Sri Lanka's Best Cinema Portal

 


Angara dangara-අඟර දඟර

0
Posted June 27, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

2.5/ 5

Quick Stats

 
Director:
 
Actors: , , ,
 
Producer:
 
Composer:
 
Release Date: 2011-04-01
 
Story Line: “පාසලේ දීත් නිවෙසේ දීත් දඟකාරකම් කිරීමට ගොස් නොයකුත් අකරතැබ්බයන්ට මුහුණපාන දියණියක්,තම දරුවාගේ දඩබ්බරකම් හමුවේ අපහසුතාවන්ට මුහුණපාන මවුපිය යුවළක්,තම කර්කශ පරිපාලනය නිසා නොසිතූ ලෙස අනතුරුවලට මුහුණපාන නේවාසිකාගාර පාලිකාවක්,ගම්මානයක අසිරිය දැයටම බෙදා දුන් ආදරණීය ඇඳුරුතුමියක්” මේ සියල්ලන් හරහා දරුවාට, ඔබට, පවුලට හොඳ නොහොඳ හා ගුණ දහම් කියාදීමට දැරූ උත්සාහයක්.
 

Positive:

පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපටයකි...
 

Nagetive:

සමහර දර්හන වල ඒකාකාරි බවක් ඇත.
 
Small Description

“සීතල මීදුම් කඳු තීරේ
ඇතේ ඈත ඉමේ
කොවුලන්ගේ ගී නාදේ
පිනිවැසි මාලාවේ මුසු වේ”

by Cinema.lk A
Full Article

ගගනි නැමැති දැරියකගේ දඟකාරකම් මෙන්ම ගුණ යහපත්කම් ද විදහාපාන මෙම චිත්‍රපටයට විදුරංගි අයේෂා රචනා කළ “කැළඹුණු දිය” නවකතාව පාදක කර ගෙන තිබේ. අඟර දඟර නලින් රාජපක්ෂගේ කුලඳුල් සිනමා සිතුවමයි

අඟර දඟර චිත්‍රපටය සචිනි අයේන්ද්‍රා සහ ඉෂංග මහීපාල යුවළගේ නිපැයුමකි.

ජනපි‍්‍රය චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන දිනේෂ් පි‍්‍රයසාද්ගේ ළාබාලතම දියණිය වන ශනුද්‍රි ප්‍රියසාද් මෙහි ප්‍රධාන චරිතය රඟයි. සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, රොජර් සෙනෙවිරත්න, සුසිලා කෝට්ටගේ, සචිනි අයේන්ද්‍රා, කුමාර තිරිමාඳුර, නිල්මිණි කෝට්ටගොඩ, ජීවනී නිරූපා පෙරේරා, කෝෂිකා ජයවීර සහ සවින්ද්‍රා බස්නායක යන ප්‍ර‍්‍රවීණ සහ දක්‍ෂ නළු නිළියෝ මෙහි රඟති.

සහාය අධ්‍යක්‍ෂණය මෙන්ම දෙබස් හා තිර රචනයෙන් සුනිල් ප්‍රේමරත්න ද කැමරා අධ්‍යක්‍ෂණයෙන් නිමල් රෝසා ද වේශ නිරූපණයෙන් හෙන්රි ප්‍රේමරත්න ද සංස්කරණයෙන් ගිහාන් හසන්ත ද සංගීත අධ්‍යක්‍ෂණයෙන් විශාරද විජේසුන්දර වේරගොඩ ද, කලා අධ්‍යක්‍ෂණයෙන් ඇලෙක්සි ප්‍රනාන්දු ද, සහාය කලා අධ්‍යක්‍ෂණයෙන් ධම්මික පි‍්‍රයන්ත ද, නිෂ්පාදන කළමනාකරණයෙන් රාජා බාලසුරිය ද, පසුතල දර්ශන හා සම්බන්ධ කටයුතුවල දී කළමනාකරු වශයෙන් රංජිත් රූබන් ද ඇඳුම් නිර්මාණයෙන් අමිතා නන්දනී ද සිල්වා ද, ගීත රචනයෙන් ප්‍රවීණ ගීත රචක නන්දන වීරසිංහ ද ගැයුමින් උරේෂා රවිහාරි හා පුන්සරා වගසෙනෙවි (හඳුන්වා දෙන) හා රොජර් සෙනෙවිරත්න ද හඬකැවීම්වලින් ගිහාන් හසන්තද,නිශ්චල ඡායාරූපකරණයෙන් උපුල් නිශාන්ත ද අඟර දඟර සඳහා සම්බන්ධව සිටිති. ඩිල් ෆිල්ම්ස් ආයතනය අඟර දඟර සඳහා කැමරා උපකරණ සපයා ඇත.

Top Critic Reviews

Cast and Crew

රංගනය-ශනුද්‍රි ප්‍රියසාද්,සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, රොජර් සෙනෙවිරත්න, සුසිලා කෝට්ටගේ, සචිනි අයේන්ද්‍රා, කුමාර තිරිමාඳුර, නිල්මිණි කෝට්ටගොඩ, ජීවනී නිරූපා පෙරේරා, කෝෂිකා ජයවීර සහ සවින්ද්‍රා බස්නායක

අධ්‍යක්ෂණය-නලින් රාජපක්ෂ

නිෂ්පාදනය-සචිනි අයේන්ද්‍රා සහ ඉෂංග මහීපාල

කැමරාකරණය -නිමල් රෝසා

සංස්කරණය-ගිහාන් හසන්ත

සහය අධ්‍යක්ෂණය,දෙබස් හා තිර රචනය-සුනිල් ප්‍රේමරත්න

සංගීතය -විශාරද විජේසුන්දර වේරගොඩ

කලා අධ්‍යක්ෂණය-ඇලෙක්සි ප්‍රනාන්දු

වේශ නිරූපණය-හෙන්රි ප්‍රේමරත්න

නිෂ්පාදන කළමනාකරණය -රාජා බාලසුරිය

ඇඳුම් නිර්මාණය-අමිතා නන්දනී ද සිල්වා

ගායනය-උරේෂා රවිහාරි, පුන්සරා වගසෙනෙවි (හඳුන්වා දෙන) හා රොජර් සෙනෙවිරත්න

නිශ්චල ඡායාරූපකරණය-උපුල් නිශාන්ත

Buy Tickets Online

Tab 3 content goes here. You can add as many tabs as you want using this technique.

 

Share

About the Author

Cinema.lk A