Sri Lanka's Best Cinema Portal

 


Sweet Angel – ස්වීට් ඒන්ජල්

0
Posted May 22, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

4/ 5

Quick Stats

 
Director:
 
Actors: ,
 
Producer: ,
 
Composer: ,
 
Release Date: 2011-07-08
 

Positive:

මෙම චිත්‍රපටය වානිජ සිනමාවේ පැවතිය හැකි සියලුම අංගෝපාංගවලින් සමන්විතය. මනහර දර්ශන තල. මනහර ගීතමය ජවනිකා හා මනහර සංගීතය මේ සඳහා උපරිමයෙන් දායක කරගෙන ඇත. උදයකාන්ත වර්ණසූරියගේ චැලෙන්ජර්ස් චිත්‍රපටය හා සසඳන කල එරංග සේනාරත්නගේ ස්වීට් ඒන්ජල් චිත්‍රපටය ඉදිරියෙන් සිටියි.
 

Nagetive:

අධ්‍යක්ෂකවරයාට වගේම ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයටත් මේ චිත්‍රපටය වඩාත් සුදුසු වන්නේ කුමන ප්‍රේක්ෂක පරාසයකටද යන්න තිරණය කිරිමට නොහැකිව තිබිම.
 
Small Description

“සුරඟනකට පෙම් බැඳි සමනලයෙකුගේ අනුවේදනීය කතාවක්….

by Cinema.lk A
Full Article

‘සුර යහන ගිනි ගනී’, ‘ගිනි ගත් මධුසමය’, ‘රෝස පැටික්කී’, ‘සිනාසුනා ආදරෙන්’ නම් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ එරංග සේනාරත්නගේ නවතම චිත්‍රපටය වන්නේ් ‘ස්වීට් ඒන්ජල්’ය.

සුරේෂ් ගමගේ සමඟ සිනමාවට හඳුන්වා දෙන දීපා චන්දි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත මවති. ලංකාවෙහි ඉපදී ඕස්ට්‍රේලියාවේ හැදී වැඩුණු දීපා තම අධ්‍යාපන කටයුතුවලින් පසුව ඉන්දියාවේ පදිංචිව සිටින්නීය.

ඕ මූම්බායි චිත්‍රපට නිළියකි. මානෙල් වානගුරු, සුසාන් ප්‍රනාන්දු, වසන්ත කුමාරවිල, සංජු රොඩ්රිගෝ, බිම්සත් ගේ කුලරු ද (ළමා නළු) රොහානි වීරසිංහ, සරත් කුලාංග, අනූෂා රාජපක්ෂ, කපිල සිගේරා, නිල්මිණි කෝට්ටෙගොඩ, ගිහානි අමරසේන ඇතුළු රංගන ශිල්පීහු මෙහි රංගනයෙන් සහාය වෙති.

‘ස්වීට් ඒන්ජල්’ දයා සූරියආරච්චිගේ කැමරාකරණයෙන් හැඩ වී ඇත. ප්‍රසාද් වීරප්පෙරුම කලා අධ්‍යක්ෂණයෙන් ද, පුෂ්පකුමාර බණ්ඩාරගම අංග රචනයෙන් හා කොණ්ඩා මෝස්තරයෙන් මේ චිත්‍රපටය සරසයි.

නිෂ්පාදන කළමනාකරණයෙන් ලොයිඩ් ජානකත්, සහාය අධ්‍යක්ෂණයෙන් කණිෂ්ක බණ්ඩාර සමඟ මහේෂ් ඉන්දිකත්, සංස්කරණයෙන් විරංග කැටපේ ආරච්චිත් සහාය වන ස්වීට් ඒන්ජල් හි ගේය පද උපාලි බණ්ඩාර වීරසේකර, සේන ලියනගේ, ඩිනලි සේනාරත්නගේය. පළමුවරට සුරේෂ් ගමගේ සිනමා ගායනයෙන් පෙරට එන්නේ ස්වීට් ඒන්ජල් චිත්‍රපටයෙනි.

විශාරද අභිෂේකා විමලවීර මෙන්ම විශාරද සුරංගි ශ්‍යාමලී සමඟ ප්‍රබුද්ධ ගීතරුචි චිත්‍රපටයෙහි ගී ගයති. චිත්‍රපට ගීත සඳහා සංගීත නිර්මාණය ලස්සන ජයසේකර, මාධව හේවාවසම්, ප්‍රබුද්ධ ගීතරුචි සිදු කරන අතර පසුබිම් සංගීතය මාරියස් ප්‍රනාන්දු සමඟ සංඛ දිනෙත්ය. ලයනල් චිත්‍රපට වෙනුවන් සුසාන් ටී. ප්‍රනාන්දු ස්වීට් ඒන්ජල් නිෂ්පාදනය කරයි

Top Critic Reviews

““සුරඟනකට පෙම් බැඳි සමනලයෙක්” කිව් පමණින් අපට හැගෙනුයේ මායාව හා සැහැල්ලුවයි. සුරඟන වනාහි හුදු මායාවක්ම පමණි. සමනලයා යනු අහිංසක සිත සනහන දැකුම්කළු, වර්ණවත් ස්පර්ශ වූ සැනින් ජීවිතක්ෂයට පත්වන කෘමි සත්වයෙකි. එරංග සේනාරත්නගේ සිනමා ෆැන්ටසිය වූ ස්වීට් ඒන්ජල් හි තේමා පාඨය නම් කොට ඇත්තේ මා ඉහතින් සඳහන් කළ පරිදිය. ඇත්තෙන්ම එය චිත්‍රපටයට උචිත වූ තේමා පාඨයකි. ෆැන්ටසි යනු මනඞකල්පිත අරුම පුදුම යන්නයි. එරංග සේනාරත්න ෆැන්ටසි සිනමාව යනුවෙන් හුවා දක්වන්නේ මෙවන් අරුම පුදුම කතාවක් මේ පොළෝ තලය මත සිදුවිය නොහැකි යැයි ඔහු විශ්වාස කරන නිසාය.

මලින්ද ලක්මාල් ද සිල්වා.

Cast and Crew

රංගනය-දීපා චන්දි,සුරේෂ් ගමගේ,වසන්ත කුමාරවිල, මානෙල් වානගුරු, සුසාන් ප්‍රනාන්දු, සංජු රොද්‍රිගෝ, බිම්සත් ගේ කුලරු (ළමා) රොහානි වීරසිංහ, සරත් කුලාංග, අනූෂා රාජපක්ෂ, කපිල සිගේරා, නිල්මිණි කෝට්ටේගොඩ, ගිහානි අමරසේන.

අධ්‍යක්ෂණය/තිර රචනය/දෙබස් –එරංග සේනාරත්න

නිෂ්පාදනය   – සුසාන් ටී. ප්‍රනාන්දු,ලයනල් චිත්‍රපට

සහය අධ්‍යක්ෂණය- කණිෂ්ක බණ්ඩාර, මහේෂ් ඉන්දික

සංස්කරණය – විරංග කැටපේආරච්චි

පසුබිම් සංගීත අධ්‍යක්ෂණය – මාරියස් ප්‍රනාන්දු, සංඛ දිනෙත්

සංගීත නිර්මාණයලස්සන ජයසේකර, මාධව හේවාවසම්

කලා අධ්‍යක්ෂණය- ප්‍රසාද් වීරප්පෙරුම

අංගරචනය/කොන්ඩා මෝස්තරපුෂ්පකුමාර බණ්ඩාරගම

නිෂ්පාදන කළමනාකරණය –ලොයිඩ් ජානක

කැමරාකරණය – දයා සූරියආරච්චි.

නිෂ්චල ඡයාරුප-අනිල් මල්ලව ආරච්චි.

සටන් අධ්‍යක්ෂණය-වසන්ත කුමාරවිල.

පද රචනා – උපාලි බණ්ඩාර වීරසේකර, සේන ලියනගේ, ඩිනලි සේනාරත්න

ගායනය – විශාරද අභිෂේකා විමලවීර, විශාරද සුරංජි ශ්‍යාමලී,සුරේෂ් ගමගේ.

නැටුම් අධ්‍යක්ෂණය-සංඛ ප්‍රසාද්

Buy Tickets Online

Share

About the Author

Cinema.lk A