Sri Lanka's Best Cinema Portal

 


Super six-සුපර් සික්ස්

4
Posted June 26, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3/ 5

Quick Stats

 
Director:
 
Actors: , , , , ,
 
Producer:
 
Composer:
 
Length: මිනිත්තු 120
 
Release Date: 2012.05.17
 
Story Line: මොරටුව ප‍්‍රදේශයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ආදරය කරන තරුණ පිරිසක්. එයාලගෙ ජීවිත ගොඩනගා ගන්න උත්සාහ ගන්න හැටි තමයි විකාශය වන්නෙ. ඔවුන්ගේ රිද්මය හරි වින්දනාත්මකයි. යටින් එන පටු දේශපාලනය මේ අයගෙන් ප‍්‍රකාශ වෙනවා. ආදරණීයයි. වින්දනාත්මකයි. උදාර පල්ලියගුරු
 

Positive:

ඉන්දියාව මැලේසියාව සහ අන්දමන් දූපත් වැනි සුපිරි දර්ශන තල,සටන් ජවනිකා,ගුවන් දර්ශන,රමණීය ගීතමය ජවනිකා
 

Nagetive:

රූපරාමු අනුව ශෘංගාරාත්මක පැත්තට වැඩි නැඹුරුවක්‌ දක්‌වා ඇත.
 
Small Description

වාණිජ සිනමාවේ අසිරිමත් සලකුණ

by Cinema.lk A
Full Article

උදාර පල්ලියගුරුගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණය වන සුපර් සික්ස් මොරටුව ප්‍රදේශයේ සය සාමාජික ක්‍රිකට් කණ්ඩායමක් වටා දිවෙන අපුර්ව සිනමා නිර්මාණයකි. මෙහි සම්පූර්ණ නිෂ්පාදන කටයුතු සඳහා රුපියල් මිලියන 99 ක මුදලක් වැය කර අතර 2010 වසරේ සැප්තැම්බර් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලයේදී ශ්‍රී ලංකාවේ කොළඹ, නුවර, බදුල්ල, ත්‍රිකුණාමලය අවට,ඉන්දියාව හා මැලේසියාවේදී රූගත කිරීම් සිදුකර ඇත.

මෙම චිත්‍රපටය සදහා සනත් ගුණතිලක,මහේන්ද්‍ර පෙරේරා,රොෂාන් රණවන,සාරංග දිසාසේකර,දුලීකා මාරපන,මැණිකේ අත්තනායක,පබෝධා සංදීපනී,අරුණි රාජපක්ෂ, මාලිකා සිරිසේනගේ,පුබුදු චතුරංග,චිත්‍රා වරකාගොඩ,ප්‍රියන්ත සෙනෙවිරත්න,රොඩ්නි වර්ණකුල,ඇන්ටන් ජූඩ්,ජීවන් හඳුන්නෙත්ති,සරත් කුලාංග,ජනේෂ් සිල්වා,සුනෙත් චිත්‍රානන්ද,හේමාල් රණසිංහ,ශ්‍රීමාල් සත්‍යජිත්,සමන් ඒකනායක,එරංග ජීවන්ත,සමන් හේමරත්න ඇතුළු නළු නිළියන් ඇතුළු 600 කට අධික නළු නිළියන්පිරිසක් රංගන දායකත්වය ලබාදී තිබේ. මෙය මිනිත්තු 120 ක් පුරා දිවේ.

සුපර් සික්ස් හි නිෂ්පාදන දායකත්වය සදේෂ් කුමාර් හා ශ්‍රීමතී සදේෂ් කුමාර්ගෙනි. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණය ලෙස කටයුතු කර ඇති අතර රුවන් කොස්තා කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබේ. මෙහි කතාවද සදේෂ් කුමාර්ගෙනි. දෙබස් හා තිර රචනය අනුර ඒකනායකගේය. මහේෂ් දෙනිපිටිය සංගීත අධ්‍යක්ෂණය සඳහා දායකත්වය සපයා ඇත නර්ථන අධ්‍යක්ෂණය ඉන්දියානු ශිල්පී ශ්‍රීධරන් සහ ගයාන් ශ්‍රීමාල් විසින් සිදු කොට ඇත. කලා අධ්‍යක්ෂණය මංජුල අයගම විසින් සිදු කොට ඇති අතර සටන් අධ්‍යක්ෂණය ටෙඩී විද්‍යලංකාර සහ ඉන්දියානු සටන් ශිල්පී පීටර් හෙයින් යන දෙදෙන විසින් සිදු කොට ඇත. ඇඳුම් නිර්මාණ මයිකල් විජේසූරිය සහ සුමති කුඩලිගමගෙනි.

අලංකාර ගීත රැසක් අඩංගු වන මෙහි ගී පද රචනයෙන් නිලාර් එන්. කාසිම්, වසන්ත දුක්ගන්නාරාළ සහ නන්දන වික්‍රමගේ, ගී තනු නිර්මාණයෙන් මහේෂ් දෙනිපිටිය හා ඉරාජ් වීරරත්නද ගායනයෙන් රූකාන්ත ගුණතිලක, චම්පා කල්හාරි, සුරේන්ද්‍ර පෙරේරා සහ ශිහාන් මිහිරංග,නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ශානක පොන්නම්පෙරුම සුපර් සික්ස් චිත්‍රපටයට දායකත්වය සපයා තිබේ. සුපර් සික්ස් D T S සහ සිනමාස්කෝප් තාක්ෂණයෙන් නිපදවන ලද චිත්‍රපටයකි. මේ සඳහා අති නවීන කැමරා තාක්ෂණය යොදා ගෙන ඇති බව ද සඳහන්ය.

Top Critic Reviews

Cast and Crew

රංගනය-සනත් ගුණතිලක,මහේන්ද්‍ර පෙරේරා,රොෂාන් රණවන,සාරංග දිසාසේකර,දුලීකා මාරපන,මැණිකේ අත්තනායක,පබෝධා සංදීපනී,අරුණි රාජපක්ෂ, මාලිකා සිරිසේනගේ,පුබුදු චතුරංග,චිත්‍රා වරකාගොඩ,ප්‍රියන්ත සෙනෙවිරත්න,රොඩ්නි වර්ණකුල,ඇන්ටන් ජූඩ්,ජීවන් හඳුන්නෙත්ති,සරත් කුලාංග,ජනේෂ් සිල්වා,සුනෙත් චිත්‍රානන්ද,හේමාල් රණසිංහ,ශ්‍රීමාල් සත්‍යජිත්,සමන් ඒකනායක,එරංග ජීවන්ත,සමන් හේමරත්න

අධ්‍යක්ෂණය – උදාර පල්ලියගුරු

නිෂ්පාදනය   -සදේෂ් කුමාර් හා ශ්‍රීමතී සදේෂ් කුමාර්

දෙබස් හා තිර රචනය-අනුර ඒකනායක

සහය අධ්‍යක්ෂණය- ඩොනල්ඩ් ජයන්ත

සංස්කරණය -ඒ රාමනායක,ඇන්තනි(ඉන්දියාව)

සංගීතය -මහේෂ් දෙනිපිටිය සහ ඉරාජ් වීරරත්න

කලා අධ්‍යක්ෂණය- මංජුල අයගම

සිනමාත්මක ඡායාරූපකරණය – මහේෂ් නිශාන්ත

නිෂ්පාදන සම්බන්ධීකරණය-ශානක පොන්නම්පෙරුම

කැමරාකරණය – රුවන් කොස්තා

ඇඳුම් නිර්මාණය- මයිකල් විජේසූරිය සහ සුමති කුඩලිගම

පද රචනා -නිලාර් එන්. කාසිම්, වසන්ත දුක්ගන්නාරාළ සහ නන්දන වික්‍රමගේ

ගායනය – රූකාන්ත ගුණතිලක, චම්පා කල්හාරි, සුරේන්ද්‍ර පෙරේරා සහ ශිහාන් මිහිරංග

සටන් අධ්‍යක්ෂණය-ටෙඩී විද්‍යලංකාර සහ ඉන්දියානු සටන් ශිල්පී පීටර් හෙයින්

Buy Tickets Online

Tab 3 content goes here. You can add as many tabs as you want using this technique.

 


 

Share

About the Author

Cinema.lk A


  • A

    melo rahak natha boka godaki.udara hath pole goo ga gena atha.

  • kasun

    යකෝ…මේවා ඉන්දියාවේ එකෙක් එහෙම බැලුවොත් අපිට පු*නුත් එක්ක හිනාවෙයි…මේවා බලන්න යන අපිට ගහන්න ඕනි.මම බලපු ගොන්ම ෆිල්ම් එකක් මේ..

  • davy johnes

    wanija cinamawe malakuna hooooooooooo

  • Amalka

    අයියෝ සල්ලි ! මේකට වියදම් කරපු සල්ලි ! මෙලෝ රහක් නැති, පට්ටම පදිරි ෆිල්ම් එකක් මේක.මම බලපු ෆිල්ම් හෝල් එකේ හිටපු හැමෝම ඉවර උනාම කීවේ අපරාදේ මේක බලන්න ආවේ කියලා.මේක අර කියනවා වගේ වාණිජ සිනමාවේ මලකුණ..