Sri Lanka's Best Cinema Portal

 


Gaamini – ගාමණි

2
Posted May 29, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3.5/ 5

Quick Stats

 
Director:
 
Actors: ,
 
Producer:
 
Composer:
 
Release Date: 2011-08-19
 
Story Line: මනා හමුදා පුහුණුවකින් ද, ස්වයංක්‍රීය ගිණිඅවි වලින් ද, අභිමානවත් නිළ ඇඳුමකින් ද, මේ සියල්ලටම වඩා වෘත්තීය අභිමානයෙන් සහ ආත්ම විශ්වාසයෙන් ද සන්නද්ධ සිවිල් ආරක්ෂක භටයා ගැමියන් සමඟ එක්ව ත්‍රස්තවාදියා තීරණාත්මක ලෙස පරාජය කරයි.මේ ගාමනී හි කතා සාරාංශයයි......
 

Positive:

ගාමණි ආරම්භය ඉතාමත් විශිෂ්ට සිනමාත්මක ලක්ෂණ පෙන්නුම් කරයි. ගෝනගල නම් ග්‍රාමයේ සාමාන්‍ය වැසියෝ පනස් හත් දෙනකු පමණ අමු අමුවේ කපා කොටා ඝාතනය කරන තැන් සිට ඔවුන් භූමදානය කිරීම දක්වා වූ රූප පෙළ අතිශය සංකීර්ණ ලෙස ගොඩ නැඟීමට සිනමා කරුවා සමත් වේ.
 

Nagetive:

තිරනාටක‍යේ යම් විසිරුණු ස්වභාවයක් දක්නට ලැබීම දුර්වල ලක්ෂණයකි
 
Small Description

ඇසින් දුටුවන්ගේ හෘද සාක්ෂිය……..ගාමණි

by Cinema.lk A
Full Article

පුරා දශක 3ක් තිස්සේ පැවති කුරිරු ත්‍රස්තවාදයේ එක් සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් නිමැවුණු සිනමා කෘතියකි ගාමණි.මෙය රියර් අද්මිරාල් සරත් වීරසේකරයන් ගේ කුළුදුල් සිනමා නිර්මාණයයි.උතුරු හා නැගෙනහිර පළාත් වල  ශ්‍රීලංකා රජයේ පාලනයට නතු ප්‍රදේශයේ කෙලවරක පිහිටි ගම්මාන එදවස හැදින්වූයේ ‘මායිම් ගම්මාන’යන නමිනි.එකි මායිම් ගම්මානයක් වු ගෝනගල ග්‍රාමය ආරක්ෂා කරන ග්‍රාමාරක්ෂක භටයන් කණ්ඩායමක් සහ ඒ සඳහා උරදෙන සෙසු චරිත  කිහිපයක් වටා ගොඩනැඟි ඇති මෙම සිනමා සිත්තම ලාංකේය ප්‍රවීන රංගධරයන් ගේ රංග ප්‍රතිභාවෙන් හැඩගැන්වී ඇත.ඒ අතර දිල්හානි අශෝකමාලා,බිමල් ජයකොඩි,ඩබ්ලිවි ජයසිරි,මහේන්ද්‍ර පෙරේරා,සුමින්ද සිරිසේන,සනත් ගුණතිලක,දමිතා අබේරත්න,සරත් කොතලාවල,ජයනි සේනානායක,ගීතා කාන්ති ජයකොඩි,නෙතලි නානායක්කාර,වීණා ජයකොඩි,දර්ශන් ධර්මරාජ් සහ අසේල ජයකොඩි ද වෙති.

මෙහි නිශ්පාදන කාර්ය සඳහා උර දරා ඇත්තේ උපාලි රාජපක්ෂ වන අතර කැමරාකරණයෙන් සමන් සිගේරා ද සංස්කරණයෙන් රවීන්ද්‍ර ගුරුගේ ද කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් විජේරත්න ද එක්වෙති.මෙහි සංගීත නිර්මාණය නදීක ගුරුගේ සහ උදිත ජයසිංහ විසින් සිදු කර ඇත.‍

ඉතාමත් විශිෂ්ට සිනමාත්මක ලක්ෂණ පෙන්නුම් කරන මෙම නිර්මාණයේ සහය අධ්‍යක්ෂණයෙන් සහ නිශ්පාදන සැලසුම්කරණයෙන් අසෝක අතාවුදහෙට්ටි දායක වන අතර නිශ්පාදන කළමනාකරණ කටයුතු සිදුකරනු ලබන්නේ පාලිත තෙන්නාකෝන් විසිනි.තවද සම්බන්ධීකරණයෙන් තුෂාර තෙන්නකෝන් ද ශබ්ද පරිපාලනයෙන් කාලිංග ගිහාන් පෙරේරා ද අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක ද දායක වේ.

Top Critic Reviews

සිනමාත්මක අතින් ගත් කල උසස් සිනමාත්මක ගති ලක්ෂණ මෙන් ම සරල වානිජ ගති ද පළ කරමින් ‘ගාමණි’ සිංහල රිදී තිරය ඔපවත් කරන්නේ මෙවැනි වකවානුවකදී ය. රියල් අද්මිරාල් සරත් වීරසේකර නම් නවක සිනමා කරුවා තමා යුද පිටියේ දී මුහුණ දුන් අත්දැකීම් ඇසුරු කර ගනිමින් සිනමා පාටයක් නිර්මාණය කර තිබේ. පළමුව අපගේ අවධානයට ලක්විය යුත්තේ සැබෑ යුද බිමේ ජීවත් වූ සැබෑ යුද අත්දැකීමෙන් පෝෂණය වූ අත්දැකීම් නිර්භයවත්, අව්‍යාජ ලෙසත්, නිර්මාණශීලී ලෙසත් ඉදිරිපත් කරන්නට දරන උත්සාහයයි. සැබැවින් ම එය විශාල පිරිවැයක් දරා නිර්මාණය වූ සිනමා පටයකි. ඉන් කතිකා කරනුයේ ත්‍රස්තවාදයේ වූ කුරිරු ම්ලේච්ඡ බවයි. ඒ සඳහා ඔහු සත්‍ය සිදුවීමක් මූලාශ්‍ර කර ගනිමින් ඒ ඔස්සේ නිර්මාණය කරන ලද වෘතාන්තයක් ප්‍රේක්ෂකයාට තිළිණ කරයි.

සුදත් රෝහණ

Cast and Crew

රංගනය-දිල්හානි අශෝකමාලා,බිමල් ජයකොඩි,ඩබ්ලිවි ජයසිරි,මහේන්ද්‍ර පෙරේරා,සුමින්ද සිරිසේන,සනත් ගුණතිලක,දමිතා අබේරත්න,සරත් කොතලාවල,ජයනි සේනානායක,ගීතා කාන්ති ජයකොඩි,නෙතලි නානායක්කාර,වීණා ජයකොඩි,දර්ශන් ධර්මරාජ්,අසේල ජයකොඩි

අධ්‍යක්ෂණය/තිර රචනය -රියර් අද්මිරාල් සරත් වීරසේකර

නිෂ්පාදනය   -උපාලි රාජපක්ෂ

සහය අධ්‍යක්ෂණය-අසෝක අතාවුදහෙට්ටි

සංස්කරණය -රවීන්ද්‍ර ගුරුගේ

සංගීතය – නදීක ගුරුගේ,උදිත ජයසිංහ

කලා අධ්‍යක්ෂණය-සුනිල් විජේරත්න

අංගරචනය -ප්‍රියන්ත දිසානායක

නිෂ්පාදන කළමනාකරණය – පාලිත තෙන්නාකෝන්

කැමරාකරණය -සමන් සිගේරා

සම්බන්ධීකරණය-තුෂාර තෙන්නකෝන්

ශබ්ද පරිපාලනය-කාලිංග ගිහාන්

Buy Tickets Online

Tab 3 content goes here. You can add as many tabs as you want using this technique.

 

Share

About the Author

Cinema.lk A


  • janadhi

    meka thamai mama balapu hodama srilankan movie eka.

  • tisa

    සිංහල සිනමාව ප්‍රේක්ෂකයා පිළිකුලෙන් කතා කරන සමයක ප්‍රේක්ෂකයාගේ සිනමා අත්දෙකිමට සුපිරි වින්දනයක් ලබාදුන් ලංකාවේ බිහිවුන සාර්ථකම සිනමා නිර්මාණය මෙයයි.