Sri Lanka's Best Cinema Portal

 

ඇහැළේපොළ කුමාරිහාමි – Ahelepolakumarihami

0
Posted September 16, 2014 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3/ 5

Quick Stats

 
Director:
 
Actors: ,
 
Producer:
 
 
Release Date: 2014-08-01
 
Small Description

1814 කන්ද උඩරට ශ්‍රී වික්‍රමසිංහ රාජ්‍ය පාලන සමයේ රාජ සභාවේ සිටි ඇහැළේපොළ මහදිසාව හා රජු අතර ඇති වු ගැටුමක් මුල් කරගනිමින් ඇහැළේපොළ කුමාරිහාමි සිනමාපටය දිගහැරේ. ඉංග්‍රීසි ජාතිකයන් පහතරට පාලනය කරන වකවානුවේ රජුගේ ඉල්ලීම පරිදි ඇහැළේපොළ නිළමේ සබරගමුව භාර දිසාවේ ලෙස තම රාජකාරිය භාරගනී.කාර්යශුර මෙන්ම රණකාමී රාජ්‍ය නිලධාරියෙකු වන ඇහැළේපොළ නිළමේ සබරගමුවේ කෘෂිකර්මාන්තය ඉතාමත් දියුණු තත්වයට […]

by Cinema.lk A
Full Article

1814 කන්ද උඩරට ශ්‍රී වික්‍රමසිංහ රාජ්‍ය පාලන සමයේ රාජ සභාවේ සිටි ඇහැළේපොළ මහදිසාව හා රජු අතර ඇති වු ගැටුමක් මුල් කරගනිමින් ඇහැළේපොළ කුමාරිහාමි සිනමාපටය දිගහැරේ.

ඉංග්‍රීසි ජාතිකයන් පහතරට පාලනය කරන වකවානුවේ රජුගේ ඉල්ලීම පරිදි ඇහැළේපොළ නිළමේ සබරගමුව භාර දිසාවේ ලෙස තම රාජකාරිය භාරගනී.කාර්යශුර මෙන්ම රණකාමී රාජ්‍ය නිලධාරියෙකු වන ඇහැළේපොළ නිළමේ සබරගමුවේ කෘෂිකර්මාන්තය ඉතාමත් දියුණු තත්වයට ගෙන එමින් රජතුමාගේ නොමඳ ගෞරවයට සහ ප්‍රසාදයට පත්වේ.ඒ හරහා ඇහැළේපොළ කාර්යශුර බවට ඇගයුම් පැසසුම් මෙන්ම තාන්න මාන්න ද රජුගෙන් ලැබේ.

මෙම ක්‍රියාවලිය දෙස ඊර්ෂ්‍යා සහගත නෙතින් බලා සිටින මොල්ලිගොඩ මුල්ලේගම,අරිට්ඨ වැනි රාජසභිකයන් රජු සහ ඇහැළේපොළ බිඳ වීමට සුක්ෂම සැලසුමක් දියත් කෙරේ

ඇහැළේපොළ පහතරට ඉංග්‍රීසින් හා එක්ව සංවිධාන ගත වී උඩරට ආක්‍රමණය කොට රට අල්ලා ගැනීමේ මෙහෙයුමක නියැලී ඇති බවට මේ ඇහැළේපොළ විරුද්ධවාදීන් රජුට ඒත්තු ගන්නවයි.

ඉංග්‍රීසින්ගේ මත්පැන්වලට තදින් ඇබ්බැහි වී සිටින රජු,බමන මතින් මේ සියල්ල විශ්වාස කරයි.

මේ සිදුවීමෙන් අනතුරුව ඇහැළේපොළ රාජසභාවේ පෙනී සිටිය යුතු බවට රජු විසින් ආඥාපත්‍ර යැවුවද මොල්ලිගොඩ මුල්ලේගම සහ අරිට්ඨ එක්ව එම හසුන ඔහුට ලැබීම වළක්වා රජු සහ ඇහැළේපොළ නිළම් අතර වු ගැටුම තවත් තීව්‍ර කරයි.

අධ්‍යක්ෂණය සහ තිර රචනය – සුගත් සමරකෝන්

නිෂ්පාදනය – ගයාන් රණධීර

කැමරා අධ්‍යක්ෂණය – චන්දන ජයසිංහ

නිෂ්පාදන කළමනාකරණය – ශ්‍රී ලාල් වික්‍රමගේ

දෙවන සහය අධ්‍යක්ෂණය – ජානක භද්‍රසුරිය

තුන්වන සහය අධ්‍යක්ෂණය – එරන්ද ජයවර්ධන

කලා අධ්‍යක්ෂණය – ධම්මික හේවාදුවත්ත

අංග රචනය – වසන්නත විට්ටච්චී

කොණ්ඩා සැකසුම – සරත් රණවීර

ඇඳුම් නිර්මාණය – වෙනුක වික්‍රමාරච්චී

සංස්කරණය – අජිත් රාමනායක

 

ඇහැලේපොළ කුමාරිහාමි රූ ගැන්වීමේදී සිදුවු අපුරු සිදුවීම්

 

ahelepola kumarihami (11) ahelepola kumarihami (12) ahelepola kumarihami (13) ahelepola kumarihami (14) ahelepola kumarihami (15) ahelepola kumarihami (16) ahelepola kumarihami (17) ahelepola kumarihami (18) ahelepola kumarihami (19) ahelepola kumarihami (20) ahelepola kumarihami (21) ahelepola kumarihami (22) ahelepola kumarihami (23) ahelepola kumarihami (24) ahelepola kumarihami (25) ahelepola kumarihami (1) ahelepola kumarihami (2) ahelepola kumarihami (3) ahelepola kumarihami (4) ahelepola kumarihami (5) ahelepola kumarihami (6) ahelepola kumarihami (7) ahelepola kumarihami (8) ahelepola kumarihami (9) ahelepola kumarihami (10)

1

 

2

3

4

5

Share

About the Author

Cinema.lk A