Sri Lanka's Best Cinema Portal

 


Sellwam – සෙල්වම්

0
Posted June 21, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

2/ 5

Quick Stats

 
Director:
 
Actors: ,
 
Producer:
 
Composer:
 
Release Date: 2011-11-25
 
Story Line: එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයක යුද සමයේ ජීවත්වූ සෙල්වම් නමැති අවුරුදු දහයක පමණ කුඩා දරුවකු වටායි මේ කතාව ගෙතී තියෙන්නේ. මේ දරුවාට ළමා කාලයක් තිබුණේ නැහැ. දවසේ වැඩි කාලයක් ජීවත් වුණේ තමන්ගෙම ගෙදර බංකරයක් ඇතුළේ. හමුදාවේ වාහනයක් ගෙදරට ආපු වෙලාවේ සෙල්වම්ගේ තාත්තා ඒ වාහනය ස්ටාට් කරලා දුන්නා කියලා එදා රෑම ඇවිත් එල්.ටී.ටී.යෙන් ඒ පවුලම අමු, අමුවේ මරා දමනවා. සෙල්වම් එදා බේරෙන්නේ පූරුවේ පිනකට. එයාගේ සීයලගේ ගෙදර හිටපු නිසා. ඊට පස්සේ සීයා බංකරයක් හදලා, ඊට උඩින් ලෑලි දාලා, ඒ උඩ තමයි නිදා ගන්නේ. කොටි එනකොට ළමයා විගහට බංකරයට රිංගනවා…මේ ඒ කාලේ උතුරේ ජන ජීවිතයේ සැබෑ ස්වරූපය තමයි මේ චිත්රේපටයෙන් කතා කරන්නට උත්සාහ කළේ සංජය ලීලාරත්න
 

Positive:

ජෝ අබේවික‍්‍රමයන් පණ පොවන ‘සත්‍යවේල්’ගේ චරිතය අති විශිෂ්ටයි.
 

Nagetive:

නිළි රැජින මාලිනිගේ රංගනයේ සමබරතාව කඩින් කඩ බිඳ වැටෙයි. ඇතැම් සංවාදවල (සත්‍යවේල් සමග සෙල්වම් ගැන කතා කරන රූප රාමු/සෙල්වම්ට බත් කවන රූප රාමු) ඉතා පැහැදිලිව සිංහල බස හසුරුවන ඇය තවත් තැනක දෙමල සංස්කෘතියේ මිශ‍්‍රණය කියා පාන්නට ගොස් කැඩිච්ච සිංහලෙන් කතා කරයි.
 
Small Description

මානුෂික මෙහෙවර නිමකළ අභිමානවත් සෙබලාගෙ නිල ඇඳුම තුළ සිටින සුන්දර මිනිසා සිනමා සිත්තමක් තුළින් ලොවට පෙන්වීමට ගන්න උත්සාහයකි “සෙල්වම්”

by Cinema.lk A
Full Article

සෙල්වම් නම් දරුවකුගේ අනුවේදනීය, කුතුහලය දනවන මෙන්ම තීරණාත්මක කතා පුවතක් හරහා ගලා යන මෙම සිනමා නිමැවුම දෙමෝදර පාලම, අරගලය ඇතුළු චිත්‍රපට රැසකම තිරනාටක රචකයා වූ සංජය ලීලාරත්න ගේ කුලුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණයයි.

මෙම චිත්‍රපටය හරහා දීර්ඝ කාලයකින් පසු මාලිනී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම එක්ව රඟන අතර ලක්ෂ්මන් මෙන්ඩිස්, ජයනි සේනානායක, චන්දික නානායක්කාර, ශලිනි තාරකා, නඩරාජා ශිවම්, විශාකා සිරිවර්ධන මෙන්ම විශාල සහාය නළු නිළි පිරිසක් ද මෙහි චරිත මවයි. සංජය ලීලාරත්න ද මෙහි චරිතයක් රඟයි.

‘සෙල්වම්’හි ප‍්‍රධාන චරිතයකට පණ පොවන්නේ පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ. ප්‍රබල සමාජිකයෙක් වු සාන්තලිංගම් ගෝකුලරාජ් ය.

මොහොමඩ් මුජාහිඩ් නිෂ්පාදනයෙන් ද වෛද්‍ය මොහාන් සිරිබද්දන විධායක නිෂ්පාදනයෙන් ද තිළිණ බොරලැස්ස සහ නිශාන්ත සිංහලගේ සහාය අධ්‍යක්ෂණයෙන් ද ජයනාත් ගුණවර්ධන කැමරාකරණයෙන් ද රංජිත් වික්‍රමසිංහ වේශ නිරූපණයෙන් ද රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද රංජිත් ද සිල්වා කලා අධ්‍යක්ෂණයෙන් ද නිමල් පද්මසිරි නිෂ්පාදන කළමනාකරණයෙන් ද උරේෂා රවිහාරි ගැයුමින් ද මේ හා එක් වේ.

Top Critic Reviews

Cast and Crew

රංගනය-මාලිනි ෆොන්සේකා,ජෝ අබේවික්‍රම,ශලනි තාරකා,සාන්තලිංගම් ගෝකුලරාජ්,චන්දික නානයක්කාර,ලක්ෂ්මන් මෙන්ඩිස්,ජයනි සේනානායක,නඩරාජා සිවම්,අනුරුද්දිකා දිල්රුක්ෂි,සංජයලීලරත්න,එන්. පුවනලෝජනි,ඩෙනි අබිනේෂ්,සසින්දි නවංග හේවාපාත

අධ්‍යක්ෂණය/තිර රචනය-සංජය ලීලාරත්න

නිෂ්පාදනය-මොහොමඩ් මුජාහිඩ්

කැමරාකරණය -ජයනාත් ගුණවර්ධන

විධායක නිෂ්පාදනය-වෛද්‍ය මොහාන් සිරිබද්දන

සහය අධ්‍යක්ෂණය-තිළිණ බොරලැස්ස සහ නිශාන්ත සිංහලගේ

සංගීතය -රෝහණ වීරසිංහ

කලා අධ්‍යක්ෂණය-රංජිත් ද සිල්වා

වේශ නිරූපණය-රන්ජිත් වික්‍රමසිංහ

නිෂ්පාදන කළමනාකරණය -නිමල් පද්මසිරි

ඇඳුම් නිර්මාණය-සෙන්ඩි ජයසුරිය

ගායනය -උරේෂා රවිහාරි

Buy Tickets Online

Tab 3 content goes here. You can add as many tabs as you want using this technique.

 

Share

About the Author

Cinema.lk A