Sri Lanka's Best Cinema Portal

 


Suseema – සුසීමා

1
Posted May 26, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3.5/ 5

Quick Stats

 
Director:
 
Actors: , ,
 
Producer:
 
Composer:
 
Release Date: 2011-08-26
 
Story Line: සංගීතයට බොහෝ සෙයින් ආදරය කළ ගැටවරයන් දෙදෙනෙකු හා සොඳුරු රුවැත්තියක් වටා දිවෙන අපුර්ව ආදර අන්දරයකි සුසීමා.එක්තරා දිනයක රංග හා අසේල මුහුදු වෙරළක් අසල තමන්ගේ සංගීත ජීවිතය ගැන කතා කරමින් සිටියි.මුදල් නොමැති කමින් හා ධනවත් ව්‍යාපාරිකයන් ගේ වංචා සහගත වැඩ නිසා තමන්ට සිදුව තිබෙන දේ ගැන කතා කරමින් සිටින විට මොවුන් ගේ කතාව ඇසුණු ධනවත් ව්‍යාපාරිකයෙකු ඔවුන් දෙදෙනා අසලට පැමිණ ඔවුන් සමඟ සුහඳ කතා බහකට මුල පුරයි.එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ දි සුරදේව නම් එම ව්‍යාපාරිකයා ඹවුන් දෙදෙනාට උදව් කිරීමට කැමැත්ත පළ කරයි.මේ ලෙසින් දිග හැරෙන සුසීමා,සුරදේවගේ රූමත් දියණිය සුසීමා හා රංග ගේ ආදර කතා වෙනුත්,අසේල ගේ කෙළිලොල් ජිවිතයෙනුත්,හැඩගැන්වෙමින් ඉඳිරියට ගලා යයි.
 

Positive:

චිත්‍රපටය පුරාවටම කුතුහලය රඳවා ගැනිමට සමත්ව ඇත.
 

Nagetive:

අවසානය ප්‍රාථමික අයුරින් කර ඇත.සිනමාත්මකභාවය සමහර රූප රාමු තුළ දක්නට නොලැබේ.
 
Small Description

සංගීතයට බොහෝ සෙයින් ආදරය කළ ගැටවරයන් දෙදෙනෙකු හා සොඳුරු රුවැත්තියක් වටා දිවෙන අපුර්ව ආදර අන්දරයකි සුසීමා.

by Cinema.lk A
Full Article

70 දශකයේ ලේක්හවුස් ප්‍රකාශනයක් වූ සතුට පත්‍රයේ පළ වූ ජනප්‍රිය චිත්‍ර කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ සුසීමා චිත්‍රපටය රොහාන් වැලිවිටගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.1987 වර්ෂයේ දී සුසීමා නමින් රොහාන් වැලිවිට අතින් ටෙලි නාට්‍යයක් නිර්මාණය වූ අතර එය දේශමාන්‍ය ආචාර්ය ඒ. එස්. පී. ලියනගේ ගේ නිෂ්පාදනයකි. ඉන් වසර විසි හතරකට පසු සුසීමා චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සිදු වන්නේ මේ දෙපොළගේ අතින් වීම සුවිශේෂීතාවයකි.රොහාන් වැලිවිටගේ සොඳුරු සිනමා රංග කාර්යයක් වූ සුසීමා හි සුරාජ් මාපා, පබෝධා සන්දීපනී, සාරංග දිසාසේකර, රොබින් ප්‍රනාන්දු, කපිල සිගේරා, දුෂ්මන්ත ප්‍රසාද්, නිරෝෂා තලගල රංගනයෙන් දායක වෙති. සුසීමා හි නළු නිළි කැල සුන්දර කරන්නේ වේෂ නිරූපණ ශිල්පී තිලක් රත්නායකයි.

අනූෂ ජයවර්ධනගේ සහ සුනෙත් කැලුම් ගේ සංස්කරණයෙන් ද, දිනේෂ් විජේසිංහගේ නිෂ්පාදන කළමනාකරණයෙන්ද,සම්මානනීය සංගීතවේදී නිමල් මෙන්ඩිස්ගේ සංගීත නිර්මාණයෙන්ද, රජීව් සෙබස්තියන්, කේ. සුජීවා, මරියසෙල් ගුණතිලක, සාරංග දිසාසේකරගේ මියුරු ස්වරයෙන්ද සුසීමා හැඩගැන්වෙති. ගී පද සෝමපාල ලීලානන්ද සහ රජීව් සෙබස්තියන්ගෙනි. ශබ්ද පරිපාලන කටයුතු සුනෙත් කැලුම් ගෙනි. කලා අධ්‍යක්ෂණයෙන් ජනක සී. ඉනිමන්කඩ ද කැමරා අධ්‍යක්ෂණයෙන් දිනේෂ් ප්‍රසංග සහ බුද්ධික මංගල ද සහාය වෙති.

ජනක රත්නායකගේ කතාව සුසීමා නමින් සිනමාපටයට නැඟීමේදී නිෂ්පාදනයෙන් දායක වන්නේ ඒ. එස්. පී. ලියනගේය. දෙබස්, තිර රචනය, සම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය රොහාන් වැලිවිටගෙනි.මෙය ෆයින් විෂන් ආයතනයේ ඉදිරිපත් කිරීමකි.

Top Critic Reviews

Cast and Crew

රංගනය-සුරාජ් මාපා, පබෝධා සන්දීපනී, සාරංග දිසාසේකර, රොබින් ප්‍රනාන්දු, කපිල සිගේරා, දුෂ්මන්ත ප්‍රසාද්, නිරෝෂා තලගල.

අධ්‍යක්ෂණය/තිර රචනය/සම නිෂ්පාදනය -රොහාන් වැලිවිට.

කතාව-ජනක රත්නායක.

දෙබස්-රොහාන් වැලිවිට,ජනක රත්නායක

නිෂ්පාදනය   -ඒ. එස්. පී. ලියනගේ

විධායක නිෂ්පාදනය-නුවන් වැලිවිට

සහය අධ්‍යක්ෂණය- කණිෂ්ක බණ්ඩාර

සංස්කරණය – අනූෂ ජයවර්ධන සහ සුනෙත් කැලුම්

සංගීත අධ්‍යක්ෂණය – නිමල් මෙන්ඩිස්

කලා අධ්‍යක්ෂණය-  ජනක සී. ඉනිමන්කඩ

වේෂ නිරූපණ ශිල්පී-තිලක් රත්නායක

කැමරාකරණය – දිනේෂ් ප්‍රසංග සහ බුද්ධික මංගල

පද රචනා – සෝමපාල ලීලානන්ද සහ රජීව් සෙබස්තියන්

ගායනය – රජීව් සෙබස්තියන්, කේ. සුජීවා, මරියසෙල් ගුණතිලක, සාරංග දිසාසේකර

ශබ්ද පරිපාලන-සුනෙත් කැලුම්

නර්තන නිර්මාණය-නදීරා චන්ද්‍රමාලි

Buy Tickets Online

Share

About the Author

Cinema.lk A


  • kasun

    මේකත් අර සුපර් සික්ස් වගේ වැඩකට නැති එකක් නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා.