Sri Lanka's Best Cinema Portal

 


Sinhawalokanaya – සිංහාවලෝකනය

0
Posted April 23, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3.5/ 5

Quick Stats

 
Director:
 
Actors: , ,
 
Producer:
 
Composer:
 
Length: මිනිත්තු167
 
Release Date: 2011-01-14
 
Story Line: 1947 වර්ෂයේ නොවැම්බරයේ එක් ඉරිදාවක නිල්ල පිරුණු වටපිටාවක විනෝදය පිණිස පන්දු ගැසූ තරුණයින් දුටු විදේශික පිරිසක් ගැමියන් උපහාසයට ලක් කර ඔවුන් හා ක්‍රිකට් තරගයක් පවත්වන අයුරු කියැවේ.
 

Positive:

වාණිජ ධාරාව සතු ලක්ෂණ සියල්ලක්ම වාගේ පවති.
 

Nagetive:

ප්‍රධාන රංග භුමිකාවන්ට පන පොවන නළු නිළි යුවළගේ රංගනයන් එතරම්ම සාර්ථක නැත.චිත්‍රපටයේ ගලා යාම රදවා ගැනිමට අපොහොසත් වී ඇත.
 
Small Description

ලාංකේය ගැමි තරුණයන් එකළොස් දෙනෙකුගේ ක්‍රිකට් පුනරාගමනය…

by Cinema.lk A
Full Article

සිංහාවලෝකනය ආකර්ෂණීය ක්‍රිකට් ක්‍රීඩාව වටා ගෙතෙන අතිරමණිය චිත්‍රපටයකි.යොවුන් නිර්මාණකරුවකු වන සුනෙත් මාලිංග ලොකුහේවා එහි අධ්‍යක්ෂවරයායි. සුනෙත් මින් පෙර මතිභ්‍රමය නම් කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර ඇත. ඔහු ජාතික චිත්‍රපට සංස්ථාව මෙහෙයවන සිනමාකරණය පිළිබඳ පාඨමාලාව හැදෑරූ ඩිප්ලෝමාධාරියෙකි.මේ හරහා පුංචි තිරයේ සම්මානනීය රංගන ශිල්පීන් හා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් මුල් වරට රිදී තිරයෙන් සිය රංගන කෞශල්‍යන් එළිදක්වයි.ඒ අතර මේනක රාජපක්ෂ,රයිනි චාරුකා සහ ඩිලෝන් ජයසිංහ ද සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් තෙපලක් වන ටී. එම්. දිල්ෂාන්, ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ද වේ.

එසේම ප්‍රවීණ සහ දක්ෂ නළු නිළියන් රැසක්ම සිංහාවලෝකනයට රංගනයෙන් එක් වෙති.ඔවුහු අයිරාංගනී සේරසිංහ, සනත් ගුණතිලක, ක්ලීටස් මෙන්ඩිස්, ජයලාල් රෝහණ, පාලිත සිල්වා, ජී. ආර්.පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි, දිල්හානි අශෝකමාලා, දමිතා අබේරත්න, කුසුම් රේණු, මොරින් චාරුණී, කාංචනා මෙන්ඩිස්, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, දර්ශන් ධර්මරාජ්, ජනක රණසිංහ, චින්තක පීරිස්, වසන්ත කුමාරවිල, මිහිර සිරිතිලක, ප්‍රභාත් පතිරාජ, තාරක අධිකාරි, උදයන්ති කුලතුංග, සඳනි සුලක්ඛනා, අනුර මාපිටිගම, උපුල් වීරසිංහ, නිමේෂා මධුෂාණි, නිතු ප්‍රියංගිකා, නදීශානි වැලිවිට සහ බිනෝලි ජයමාලා ය.

රන්ජන් ප්‍රසන්න සහ ධනුෂ්ක ජයවර්ධන සහාය අධ්‍යක්ෂවරුන් වන මේ සඳහා නිෂ්පාදකත්වයට මැක්ලන්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරය, රවිහංස වැටකේපොත හා පසන් චන්ද්‍රසේකර අත්වැල් බැඳ සිටිති.අධ්‍යක්ෂවරයා වන සුනෙත්ගේම තිර රචනයට දෙබස් රචනය කපිල කුමාර කාලිංගගෙනි. කැමරාව ප්‍රභාත් රෝෂන්ගෙනි. තාරක අධිකාරි අංග රචනා ශිල්පියායි. සුසන්ත නවරත්න සහ චරිත් වික්‍රමනායක සහාය අංග රචනා ශිල්පියෝය. පසුබිම් සංගීත අධ්‍යක්ෂණය රවි හාන්ස්ගෙනි. මෙහි ගීත සඳහා තනු නිර්මාණ රූකාන්ත ගුණතිලකගෙනි.

ප්‍රවීන් ජයරත්න සංස්කරණ ශිල්පියා ලෙස මේ හා එක්වේ. සටන් අධ්‍යක්ෂණය වසන්ත කුමාරවිලගෙනි. ශාන් පෙරේරා නැටුම් අධ්‍යක්ෂවරයායි. පාලිත තෙන්නකෝන් සහ හැරල්ඩ් කරුණාතිලක නිෂ්පාදන කළමනාකරුවෝය. කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණ ඇහැලියගොඩ සෝමතිලකගෙනි. සෑම් පෙරේරා කොණ්ඩා සැකසුම් ශිල්පියාය. මෙහි එන ගීත සඳහා පද රචනා නන්දන වික්‍රමගේ, නිලාර් එන්. කාසිම් හා කැළුම් ශ්‍රීමාල්ගෙනි. එච්. එම්. සුගත් සිසිර මෙහි මාධ්‍ය සම්බන්ධීකාරකවරයාය.

Top Critic Reviews

Cast and Crew

රංගනය-මේනක රාජපක්ෂ,රයිනි චාරුකා,ඩිලෝන් ජයසිංහ,අයිරාංගනී සේරසිංහ, සනත් ගුණතිලක, ක්ලීටස් මෙන්ඩිස්, ජයලාල් රෝහණ, පාලිත සිල්වා, ජී. ආර්.පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි, දිල්හානි අශෝකමාලා, දමිතා අබේරත්න, කුසුම් රේණු, මොරින් චාරුණී, කාංචනා මෙන්ඩිස්, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, දර්ශන් ධර්මරාජ්, ජනක රණසිංහ, චින්තක පීරිස්, වසන්ත කුමාරවිල, මිහිර සිරිතිලක, ප්‍රභාත් පතිරාජ, තාරක අධිකාරි, උදයන්ති කුලතුංග, සඳනි සුලක්ඛනා, අනුර මාපිටිගම, උපුල් වීරසිංහ, නිමේෂා මධුෂාණි, නිතු ප්‍රියංගිකා, නදීශානි වැලිවිට සහ බිනෝලි ජයමාලා

අධ්‍යක්ෂණය/තිර රචනය -සුනෙත් මාලිංග ලොකුහේවා.

දෙබස්-කපිල කුමාර කාලිංගගෙනි

විධායක නිෂ්පාදනය- රවිහංස වැටකේපොත

නිෂ්පාදනය   –පසන් චන්ද්‍රසේකර,ඩිලන් ලැම්බ් සහ රොහාන් ද සිල්වා

සහය අධ්‍යක්ෂණය- රන්ජන් ප්‍රසන්න,ධනුෂ්ක ජයවර්ධන

සංස්කරණය –ප්‍රවීන් ජයරත්න

පසුබිම් සංගීත අධ්‍යක්ෂණය – රවි හාන්ස්

සංගීත නිර්මාණයරූකාන්ත ගුණතිලක

කලා අධ්‍යක්ෂණය/ඇඳුම් නිර්මාණ-ඇහැලියගොඩ සෝමතිලක

අංගරචනයතාරක අධිකාරි.

සහාය අංග රචනා ශිල්පින්-සුසන්ත නවරත්න සහ චරිත් වික්‍රමනායක

නිෂ්පාදන කළමනාකරණය –පාලිත තෙන්නකෝන් සහ හැරල්ඩ් කරුණාතිලක

කැමරාකරණය – ප්‍රභාත් රෝෂන්

සටන් අධ්‍යක්ෂණය-වසන්ත කුමාරවිල.

පද රචනා –  නන්දන වික්‍රමගේ, නිලාර් එන්. කාසිම් හා කැළුම් ශ්‍රීමාල්

ගායනය – ඩිලන් ලැම්බ්,රයිනි චාරුකා,අමරසිරි පීරිස්,සංඛ ඩි,රුවන් හෙට්ටිආරච්චි

නැටුම් අධ්‍යක්ෂණය-ශාන් පෙරේරා

Buy Tickets Online

Share

About the Author

Cinema.lk A