Sri Lanka's Best Cinema Portal

 


Pitsakwala Abirahasa-පිටසක්වල අභිරහස

0
Posted June 14, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

2/ 5

Quick Stats

 
Director:
 
Actors: ,
 
Producer:
 
Composer:
 
Release Date: 2011-02-24
 
Story Line: තීක්ෂණ පිටසක්වල ජීවීන් පිළිබඳ කුතුහලයෙන් පසුවන අයෙකි. ඔහු ඒ ගැන බොහෝ පරීක්ෂණ පවත්වයි. තීක්ෂණගේ මැදිහත්වීමෙන් පිටසක්වල ජීවින් කණ්ඩායමත් මෙලොවට පැමිණේ. එතැන් පටන් අද්භූත සිදුවීම් පෙළක් ඔස්සේ පිටසක්වල අභිරහස් ඉදිරියට ගලා යයි.වසර බිලියන ගණනාවකට පෙර සිට පෘථිවියත් පිටසක්වලත් අතර පවතින සබඳතා එක් පැත්තකින් ඉස්මතු කරමින්ද පිටස්තර ලොවකින් පැමිණෙන ජීවියකු පිටසක්වළ ජීවීන් පිළිබඳ පර්යේෂණ කරන තීක්ෂණ නම් තරුණයා මරා දැමීමෙන් ඇරඹෙන කුතුහලය තවත් පැත්තකින් ද පිටසක්වල අභිරහස හරහා කතා වෙයි.
 

Positive:

ඉතා හොඳ කතා සංකල්පයක් ඇත.
 

Nagetive:

ත්‍රිමාන සජිවීකරණ දර්ශණ වල ප්‍රාථමික බවක් ඇත.රංගනයද එතරම් සාර්ථක නොවේ.
 
Small Description

ශ‍්‍රී ලාංකීය සිනමාවේ මෙතෙක් බිහි වු දැවැන්තම සක්වල ගැටුම……

by Cinema.lk A
Full Article

පිට සක්වල ජීවීන්ගේ අභිරහස් පෘථිවි ආක්‍රමණයකට ඇති සැලසුමක් හරහා දිව යන අයුරින් නිමකර ඇති පිටසක්වල අභිරහස චිත්‍රපටය ළබාලතම අධ්‍යක්ෂකවරයෙකු වන නිර්මාල් රාජපක්ෂගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.

මෙහි කතාව, දෙබස්, තිර රචනය, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය සහ විශේෂ දර්ශන ප්‍රයෝග නිර්මාණකරණයද අධ්‍යක්ෂවරයා වන නිර්මාල් රාජපක්ෂගේය. සහාය අධ්‍යක්ෂණයෙන් ලසන්ත කමලසිරි ද, ශබ්ද ප්‍රයෝග හා ශබ්ද පරිපාලනයෙන් ලයනල් ගුණරත්න ද, වේශ නිරූපණයෙන් ශ්‍යාමලී විජිනි ද, සංගීත අධ්‍යක්ෂණයෙන් සුදේශ් නිශ්ශංක(හඳුන්වා දෙන) ද, දීප්ති බණ්ඩාර සහ ඉසුරු හෝමාගම කලා අධ්‍යක්ෂණයෙන් ද මෙයට දායක වෙති.ලසන්ත කමලසිරි සහය අධ්‍යක්ෂණයෙන් සහය වී තිබේ. මෙය නිර්මාල් ෆිල්ම් ටීම් හි නිෂ්පාදනයකි.

මෙම චිත්‍රපටය සඳහා පිටසක්වල ජීවීන් නිර්මාණ කර ගැනීම සඳහා යොදා ගෙන ඇත්තේ ලෝකයේ ඉහළම ශිල්ප ක්‍රම වීම විශේෂත්වයකි. ලසන්ත කමලසිරි, ශ්‍යාමලී විජිනි, විමුක්ති උදාර, තිළිණ අනුරාධ, මධුනි පූර්ණිමා, ඉසුරු හෝමාගම, සුපුන් විදුරංග සමඟ නිර්මාල් රාජපක්ෂ මෙහි රංගන කාර්යය නිම කර තිබේ.

ත්‍රිමාණ සජීවිකරණ අධ්‍යක්ෂණය ඉඳුරංග වීරසූරියගෙනි. සයිකෝ සංගීත කණ්ඩායම සංගීතයෙන් ඔපවත් කරයි.නර්ථන වින්‍යාසය බටර්ෆ්ලයිස් නර්ථන ඇකඩමියෙනි.

Top Critic Reviews

Cast and Crew

රංගනය-ලසන්ත කමලසිරි, ශ්‍යාමලී විජිනි, විමුක්ති උදාර, තිළිණ අනුරාධ, මධුනි පූර්ණිමා, ඉසුරු හෝමාගම, සුපුන් විදුරංග,නිර්මාල් රාජපක්ෂ,අරෝෂ කාංචන,චමිලා ජනන්දනි,සනුරි පෙරේරා,කමලා නිල්මිණි

අධ්‍යක්ෂණය,කැමරාකරණය,තිර රචනය,සංස්කරණය හා නිෂ්පාදනය-නිර්මාල් රාජපක්ෂ

සහය අධ්‍යක්ෂණය-ලසන්ත කමලසිරි

නිෂ්පාදන කළමනාකරණය-අරෝෂ කාංචන

ත්‍රිමාණ සජීවිකරණ අධ්‍යක්ෂණය-ඉඳුරංග වීරසූරිය

සංගීතය,ගායනය-සුදේශ් නිශ්ශංක

සිතුවම් කරණය හා කලා අධ්‍යක්ෂණය- දීප්ති බණ්ඩාර

වේශ නිරූපණය-ශ්‍යාමලී විජිනි

නිෂ්පාදන කළමනාකරණය -අරෝෂ කාංචන

සහය කැමරා-රංග ශ්‍රී

ශබ්ද ප්‍රයෝග හා ශබ්ද පරිපාලනය-ලයනල් ගුණරත්න

ශබ්ද පරිපාලන සහය-සුමිත් ප්‍රියංක

ශබ්ද පටිගත කිරිම-සුසන්ත ධර්මප්‍රිය

නර්තනය -ලසන්ත කමලසිරි,බටර්ෆ්ලයිස් නර්ථන ඇකඩමිය

ගී පද-කල්ප එරන්ද

නිශ්චල ඡායාරූපකරණය -ලක්ෂ්මන් පන්තියදේව,කිංස්ලි ජේ ප්‍රනාන්දු,සමන්ත අතුකෝරල

Buy Tickets Online

Tab 3 content goes here. You can add as many tabs as you want using this technique.

 

Share

About the Author

Cinema.lk A