි. ලොක්කට ඕනේ මේ ඇමතියව කොහොම හරි බ්ලාස්ට් කරලා දාන්න. අපි හොඳට ගෙවනවා. මෙතන ලක්ෂ දහයක ඇඩ්වාන්ස් එකක් තියනවා. ඉතිරිය වැඩේ ඉවර වුණාට පස්සෙ දෙන්නම්.’ “හොඳයි මට ඔය ඇමැතියගේ නමයි, රූපෙයි දෙන්නකෝ. මං නියමෙට වැඩේ දෙන්නම්. මිනිහගෙ නම කුසුම්සිරි, මෙන්න පින්තූරෙ.” බෝතල් සිරා කුසුම්සිරි ඝාතනය කිරීම සඳහා සැලසුමක් හදන්නට පටන් ගත්තේය. මෙවැනි වැඩවලට උපන් හපනෙකු වූ ඔහුට මෙවර ද එම සැලැස්ම නිම කිරීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.සුදුසු වේලාවක් බලා බෝතල් සිරා කුසුම්සිරි එන මග රැක සිටියේය. තමන්ගේ සැලසුම සිතූ අයුරින්ම ඉටුවන බව බෝතල් සිරාට සියයට සියයක් විශ්වාසය. එහි වැරැද්දක් තිබිය නොහැක. එසේ නම් සියල්ල කණ පිට හැරෙයි. කුසුම්සිරි ඈත සිට එනු බෝතල් සිරාට පෙණින. ඔහු තමන්ගේ සැලසුම අදියරෙන් අදියරට ක්‍රියාත්මක කරගෙන එද්දී සිදු වූයේ නොසිතූ විරූ දෙයකි. දෙදෙනාම අති විශාල අනතුරකට මුහුණ පාන්නට සිදු විණ. දැන් දෙදෙනාටම පියවි සිහිය නැති විය. වටපිටාවේ සිටි පිරිස බෝතල් සිරාවත්, කුසුම්සිරිවත් යුහුසුළුව අසල ඇති රෝහලකට ගෙන ගියහ. අනතුර තරමක් දරුණු තත්ත්වයක එකකි. දෙදෙනාව එකවර සැත්කම් කිහිපයකට භාජනය කළ යුතු බව වෛද්‍යවරුන්ගේ තීරණයයි. සැත්කම ද පැය ගණනකින් සාර්ථකව අවසන් විණ. ශල්‍යාගාරයෙන් ද දෙදෙනාම එළියට පැමිණියේ පුරුදු සුවයෙනි. එහෙත් පිිටතින් එසේ පෙනුණ ද අභ්‍යන්තරය එලෙස නොවේ. වෛද්‍යවරුන්ට වැරැදීමක් මෙහිදී සිදුව තිබිණ.
 
Small Description

හෙළ සිනමාවේ ලොකුම හිනාව…

by Cinema.lk A
Full Article

ප්‍රියන්ත සෙනෙවිරත්න සහ රොඩ්නි වර්ණකුල ප්‍රධාන චරිත මවන හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වූ එතුමයි – මෙතුමයි නිශාන්ත වීරසිංහයන්ගේ අධ්‍යක්ෂණයකි. ආනන්ද වික්‍රමගේ, මහින්ද පතිරගේ, රොනී ලීච්, දුලීකා මාරපන, ඇන්ටන් ජූඩ්, සුසිලා කෝට්ටගේ, හේමන්ත ඊරියගම, ෂෙහාරා හේවාදේව, චලනි බාලසූරිය, රුවන් වසන්ත මෙහි චරිත මවති.

ගාමිණී චමින්ද කැමරාවෙන් ද, සමන්ත වික්‍රමසිංහ සංස්කරණයෙන් ද, ජෝර්ජ් සේනානායකගේ සංගීත අධ්‍යක්ෂණයෙන්ද දායක වේ.

හංසක සමීර ගුණවර්ධන අංග රචනා ශිල්පියාය. සුමිත් වන්නිආරච්චි කලා අධ්‍යක්ෂවරයාය. සුරේන්ද්‍ර ගාමිණී ඇඳුම් නිර්මාණ ශිල්පියාය. සමන්ත මායාදුන්නේ සටන් අධ්‍යක්ෂවරයාය.එතුමයි – මෙතුමයි සඳහා සහය අධ්‍යක්ෂවරු දෙදෙනෙකි. ඒ නිම්සාන් වීරක්කොඩි සහ නිරුක්ෂාන් ඒකනායකයි. ලලිත් වසන්ත, චන්න ජයනාත්ගේ ගී පද රචනා ප්‍රදීප් අංජන සහ මේධා ධනංජි ගායනා කර තිබේ.නිශ්චල ඡායාරූප අනිල් මල්ලවආරච්චිගෙනි.

මධුරංග ජාගොඩ නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වූ මෙහි ලලිත් වසන්ත, චන්න ජයනාත්, නීල් රුක්මන් නිෂ්පාදක විධායකවරු ලෙස කටයුතු කරයි. නිල්වලා ෆිල්ම්ස් වෙනුවෙන් දේශමාන්‍ය ආචාර්ය උපුල් ජයසිංහ එතුමයි – මෙතුමයි නිෂ්පාදනය කරයි.

Top Critic Reviews

Cast and Crew

රංගනය-ප්‍රියන්ත සෙනෙවිරත්න,රොඩ්නි වර්ණකුල,ආනන්ද වික්‍රමගේ, මහින්ද පතිරගේ, රොනී ලීච්, දුලීකා මාරපන, ඇන්ටන් ජූඩ්, සුසිලා කෝට්ටගේ, හේමන්ත ඊරියගම, ෂෙහාරා හේවාදේව, චලනි බාලසූරිය, රුවන් වසන්ත

අධ්‍යක්ෂණය-නිශාන්ත වීරසිංහ

නිෂ්පාදනය-දේශමාන්‍ය ආචාර්ය උපුල් ජයසිංහ

කැමරාකරණය -ගාමිණී චමින්ද

විධායක නිෂ්පාදනය-ලලිත් වසන්ත, චන්න ජයනාත්, නීල් රුක්මන්

සහය අධ්‍යක්ෂණය-නිම්සාන් වීරක්කොඩි සහ නිරුක්ෂාන් ඒකනායක

සංගීතය -ජෝර්ජ් සේනානායක

කලා අධ්‍යක්ෂණය-සුමිත් වන්නිආරච්චි

නිෂ්පාදන කළමනාකරණය -මධුරංග ජාගොඩ

ඇඳුම් නිර්මාණය-සුරේන්ද්‍ර ගාමිණි

ගී පද-ලලිත් වසන්ත, චන්න ජයනාත්

ගායනය -ප්‍රදීප් අංජන සහ මේධා ධනංජි

නිශ්චල ඡායාරූප-අනිල් මල්ලවආරච්චි

Buy Tickets Online

Tab 3 content goes here. You can add as many tabs as you want using this technique.

Share

About the Author

Cinema.lk A