Sri Lanka's Best Cinema Portal

 


Mahindagamaya – මහින්දාගමනය

0
Posted June 9, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3/ 5

Quick Stats

 
Director:
 
Actors: ,
 
Producer:
 
Composer:
 
Release Date: 2011-05-18
 
Story Line: අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කිරීමත්, ශ්‍රී ලංකාවට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීමත් මීට වසර දෙදහස්‌ තුන්සියයකට පෙරාතුව සිදුවූ ඉතාමත් වැදගත්, ඓතිහාසික සිදුවීම් දෙකකි."මහින්දාගමනය" චිත්‍රපටය ක්‍රි.පූ. 250 – 210 ත් අතර කාල වකවානුවේ මෙරට රාජ්‍යත්වයට පත් දෙවනපෑතිස් රාජ්‍ය සමයේ සිදුවු ළුකි සිදුවිම් පාදක කර ගනිමින් නිමැවුණු අසිරිමත් සිනමා සිත්තමකි.පුරාණ ලංකාව තුළ විසු යක්ක,නාඟ හා දේව ගෝත්‍රයන් ජිවත් වු ආකාරයත් පසුව මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිසේ දූත මෙහෙවර නිසා ලාංකේය ජනතාවගේ සංස්කෘතිය මෙන්ම සභ්‍යත්වය, නව මාවතකට යොමු අයුරු මේ චිත්‍රපටයේ අන්තර්ගතව පවති.
 

Positive:

දිල්හානි අසෝකමාලා හා දුලීකා මාරපන යන නිළියන් දෙදෙනාගේ රඟපෑම විශිෂ්ට මට්‌ටමක ලා ගතහැක.
 

Nagetive:

දර්ශන තල සැකසීමේදී යුගයේ නිෂ්පාදන මෙවලම් පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබුණ ද, ඒ පිළිබඳව ද සැලකිල්ලක් යොමු කළ බවක් දක්නට නොලැබේ.
 
Small Description

“මම ද තෙරුවන් සරණ ගියෙමි. ඔබ ද තෙරුවන් සරණ යන්න……..

by Cinema.lk A
Full Article

ඓතිහාසික කතා තේමාවක් රැගත් මෙම චිත්‍රපටය සඳහා දේවානම්පියතිස්ස රජු ලෙස ජීවන් කුමාරතුංග සහ රාමදත්තා අග බිසව ලෙස දිල්හානි ඒකනායක ප්‍රධාන රංගන දායකත්වය සපයයි.ජෝ අබේවික්‍රම, ක්ලීටස් මෙන්ඩිස්, කුමාර තිරිමාදුර, සරත් දික්කුඹුර, රොෂාන් පිලපිටිය, බිමල් ජයකොඩි, රොෂාන් රණවන, මේනක රාජපක්ෂ, ඔෂිනි ඩයස් සහ ඕෂධී හේවාමද්දුම යන ශිල්පීන් හා ශිල්පිණියන් චරිත මවන “මහින්දාගමනය” චිත්‍රපටය සනත් අබේසේකරයන්ගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයයි.

මහින්දාගමනය සුනිල් ප්‍රේමරත්නගේ කලා අධ්‍යක්ෂණයකි. චන්න දේශප්‍රිය සහ ධම්මික රත්නායක කැමරා අධ්‍යක්ෂවරුන්ය. ශිරන්ත අමරසිංහ නිෂ්පාදන කළමනාකරණයෙන් ද, තාරක අධිකාරි අංග රචනයෙන් ද, ජයම්පති බෝපිටිය සහාය අධ්‍යක්ෂණයෙන් ද එයට දායක වෙයි.

මහින්දාගමනයෙහි සංගීතය රෝහණ වීරසිංහගෙන් වන අතර ගීත රචනා එල්ලාවල මේධානන්ද හිමි, පල්ලේගම හේමරතන හිමි, මහාචාර්ය සුනිල් ආරියරත්න සමඟ සනත් අබේසේකරගෙනි.බෙස්ට් ලයිෆ් වෙනුවෙන් දමින්ද උපාලි ප්‍රනාන්දු ගේ නිෂ්පාදනයකි.කතාව,තිර රචනය,දෙබස් හා අධ්‍යක්ෂණය සනත් අබේසේකර.

Top Critic Reviews

මහින්දාගමනය කතා පුවත ගොඩනැංවීමේදී, චරිත ගොඩනැංවීමේදී මෙන්ම, චරිත සම්බන්ධීකරණයේදී ද අතපසුවීම්, නොගැලපීම් බොහෝය. චිත්‍රපටයේ හරි අඩකටත් වඩා ගෙවී යන්නේ මහානාග කුමරු ඝාතනය කිරීමට රජ බිසව දරන උත්සාහයයි. එකී උත්සාහය මහින්දාගමනයට අදාළවන්නේ කෙසේදැයි යන පැනයට පිළිතුරක් කෘතිය තුළින් හෝ වංශකතාකරුවන් කෙරෙන් හෝ නොලැබීම කනගාටුවට කරුණකි.

අනෙක් අතට මහානාග කුමරු මැරීම සඳහා කුමන්ත්‍රණය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ සෙවීමට රජුට හෝ අවම වශයෙන් මහානාගට හෝ වුවමනාවක් තිබූ බවක් නොපෙනෙන්නේ ඉසිකිලිට මරණ දඬුවම නියම කිරීමෙන් සිද්ධිය සමථයකට පත් නොවන හෙයිනි. අවම වශයෙන් තිස්ස රජුගේ පුත් කුමරු වස පෙවූ අඹ ආහාරයට ගැනීමෙන් මිය ගිය පසුව හෝ ඒ පිළිබඳ සෙවීමට රජුට උනන්දුවක් ඇති නොවෙයි. දෙවනපෑතිස් රජු දවස මහා වැව් අමුණු බොහෝ ප්‍රමාණයක් සැදුව බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හෝ වංශකතා සාහිත්‍ය තුළ හෝ කරුණු හමු නොවෙතත් මහානාග මහා වැව් අමුණු සාදන බවක් නිතර කියයි. වාරි තාක්ෂණය එතරම් දියුණුව නොපැවති ඒ යුගයේ මහ පැරකුම්බාවන්ගේ ප්‍රසිද්ධ කියමනක් වන ‘වැසියාට මෙහෙ නොකොට එකදු දිය බිඳක්වත් මුහුදට යාමට ඉඩදිය යුතු නැතැයි’ තිස්ස රජුද කියයි. මඩවගුරක් සුද්ධ කොට වැවක් තනන බවක් එක් දර්ශන තලයක පැවතියද, මහානාග කුමරු ඈතට අත දිගුකොට වැවේ සීමාව කියද්දී හෝ දර්ශන තලය තුළ මහානාග කුමරු මිස වැව් සීමාවේ ඈත නොපෙන්වන්නට තරම් කැමරාකරු පරිස්සම් වෙයි. ඕනම කෙනෙකුට කිසිදු අතුරු ආන්තරාවකින් තොරව යුව රජු වන මහානාග කුමරුට ලංවෙන්නට හැකිවෙයි. කැලෑ පාරක් දිගේ ගෙනා අඹ කූඩයක් කිසිදු ආරක්ෂක සෙනෙවියකුගේ ඇස නොගැටී හා සැක නොසිතෙන පරිදි තබා යන්නට හැකිවීමද පුදුම සහගතය. බුදු දහම මහා ඉහළ අගය කිරීමකින් යුතුව පිළිගත් තිස්ස රජු, අරිට්ඨ කුමරු ශ්‍රී මහා බෝධි අංකුරය වැඩම කරවන අවස්ථාවේ ඇතු පිටින් යන අතර මහ රහතන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය බිමින් වැඩම කරවයි. චිතකයක් දැවී අළු වන්නේ පියවරෙන් පියවර ගින්න වර්ධනය වීමෙන් වුවද, පෙට්‍රල් පවා නොතිබුණු යුගයක ගින්න එකවර බුර බුරා ඇවිලෙයි. බෝධිය රෝපණය කිරීම, සර්වඥ ධාතූන් වැඩමකරවීම ආදී අවස්ථාවන් මායාකාරී ලෙස මැජික් සංදර්ශනයක් කර ඇති බැවින් බුදු දහමේ යථාර්ථවාදී භාවය පසක් කරවීමට කිසිදු උත්සාහයක් ගෙන නොතිබීම ද විශාල අඩුවකි.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

Cast and Crew

රංගනය-ජීවන් කුමාරතුංග, දිල්හානි ඒකනායක, රොෂාන් පිලපිටිය, අනුලා බුලත්සිංහල, ජී. ආර්. පෙරේරා, රොෂාන් රණවන,ඕෂධී හේවාමද්දුම, දුලීකා මාරපන,සරත් දික්කුඹුර,පාලිත නානායක්කාර, හේමසිරි ලියනගේ, උද්දික ප්‍රේමරත්න, උදයන්ති කුලතුංග

කතාව,තිර රචනය,දෙබස් හා අධ්‍යක්ෂණය – සනත් අබේසේකර

නිෂ්පාදනය   –දමින්ද උපාලි ප්‍රනාන්දු

සහය අධ්‍යක්ෂණය-ජයම්පති බෝපිටිය

කැමරාකරණය -චන්න දේශපි‍්‍රය සහ ධම්මික රත්නායක

සංස්‌කරණය – රවින්ද්‍ර ගුරුගේ

සංගීතය -රෝහණ වීරසිංහ

කලා අධ්‍යක්ෂණය-සුනිල් ප්‍රේමරත්න

අංගරචනය-තාරකා අධිකාරී

නිෂ්පාදන කළමනාකරණය – ශිරන්ත අමරසිංහ

ගී පද රචනා-එල්ලාවල මේධානන්ද හිමි, පල්ලේගම හේමරතන හිමි, මහාචාර්ය සුනිල් ආරියරත්න

නැටුම්-කුලසිරි බුදවත්ත

ඇඳුම් සහ ආභරණ-හීනටිගල ප්‍රේමදාස

කොණ්‌ඩා මෝස්‌තර-සෑම් පෙරේරා

Buy Tickets Online

Tab 3 content goes here. You can add as many tabs as you want using this technique.

Share

About the Author

Cinema.lk A