Sri Lanka's Best Cinema Portal

 


Abhinikmana – අභිනික්මන

0
Posted February 12, 2013 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3/ 5

Quick Stats

 
Director:
 
Actors: , ,
 
Producer:
 
 
Small Description

පිටිසරබදව පිහිටි විහාරස්‌ථානයක වැඩ වෙසෙන බුද්ධදස්‌සී සාමණේරයන් වහන්සේ ස්‌වකීය අබල දුබල මව්පියන් කෙරෙහි නිරන්තරයෙන්ම බැඳුණු සිතින් යුතුව පසුවෙයි. රූපස්‌වභාවයෙන් හෙබි තිස්‌ දෙහැවිරිදි උන්වහන්සේ මවත්, පියාත් රෝග පීඩාදියෙන් පෙළෙන්නට වන කල නිවසට පැමිණ ඇප උපස්‌ථානයෙහි යෙදීමට එහි රැඳී සිටියි. මෙවැනි කාරණා හේතුවෙන් බුද්ධදස්‌සී සාමණේරයන් වහන්සේට විහාරස්‌ථානයේ රැඳී සිටීමේ ඉඩකඩ ඇහිරී යයි. බණ දහම් උගෙනීමට ඇති කාලය […]

by Cinema.lk A
Full Article

පිටිසරබදව පිහිටි විහාරස්‌ථානයක වැඩ වෙසෙන බුද්ධදස්‌සී සාමණේරයන් වහන්සේ ස්‌වකීය අබල දුබල මව්පියන් කෙරෙහි නිරන්තරයෙන්ම බැඳුණු සිතින් යුතුව පසුවෙයි. රූපස්‌වභාවයෙන් හෙබි තිස්‌ දෙහැවිරිදි උන්වහන්සේ මවත්, පියාත් රෝග පීඩාදියෙන් පෙළෙන්නට වන කල නිවසට පැමිණ ඇප උපස්‌ථානයෙහි යෙදීමට එහි රැඳී සිටියි.

මෙවැනි කාරණා හේතුවෙන් බුද්ධදස්‌සී සාමණේරයන් වහන්සේට විහාරස්‌ථානයේ රැඳී සිටීමේ ඉඩකඩ ඇහිරී යයි. බණ දහම් උගෙනීමට ඇති කාලය අප්‍රමාණ ලෙස සීමා වෙයි. ධර්ම ඥනය ලබා ගැනීමේ අරමුණ ඇතිව ගිහියකු විමසන පැනයනට නිවැරැදිව පිළිතුරු සැපයීමට උන්වහන්සේ අපොහොසත් වෙයි. එපමණකුදු නොව උන්වහන්සේ අසරණ භාවයට සහ ලඡ්ජාවට පත්වෙයි. බුද්ධදස්‌සී හිමි කාරුණික වූවද, පරිත්‍යාගශීලී වුවද විහාරස්‌ථානයේ නාහිමියන්ගේ දෝෂ දර්ශනයට පාත්‍රවෙයි.

එහෙත් එහිමියෝ ප්‍රඥව, කරුණාව, මෛත්‍රිය, ඉවසීම සහ පරිත්‍යාගය යන ගුණාංග මනාකොට ප්‍රකට කරවයි. බුද්ධදස්‌සී හිමියන්ගේ නිවසට පෙනෙන නොපෙනෙන මානයේ ඇති නිවසක වෙසෙන සීදේවී, ඇතැම් දිනයන්හි මෙහි යයි. එයි. යහපත් රූමත් ඇය උමතු රෝගින්ට ප්‍රතිකාර සිදු කරන පාරම්පරික වෛද්‍යවරයකුගේ දියණියකි. අශීලාචාර දඩබ්බර ගති පැවතුම්වලින් තොර වූ ඇය, බුද්ධදස්‌සී හිමි කෙහෙරි ආලවන්ත සිතක්‌ ඇති කරගත් නමුත් කිසිදු විටෙක එය වචනයෙන් ප්‍රකාශ නොකරයි. එහෙත් ඇගේ හැඟීම් අවබෝධ කරගන්නා බුද්ධදස්‌සී හිමි සංඝ භූමිකාවේ ගෞරවයට අබමල් රේණුවක හෝ කිළුටක්‌ ඇති නොවන ආකාරයෙන් තම ඇවතුම් පැවතුම් පවත්වාගෙන යයි. උන්වහන්සේ ඉන්ද්‍රකීලයක්‌ සේ නොසැලෙන මනසින් පසුවෙයි. ඉනික්‌බිතිව මේ ගිහි පැවිදි සමාජය අතර කුමක්‌ සිදු වන්නට ඇතිද? කුමක්‌ සිදු වුවද එය ඔබට නුදුරේදීම දැක බලාගත හැකිය. “අභිනික්‌මන” ඒ සියල්ලටම පිළිතුරු ඔබට පසක්‌ කරනු ඇත.

Cast and Crew

රංගනය-නීටා ප්‍රනාන්දු, සචිනි අයේන්ද්‍රා මහීපාල, අනූෂා රාජපක්ෂ, ධනු, දමිතා අබේරත්න, දිනුලි මල්ලවාරච්චි, ඩබ්ලිව්. ජයසිරි, ජීවන් කුමාරතුංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමින්ද පෝරගේ, ජානකී විජේරත්න, ශ්‍රියාණි කොඩිතුවක්කු, නන්ද මහවත්ත, සංජීවනී වීරසිංහ, නිලන්ති විජේසිංහ, සරත් කොතලාවල, බුද්ධික ජයරත්න, වීණා ජයකොඩි, වෛද්‍ය ආනන්ද ගුණසේකර, අසේල ජයකොඩි, සංජීව දිසානායක, කුමා අත්තනායක

කතාව, දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය – හෙක්ටර් කුමාරසිරි

නිෂ්පාදනය – සරත් සුභසිංහ, නිමල් චන්ද්‍රසිරි, සුරංග විජේරත්න, දිනේෂ් රංජන්

විධායක නිෂ්පාදනය – නිමල් චන්ද්‍රසිරි

කැමරා අධ්‍යක්ෂණය හා නිශ්චල ඡායාරූප – නිමල් නාකලන්ද

සංස්කරණය – එම්. එස්. අලිමාන්

ප්‍රධාන සහාය අධ්‍යක්ෂණය හා නිෂ්පාදන සැලසුම්කරණය – යසලාල් ලියනගේ

සහාය අධ්‍යක්ෂණය – ප්‍රසන්න ගුණතිලක, නිමල් චන්ද්‍රසිරි

සංගීත නිර්මාණය, මෙහෙයවීම හා තේමා ගීතය
ගායනය – කථිකාචාර්ය ශාස්ත්‍රපති නිමන්ත හේෂාන්

සහාය ගායනය – දහම් පතිරණ, සුබුද්ධි ලක්මාලි

සංගීත සංකලනය – හා සංයෝජනය – එල්. බිමල් ගුණතිලක

තේමා ගීතය රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න

තේමා ගීතය රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න

දළ සේයා පට සැකසුම – දිනේෂ් ප්‍රියසාද්

ප්‍රචාරක කටයුතු – කස්සප මහේන්ද්‍ර

Top Critic Reviews

Now showing

සිනමා ශාලාව නගරය වේලාව විමසීම්
රීගල් කොළඹ 10.30 – 2.30 – 6.30 0112 – 432936
ලිඩෝ බොරුල්ල 10.30 – 2.30 – 6.30 0112 – 692717
ඕඩියන් ගල්කිස්ස 10.30 – 2.30 – 6.15 0112 – 725252
කන්ට්‍රාස් දළුගම 10.30 – 2.30 – 6.30 0112 – 915176
ඇමිටි ලයිට් මහරගම 10.30 – 2.30 – 6.15 2838737/0717 – 145766
නයෝමි ගම්පහ 10.30 – 2.30 – 6.15 0332 – 223743
චිත්‍රා කළුතර 10.30 – 2.30 – 6.15 0345 – 670993
රත්නාවලී ජා ඇල 11.00 – 2.30 – 6.30 0112 – 236406
රීගල් මහනුවර 10.30 – 2.30 – 6.30 0812 – 234404
රීගල් මීගමුව 10.30 – 2.30 – 6.30 0312 -222313
නිව් සිනමා මාතර 10.30 – 2.30 – 6.30 0412 – 222704
ප්‍රින්සස් ගාල්ල 10.30 – 2.30 – 6.30 0912 – 234706
මිලානෝ කෑගල්ල 10.30 – 2.30 – 6.30 0352 – 221222
නිව් ධනසිරි වරකාපොළ 10.30 – 2.30 – 6.30 0771 – 598730
මහ ලේකම් කුලියාපිටිය 10.30 – 2.30 – 6.30 0715 – 264057
විජේන්ද්‍ර අනුරාධපුර 10.30 – 2.30 – 6.30 0714 – 199273
නිව් ඉම්පිරියල් රත්නපුර 10.30 – 2.30 – 6.30 0452 – 222417
නිව් ඉම්පීරියල් කුරුණෑගල 10.30 – 2.30 – 6.00 0372 – 222337
නිව් ඉම්පීරියල් අවිස්සාවේල්ල 10.30 – 2.30 – 6.00 0362 – 222306
දුල්මිණි හොරණ 10.30 – 2.30 – 6.30 0342 – 261378
හරිස්චන්ද්‍ර කිරිඳිවැල 10.30 – 2.30 – 6.30 0777 – 194822
ආනන්ද ගම්පොළ 10.30 – 2.30 – 6.30 0815 – 720485/0779 – 798867

abhinikmanaabhinikmanaabhinikmanaabhinikmana

Share

About the Author

Cinema.lk A