Sri Lanka's Best Cinema Portal

 

Address Na – ඇඩ්‍රස් නෑ

0
Posted November 30, 2015 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3.5/ 5

සිනමාවට කැමති අය ඉන්නවා,ආදරේ කරන අය ඉන්නවා,සිනමාව ගැන ලියන අය ඉන්නවා,කතා කරන අය ඉන්නවා,සිනමාවෙන් යැපෙන අය ඉන්නවා..මේ වගේ නම් කරගන්නටත් බැරි අතිවිශාල වු පිරිසක් අතරේ සිනමාව ආත්මය කරගත් කිහිපදෙනෙක් ඉන්නවා.පෙර කියු අය බොහෝ ඇතත් මේ වගේ අය නම් ඉන්නේ බොහෝම ටිකයි.කොටින්ම කියනවා නම් මේ වගේ අයගේ ඇගේ දුවන්නේ ලේ නෙවෙයි සිනමාවයි.

අන්න එහෙම සිනමාව ආත්මය කරගත්තු එක සුන්දර මනුස්සයෙක් ඉන්නවා.ඔහුට අපි කතා කරන්නේ ජැකා කියලා.ටිකක් විතර ශිෂ්ඨ වුනොත් ජැක්සන් ඇන්තනී කියනවා.ඔහු කරපු අලුත්ම වැඩේ තමයි “ඇඩ්‍රස් නැ“ කියන්නේ..

චිත්‍රපටය ගැන….

චිත්‍රපටය නම “ඇඩ්‍රස් නෑ“..ජැකා කියන විදියට මේක රස්තියාදුකාර වචනයක් වුනාට මේ නිර්මාණය මෙරට රස්තියාදුකාර සිනමාව ආයි වතාවක් හරිපාරේ යවාවී.මේ චිත්‍රපටයේ වස්තු විෂය වෙන්නේ,අම්මෙක් අප්පෙක් නැති,අතීතයක් අනාගතයක් නැතී,හරි හමන් කෑමක් බීමක් නැති,ඇඳුමක් පැළදුමක් නැති,කොටින්ම කියනවා නම් ඇඩ්‍රස් නැති මිනිසුන්ගේ ජීවිතයයි.මේ චිත්‍රපටයට ඇත්තටම කලා ලෝකයේ වැඩ්ඩන් යැයි සම්මත ගොඩාක් දෙනෙක් දායකත්වය සපයනවා.මහේන්ද්‍ර,කමල්,සබීතා,රෝෂාන්,බිමල්,චන්න දේශප්‍රිය,සුනිල් ආරියරත්න,රෝහණ වීරසිංහ,ප්‍රවීන් ජයරත්න,නිරෝෂා,ගයාන් පෙරේරා…මේ වගේ අපුරු මිනිසුන් කණ්ඩායමකගේ සාමුහික ප්‍රයත්නයක් තමයි මේ.මේ චිත්‍රපටයට බර පැන දරලා තියෙන්නේ ජනිත…ජනිත මාරසිංහ.

පහලින් තියෙන්නේ චිත්‍රපටයේ පුර්වප්‍රචාරක පටය

 

 

Photo Credit – Deva Jayawardena

Share

About the Author

Cinema.lk